ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ බලයේ සිටි ආන්ඩු ඇන්දීමට දේශපාලනඥයින්ට බෝල බැස්සූවා. ඒ ඔවුන්ගේ ක්‍රිකට් ආයතන බලය රැකගැනීම වෙනුවෙන්. මේ වෙනුවෙන් අත දිග හැර මුදල් කාබාසිනියා කිරීමට ඔහුන් කටයුතු කළේ කිසිදු සැලැස්මක් නොමැතිවයි. අවසානයේ සෑම අවස්ථාවකදීම ඔවුන් තම සිතැගි ඉටු කරගැනීමට සමත්වුණා. ඒ බලයේ සිටි ආන්ඩුවට ඇස්බැන්දුම් කරමින්. ඔවුන් එලෙස කොළය වසා ගැසූ ගේම් කිහිපයක් මෙලෙස ඔබට සිහිපත් කිරීමට අප තීරණය කළා.
කතාව අප පටන්ගන්නට කැමතියි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන්. 2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරය ලබාදීම වෙනුවෙන් එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පත්වුණා. එම ක්‍රීඩා පිටිය 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්විමට නිර්මාණය කරනු ලැබුවා. එහෙත් ලංකාවට එම සත්කාරකත්වය අහිමි වීමත් සමග එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පරිවර්ථනය වුනා. මීටර් 400 ධාවන පථය ඉදිකිරීමට නිර්මාණය කර තිබීම හේතුවෙන් මෙම ක්‍රීඩා පිටිය මෙතරම් විශාල වූ බව දන්නේ කිහිපදෙනෙක් පමණයි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගම් පළාතේ මෙම ක්‍රීඩා පිටිය ඉදිකරමින් ඔහු බලයේ සිටින තුරුම ක්‍රිකට් ආයතන බලය රැක ගැනීමට එවක පාලකයන් සමත්වුණා. මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සැලසුම් රහිත අසාමාන්‍ය ලෙස මුදල් වැය කිරීම අවසන් වුනේ ක්‍රිකට් ආයතනය බංකොලොත් කිරීමෙන් පසුවයි.
රාජපක්ෂ ආන්ඩුව පෙරලා 2015 යහපාලන රජයේ පැමිණීමත් සමග තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතන බලය තහවුරු කර ගැනීමට සමත්වුණා. ක්‍රිකට් ආයතනය කිසිදු සොයා බැලීමක් නොමැතිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ප්‍රප්‍රේක්ෂකාගාරයක් ඉදිකරනු ලැබුවා. ඒ සමග ප්‍රශ්න රැසක් මතුවුණා.
ගාලු කොටුව සහ ක්‍රීඩාංගනයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් ඒ හේතුවෙන් ගාල්ල නගරය සහ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ ආයතන ශ්‍රී ලංකාවට දන්වා තිබුණා. ඊට හේතු වූ අනවසර ප්‍රේක්ෂකාගාරය මහින්ද රාජපක්ෂ නමින් නම් කිරීමට හීන් නූලෙන් පියවර ගැනුණා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එම මණ්ඩපය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශයක්ද කරනු ලැබුවා. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සිටි ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ ගාල්ල ක්‍රිඩා මණ්ඩපය ඉදි කෙරුණූ අතර පසුව මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය ලෙස නම් කළා.
ගාලු කොටුව ලෝක උරුමයට හානියක් වන මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය කඩා ඉවත් කිරීමට යෝජනා කෙරුණද මහින්ද රාජපක්ෂගේ නම ඊට යොදා තිබීම නිසා එම ක්‍රියා මාර්ගය ගැනුනේ නෑ. එවරත් ක්‍රිකට් ආයතන සැලැස්ම සාර්ථක වුණා.
මෙලෙස මහින්ද රාජපක්ෂ සතුටු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යහපාලන ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන්ද ගැටයක් ගසනු ලැබුවා. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ලබාදුන් සීනි බෝලයමයි. මේ අනුව එවක ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගම් ප්‍රදේශය වන පොලොන්නරුවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකරන බව පොරොන්දු වුණා. ඒ වෙනුවෙන් සැලසුම් සකස්කර මුදල් ලබාදුන්නේ අවශ්‍ය පියවර ගැනීම සදහා සුජීව ගොඩලියැද්දටයි. එහෙත් වියදම මිස වෙන කිසිවක් ඉතිරි වූයේ නෑ.
