Tuesday, May 26, 2020

ක්‍රිකට් කණ්ඩායමේ එක කුඩ්ඩට ගංජ තුනේ කල්ලියක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් කුඩු (හෙරෝයින් ) සමග අත්අඩංගුවට ගැනීම මේ වන විට ඔබ දන්නවා. එහි දිගුවක් වෙත යොමුවීමට අප තීරණය කළේ රටම හෙල්ලෙන තවත් අනාවරණයක් කරමින්. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තවත් ප්‍රධාන ක්‍රීඩකයන් තිදෙනෙකු මෙලෙස තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන සැකයක් ඇති බව පැවසීමයි. ඊට අමතරව දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් මෙලෙස තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකයක් පවතිනවා.

හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 ක් සන්තකව සිටි ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. එලෙස පොලිස් අත්අඩංගුවට පත්වූ  සැකකාර ශෙහාන් සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන දස්කම් දැක්වූවා ඔබට මතක ඇති.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. සැකකාර ශෙහාන් මදුශංක එක් එක්දින තරගයක් ක්‍රීඩා කර ලකුණු 26කට කඩුලු තුනක් දවාගෙන තිබෙනවා.

මෙලෙස දක්ශතා දැක්වූ ශෙහාන් කණ්ඩායමෙන් ඉවතට විසිවූයේ ආබාධයක් හේතුවෙන්. එම කාලයේදී ඔහු හෙරෝයින් මිතුරන්ගේ ආශ්‍රයට වැටී ඇති බව වාර්තා වනවා. කලක් පොලීසිය සිදුකළ විමර්ශන ප්‍රථිපල ලෙස ඔහුව මෙලෙස අත්අඩංගුවට පත්වූ බවයි පොලිස් තොරතුරු පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තවත් ප්‍රභල ක්‍රීඩකයන් මෙලෙස තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව අප ඇමතූ එක් ක්‍රීඩකයෙක් කියා සිටියා.

මාධ්‍යවේදියා - කොහොමද අයියා. ඔයාලගේ කෙනෙක් අන්න ලෙසක් දාන් දන්නවද ? 
ක්‍රීඩකයා - මට නම් අවුලක් නෑ කොල්ලෝ. කව්ද ? මොකක්ද බං වෙලා තියෙන්නේ ?
මාධ්‍යවේදියා - ශෙහාන් කුඩු එක්ක අහුවෙලා කියන්නේ.
ක්‍රීඩකයා - අප්ප. මම ඕකට කිව්වා. ටැමිල් යූනියන් ඉදල දැන් ගහන්නේ බදුරලියට.
මාධ්‍යවේදියා - ඔයාල දන්නවද අයියේ සීන් එක.
ක්‍රීඩකයා - මොකද බං දන් නැත්තේ. තව සෙට් එකක් ඉන්නවා බං.
මාධ්‍යවේදියා - කුඩු ගහන.
ක්‍රීඩකයා -  නෑ. උන් ගංජ ගහල වගේ ඉන්නේ. (සිනා වෙයි). පෙති එහෙම ගහන උන් ඉන්නව කියල හිතාගනින්කෝ.
මාධ්‍යවේදියා - කීයක් ඉන්නවද අයියේ ?
ක්‍රීඩකයා - උබ මේ බබා පාට් දාල මම කිව්ව කියල ලියයි. මම දන් නැද්ද උබ ගැන.
මාධ්‍යවේදියා - ඕකනේ. කටේ කෙල බිදක් කලන් නෑ. ඔයා එක්ක මම මේවද කලේ ?
ක්‍රීඩකයා - ඔන්න මම කිව්වේ නෑ. මම දන්නේ නෑ.
මාධ්‍යවේදියා - අපෝ හරි හරි.
ක්‍රීඩකයා - යකෝ අපේ මහ උන් නෙමෙයි. මේ ප්‍රිමියර් ( පළමු පෙළ ) ගහන උනුත් ඉන්නවා බං සෙට් එකක්. හොයන්න කව්රුත් නෑ. උන්ගේ මැනේජර්ලා සල්ලි ගන්නව විතරයි. ක්‍රීඩකයෝ ගැන හොයන්නේ නෑ. බෝඩ් එකෙත් පිස්සු කෙලින් උන්නේ ඉන්නේ. මම ඕව කියල අන්තිමට ඔක්කොටම වැරදිකාරයා වෙන්නේ මං.
මාධ්‍යවේදියා - එහෙම කියල බේරෙන්න ඔයාට බෑ.
ක්‍රීඩකයා - අනේ මේ හු..... මම කිව්ව කියල හිතා ගනින්. මට වැඩක් කොල්ලෝ. ටෙක්ස්ට් එකක් තියපන් අලුත් එකක් ආවොත්.

ඒ හඩපටය මෙසේ අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් කාබාසිනියා කිරීම පමණක් නොව ක්‍රීඩක සුභසාධනය පිලිබද සොයා බැලිය යුතුමයි. දේශීය ක්‍රිකට් තරග නියෝජනය කරන ක්‍රීඩකයන් හා ජාතික තලය නියෝජනය කරන ක්‍රීඩකයන් පිලිබද මීට වඩා අවධානය යොමු කිරීමට කාලයයි මේ. එසේ නොමැතිව බලය රැක ගැනීමට සෙල්ලම් දැමීම හා කොමිස් කුට්ටි ගැන පමණක් සොයනතුරු මෙරට ක්‍රිකට් ගොඩනැංවීම සිහිනයක් පමණක් වනු ඇති. රජය මැදිහත්ව අයාලේ යන ක්‍රිකට් ගාල් කිරීමට කාලය පැමිණ ඇති බවයි මෙම සියලු සිදුවීම් කියා පාන්නේ. 


No comments:

Post a Comment