• Breaking News

    තිලංගට එරෙහිව ශම්මි මාධ්‍ය මිලට ගනී - සාක්ෂි එක්ක - Exclusive

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාලට එරෙහිව පුවත් වාර්තා කිරීම වෙනුවෙන් මාධ්‍ය මිලදී ගැනීමට සභාපති ශම්මි සිල්වා කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් මාසිකව ලක්ෂ ගණන් මුදල් ක්‍රිකට් ආයතනය වෙන් කරනු ලබනවා. ශම්මි සිල්වාගේ බූදල බවට ක්‍රිකට් ආයතනය පත්ව තිබීම හේතුවෙන් ඊට කිසිදු භාධාවක් මතුව නෑ. ගහට නැග්ග පසු ඉනිමගට පයින් ගැසීම මෙම සිදුවීම හේතුවෙන් නිතර සිහියට නැගෙනවා.

    වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් අතර මේ දිනවල නත්තල් සීයා තෑගි බෙදන්නාක් මෙන් ශම්මි සිල්වා මුදල් බෙදමින් සිටිනවා. ඒ ක්‍රිකට් නිලවරණයේදී තමන්ට සහය ලබාගැනීමේ අරමුණ ඇතිව. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන්ට රහසිගත ප්‍රවෘත්ති ලබාදීමත් ඔහු සිදුකරන්නේ වැඩි හොද හිත දිනා ගැනීම වෙනුවෙන්. මේ යටතේ කොරෝනා වෛරසය හේතුවෙන් අතහැර දැමුණු එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ප්‍රවේශ පත්‍ර ලබාගත් එංගලන්ත ජාතිකයින් පිරිසක් ශම්මි සිල්වාට ලිපියක් යොමුකර තිබුණා. එම ලිපිය ඇමුණුම් ද සමගින් ක්‍රිකට් ආයතනය මුදල් ගෙවමින් මඩ ගැසීම වෙනුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවියක පළවුණා. ඒ එම ඊමේල් ලිපියේ ඇමණුම් ද සමගින්.

    ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා නමට එවූ ඊමේල් ලිපියක් වෙබ් අඩවියක පළවීමට නම් එය සභාපති ලබාදිය යුතුයි. නැතහොත් යොමුකළ ප්‍රේක්ෂකයින් ලබාදිය යුතුයි. අප එම ප්‍රේක්ෂකයින්ගෙන් මේ පිලිබද විමසූ විට ඔවුන් මවිත වුණා. එම වෙබ් අඩවිය පිලිබද ඔවුන් දැන ගත්තේද අප විමසීමෙන් අනතුරුවයි. මේ අනුව එම අතිශය පෞද්ගලික ලිපිය ලබාදී ඇත්තේ සභාපති බව තහවුරු වනවා. පහත පළවන්නේ එම ලිපියේ කොටස්.


    මෙම වෙබ් අඩවියට නීත්‍යානුකූලවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 1.5 ක් මාසිකව ගෙවනවා. එහි පළවන සෑම ලිපියකින්ම හිටපු සභාපති තිලංග සුමතිපාල විවේචනය කරනවා. එතනින් නතර නොවී ඔහුට එරහිව දැවැත්ත මඩ ව්‍යාපාරයකද නිරත වනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේ ක්‍රිකට් ආයතන සේවකයන් රැසක් මාධ්‍යට තොරතුරු ලබාදුන් බව පවසමින් දඩුවම් ස්ථාන මාරු හා සේවා දිගු ලබා නොදීම මෙන්ම සේවයෙන් ඉවත් කිරීමද සිදුවුණා. සේවකයන් මත වරද පටවා එම අවස්තාවලද මාධ්‍යට තොරතුරු ලබාදී තිබුණේ සභාපති ශම්මියි. ඔහු දේශීයව ජාතික පුවත්පත් මාධ්‍යවේදීන් හරහා හිටපු සභාපති තිලංග සුමතිපාලට එරහිව සූක්ෂම මඩ ව්‍යාපාරක් දියත් කරනු ලැබුවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී කිසිවකු බලාපොරොත්තු නොවූ ලෙස තිලංග සුමතිපාල පාර්ශ්‍රවයේ සභාපති අපේක්ෂක බවට ශම්මි පත්වුණා. ඒ ප්‍රධාන අපේක්ෂක මොහාන් ද සිල්වාගේ නාමයෝජනාව ප්‍රථික්ෂේප කරන තැනට වැඩ සලසමින්. එහෙත් අධිකරණ ක්‍රියාවලියේදී ප්‍රතික්ෂේප කළ මොහාන්ගේ නාමයෝජනාව ලේකම් තනතුර සදහා පිලිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තා. මේ අනුව සභාපති අපේක්ෂක බවට පත්වීමේ ශම්මි සිල්වාගේ අරමුණ ඉටුවුණා.

    ශම්මි එලෙස පැමිණ තිලංග සුමතිපාල කර මතින් ක්‍රිකට් ආයතන සභාපති පුටුවේ වාඩි වුණා. අනතුරුව ඔහුගේ මීලග සැලසුම වූයේ යලි තිලංග සුමතිපාල සභාපති පුටුවට පැමිණීම වැලැක්වීමයි. ඒ සදහා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු භාවිතා කිරීමට සූක්ෂම ලෙස ශම්මි කටයුතු කළා. මුදල් / අරක්කු හා ගෑනු ඉදිරියේ නැවෙන් නැති මහා ගස් පවා ඉදිරී බිම වැටෙන බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙහිදී උපක්‍රමය බවට පත්ව තිබුණේ කාන්තාවන් බව රාවයක් පැවතියා. ඒ හරහා හිටපු සභාපති තිලංග සුමතිපාලට යලි කිසිදා බලයට පැමිණිය නොහැකි ලෙස විශේෂ ගැසට් පත්‍රයක් මුද්‍රණය කරවා ගැනීමට ශම්මි සමත් වුණා.

    ක්‍රිකට් යනු ගේම් එකකි. ක්‍රිකට් ගේම් එකේ කප්පිත්තෙක් නොවූවත් ශම්මි පුටු මාරු කිරීමේ ගේම් එකේ අති දක්ෂයෙකි. මේ නිසාවෙන්ම ඔහු ගේම් එක තාම අවසන් කර නැත. ඉදිරි ක්‍රිකට් ආයතන නිලවරණයේදී තමන්ට එරහිව සභාපති සටනට ඉදිරිපත් වීමට බලා සිටින තිලංග සුමතිපාල සුවච කීකරු ලේකම් මොහාන් ද සිල්වාට ඊලග ඇම සූදානම් කරමින් සිටිනවා. එහි තොරතුරුත් අප සතුයි. ඉදිරියේදී එය බලාපොරොත්තු වෙන්න.

    ගේම් නම් ගේම්. මේක ගේම් එකේම කොටසක්.









    No comments