එතනින් නොනැවතී යහපාලන රජයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිය පදේට අල්ලේ නැටවීමට තිලංග මෙම උපක්‍රමයම අනුගමනය කළා. ඔහුගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල හෙට්ටිපොළ තණතීරු සහිත ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 500 ක් ලබාදුන්නා. දයාසිරි ජයසේකර ඉන් කුමක් සිදුකළේද යන්න අදටත් ප්‍රශ්නයක් ලෙස ඉතිරිවන්නේ එවන් තණතීරු සහිත ක්‍රීඩා පිටියක් ඉදි නොවීම හේතුවෙන්.
යහපාලන සමයේ කෙටි කාලයක් සදහා ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ හරීන් ප්‍රනාන්දු මේ අතින් වාසනාවන්තම ක්‍රීඩා අමාත්‍යවරයායි. ඔහුගේ ගම් ප්‍රදේශය වන බදුල්ලේ පාපන්දු ක්‍රීඩා පිටිය වූ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 490 ක වියදමින් සංවර්ධනය කරනු ලැබුවා. අනතුරුව ඔහු යටතේම පැවති මොබිටෙල් ආයතනය හා එක්ව පාදුක්කේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් තැනීම සදහා ගිවිසුම් අත්සන් කර වැඩ ආරම්භ කළා. එහෙත් මේ වන විට එවැන්නක් සිදුවූයේදැයි නොදත් ලෙසයි ක්‍රිකට් ආයතනය හැසිරෙන්නේ.
පසුගිය කෝප් කමිටුවේදී අනාවරණය වුනේ කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා මහනුවර ඉඩමක් වෙනුවෙන් මල්වතු විහාරයට රුපියල් ලක්ෂ 250 ක් ලබාදී ඇති බවයි. තවත් ලක්ෂ 250 ක් වැයකිරීමට ඇස්තමේන්තු කර ඇති බවත් එහිදී අනාවරණය වුණා. එම ඉඩම වෙනුවෙන් මුදල් ලබාදී ඇතැත් මෙතෙක් කිසිවක් සිදුව නෑ.
මෙවන් ඇන්දීමේ කලාවේ කෙල පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හොද හිත දිනා ගැනීමට කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යොදාගැනීමට උත්සාහ කළා. එය ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිවන ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙසයි වැඩ නිම කිරීමට නියමිත වුණේ. එහෙත් කොරෝනා හේතුවෙන් කොරවී ගෙදරට වී සිටින ජනතාව මෙවන් විපත් සමයක ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සැලසුම් කිරීම සමාජ මාධ්‍ය දැඩි විවේචනයට ලක්කළා. එම විවේචන සදහා පිලිතුරු දීමට රාජපක්ෂ වල්ව්වේ බැලමෙහෙවර කරන වහල් ජනතාවට නොහැකි වීමත් සමග එම යෝජනාව මාසයක් සදහා හකුලා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පියවර ගත් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රිකට් ආයතනය බංකොලොත් වීමේ යෝජනාවෙන් ගලවා ක්‍රීඩකයන්ට හා ජනතාවට විමුක්තිය ලබාදුන් බවයි ක්‍රීඩා විචාරක මතය.
මේ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා පාලකයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ජාවක් සිදුකළා. ඒ මෙම හෝමාගම ක්‍රීඩා පිටිය පිලිබදයි. ඊට ප්‍රථම එම යෝජනාවට එරහිව මහේල ජයවර්ධන ප්‍රසිද්ධියේ විවේචනය කළා. ටුවිටර් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු එම විවේචන සිදුකිරීම සමග ආන්ඩුවේ සෑම ක්‍රියාවක්ම සාධාරණ කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන පිරිස එවරත් එලියට ආවා. ඒ මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාරට අභූත චෝදනා එල්ල කරමින්. චරිත ඝාතනය වෙනුවෙන් සිදුකළ එම ක්‍රියාවන් පිලිබද මෙම හමුවෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පැමිණිලි කිරීමට ක්‍රීඩකයන් කටයුතු කර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා CID වෙත උපදෙස් දී ඇත්තේ එවන් දෑ නිකුත් කළ සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

No comments:
Post a Comment