Saturday, May 9, 2020

මගුල් සක්වල අලුත් තනතුර - හොදම කෙසෙල් කන්නී

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වාසියට හරවා ගනිමින් බොරදියේ මාලු බෑම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලක සිට සිදුකළා. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් සුරතලියක් වෙනුවෙන් අලුත් තනතුරක් නිර්මාණය කිරීමට සභාපති ශම්මි සිල්වා කටයුතු කර තිබෙනවා. සිය දූෂණ අක්‍රමිකතා වසන් කර ගැනීමේ මූලික පියවර ලෙසයි එය සිදුකර ඇත්තේ.

ශම්මි - කාමලිකා කොහොමද ?
කාමලිකා - හොදින් සර්. සර්ට කොහොමද ?
ශම්මි - ඔයා නැතුව දුකින්.
කාමලිකා - අනේ යන්න සර්.
ශම්මි - කඩුව මැද්දෙත් නෑ කාලෙකින්.
කාමලිකා - ගෙදර අයත් ඉන්නව සර්. නැත්නම් මම උත්තර දෙනවා.
ශම්මි - ඔන්න මම ඔයාට අලුත් තනතුර හැදුවා. දැන් ප්‍රශ්නයක් නෑ.
කාමලිකා - කොයි ?
ශම්මි - දැන් ඔයා තමයි ප්‍රධාන මූල්‍ය අංශ නිළදාරී. චීෆ් අක්කවුන්ටන් ඔෆිසර්. CFO. ඔයාට දැන් බයවෙන්න දෙයක් නෑ.
කාමලිකා - අනේ ඔය ඇත්තමද සර්. මම ඉක්මනට එන්නම් හම්බවෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන ක්‍රිකට් විකාශන අයිතිය අලෙවි කර හිමිවූ මුදල් සිය පෞද්ගලික ගිණුමකට මාරුකර හසුවුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගෙන මේ වන විට ඇපමත නිදහස් වී සිටිනවා. ඔහුගේ තනතුර පුරප්පාඩු වූයේ 2018 වසරේදීයි. එතැන් සිට එම තනතුර සභාපති ශම්මි සිල්වා නියෝජනය කරන CCC ක්‍රීඩා සමාජයේ මූල්‍ය කටයුතු කළ කාමලිකා ජයසේකර පත්කළා. ඒ කිසිදු විනිවිධභාවයක් නොමැතිවයි. එමෙන්ම මෙම තනතුර දැරීමට ඇයට කිසිදු වෘත්තීය සුදුසුකමක් ඇත්තේ නැහැ. එක සුදුසුකම කළක සිට හුරතලියක් ලෙස හැසිරීම හා දූෂණ අක්‍රමිකතා යටපත් කිරීමට සහය ලබාදීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්වූ දින සිට මේ දක්වා ඇය කටයුතු කරනු ලැබුවේ වැඩ බලන මූල්‍ය අංශ ප්‍රධානී ලෙසයි. ඒ මෙම තනතුර දැරීමට අවශ්‍ය සුදුසුකම් නොතිබීම හා පුරප්පාඩු බදවා ගැනීම් ක්‍රමපටිපාටිය අනුගමනය නොකිරීම හේතුවෙන්. එහෙත් දිගින් දිගටම ඇය මෙම තනතුර දැරීම පිලිබද ක්‍රිකට් පරිපාලනය ඇතුලේම ප්‍රශ්න කෙරුණා. ඒ අනුවයි ඇයට මෙම නව තනතුර නිර්මාණය කර දී ඇත්තේ. එවිට සුදුසුකම් ඇත්තෙක් බදවා ගත්තද සේවය කිරීමට සිදුවන්නේ ඇයට පහළිනි.

මෙම නව පත්කිරීම සිදුකිරීම පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයෙක් කියා සිටියේ
මල්ලි බ්‍රේක් පලු දෙකක බලේ කියාය.

මගුල් සක්වලක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මගුල් නැටුවාට කම්නැත. කෙසෙල් ලෙලි තැන තැන දමන්න එපා.






No comments:

Post a Comment