• Breaking News

    අර්ජුන ක්‍රිකට් පරිපාලනයෙන් සමුගනී ?

    1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පසුගිය කාලයේ මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වුණා. ඒ ක්‍රිකට් බිද වැටීම වෙනුවෙන් කතාකළ ප්‍රධානම චරිතය වෙමින්. එම ගමන්මගට සමුදීමට කාලය එලඹ ඇතැයි සිතෙන බව ඔහු කියා සිටියා. ඒ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට එරහිව හිටපු හා වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එලිපිටම අදහස් දැක්වීමත් සමගයි. කෙසේ වෙතත් එම ක්‍රීඩා පිටිය පිලිබද මෙතෙක් අනාවරණය නොවූ කරුණක්ද ඔහු කියා සිටියේ සියල්ලන් මවිත කරමින්.

    හෝමාගම ක්‍රීඩා පිටිය ඉදිකිරීම මහ මැතිවරණය අවසන් වන තුරු නතර වී ඇති බව අනාවරණය කළ එකම මාධ්‍ය වන්නේ අප වෙබ් අඩවියයි. එය අති විශාල මුදල් නාස්තියක් බවත් අප පෙන්වා දුන්නා. පොහොට්ටුවේ හැඩයට ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා පිටිය ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙස නම් කිරීමටයි සැලසුම් කර තිබුනේ. එහි ඉදිකිරීම් චීන සමාගමකට භාර දී විශාල කොමිස් කුට්ටි යටි මඩි ගැසීමට සැලසුම් කර තිබූ බවයි අර්ජුන රණතුංග කියා සිටියේ. එම සමාගම් තොරතුරු සහිතව ඉදිරියේදී හෙලි කරන බවත් ඔහු කියා සිටියා. මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට එරෙහිව අග්‍රාමාත්‍ය මහින්ද සමග සාකච්ජාවට එක්වූ එක් ක්‍රීඩකයෙක් තමන් ක්‍රිකට් ආයතන සභාපති ලෙස සිටි සමයේ එංගලන්තය සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර එවක ජනාධිපති  මහින්ද රාජපක්ෂට ගතු කියා තමන්ට එම තන
    තුර අහිමි කළ අයෙක් බවත් ඔහු කියා සිටියා. එදත් තමන් හරි දේ වෙනුවෙන් පෙනී සිටීම නිසා එම ඉරණම අත්වූ බවයි ඔහු සිහිපත් කළේ.

    හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක පසුපස ඇති ජාලය සොයාගත යුතු බවත් මෙහිදී අර්ජුන රණතුංග කියා සිටියා. ඇතැම්විට තවත් ක්‍රීඩකයන් මත්කුඩු සදහා ඇබ්බැහි වී තිබිය හැකි බවත් ඔහු කියා සිටියා. නමට ඇති ක්‍රිකට් ක්‍රීඩක සංගමය මෙවන් සිදුවීම් වනතුරු කුමක් කලේදැයි ඔහු ප්‍රශ්න කළා. එමෙන්ම මෙම සිදුවීම පිලිබද ඔවුන්ගේ ක්‍රියාමාර්ග මෙතෙක් පැහැදිලි නොවීමත් අර්ජුන ප්‍රශන කළා. ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින කුඩ්ඩන් සොයා මෙහෙයුම් සිදුකරන බවයි. ඊට පෙර මෙවන් සිදුවීම් නොවීමට ක්‍රියා නොකිරීම පිලිබද කණගාටුවත් අර්ජුන පළකළා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වන විට පරිපාලනයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කර ඇති කිසිදු නිලධාරියෙක් නැහැ. බුකී කරුවන්ගේ  සමීප හිතවතුන්, බුකියේ තුන්ඩු ලියූ පුද්ගලයන් ක්‍රිකට් මුල් පුටුවලට පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් උඩි යටිකුරු කිරීමට හේතු වුණා. 2014 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් රට 2018 වන විට ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම්කළා. ඒ මෙරට ක්‍රිකට් මුල් පුටුව ඇස් බැන්දුමකින් නීති පොත වසා බදාගත් බුකී හිමිකරු තිලංග සුමතිපාල නිසා බව අමුතුවෙන් කිව යුතු නෑ. මේ නිසාවෙන්ම 2015 ආරම්භ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් වූයේ 2019 වසර අවසානයේයි. එම කාලය තුල ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල සිටියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස වීම කැපී පෙනෙනවා.

    පෙර ලිපි






























    No comments