• Breaking News

    ජනපති අණින් හෝමාගම ක්‍රිකට් සැලසුම් නවතී ? Exclusive

    ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය හෝමාගම ඉදිකිරීමට ඉදිරිපත් කළ සැලැස්ම හිටපු නායක මහේල ජයවර්ධන විවේචනය කර තිබෙනවා. ඒ අනවශ්‍ය වියදමක් අනවශ්‍ය වෙලාවක සිදු කිරීමට කණගාටුවත් පළ කරමින්. මෙම ක්‍රීඩා පිටියේ වහලය පොහොට්ටුවේ හැඩය නිර්මාණය වන ලෙස සැලසුම් කර තිබෙනවා. මේ අනුව මහේල නුදුරු දිනකදීම දේශද්‍රෝහියෙක් ලෙස අංවඩු ගැසීමට නියමිතව සිටිනවා. ඒ රාජපක්ෂ ගොංකම් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ වරදටයි. කෙසේ වෙතත් ඊට හේතු වී ඇත්තේ කටුස්සාගේ කරේ රන් බැන්දාක් වැනි කියමන සිහි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මේ දිනවල කටයුතු කිරීමයි.


    හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ලංකාවේ විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සැලැස්ම වී තිබෙනවා. ඒ වෙනුවෙන් අක්කර 26 ක් වෙන්කර ඇති අතර ප්‍රේක්ෂකයන් 40,000 කට එකවර තරග නැරඹීමේ පහසුකම් ඉදිකිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 8000 ක් වැය වනු ඇතැයි ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා පවසනවා. ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සැලසුම් කර ඇති භූමියේ නිරීක්ෂණ චාරිකාවකට ඔහු එක්වුනේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා නිලධාරීන් පිරිසක් සමගයි. වීඩියෝව නැරඹීමට පින්තූරය ක්ලික් කරන්න.


    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පත්වීමට පෙර හා පසු සදහන් කළේ අවශ්‍යතා හදුනා ගැනීමෙන් පසු විද්‍යාත්මක ක්‍රමයන් අනුව සංවර්ධන කටයුතු සිදුකරන බවයි. මේ අනුව මෙවන් ක්‍රීඩා පිටියක අවශ්‍යතාව අප මෙතැන් සිට විශ්ලේෂණය කරනු ලබනවා. ව්‍යාපෘතියක් ඉදිරිපත් කර විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීම මේ පසුපස ඇති බව ඔබට පෙනේවි.

    ශ්‍රී ලංකාවේ මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ප්‍රධාන ක්‍රීඩාපිටි 4 ක් තිබෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය / පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය / කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටිය ( SSC ) හා P. සරවනමුත්තු ක්‍රීඩා පිටිය (P.සරා ) යන ක්‍රීඩා පිටියි. මේ ඉදිවන්නේ දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි ක්‍රීඩා පිටියක් වීම හේතුවෙන් එක්දින හා පන්දුවාර විස්සයි විස්ස ක්‍රීඩා පිටිද විමසා බැලිය යුතු වනවා. නවතම පන්නය දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරග වීම හේතුවෙන් පළමුව ඊට ඉඩ වෙන්වුණා.

    එක්දින හා පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම ක්‍රීඩා පිටි 5 ක සිදුවනවා. එහෙත් කොළඹ SSC ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරනු ලබන්නේ දිවා එක්දින තරග පමණයි. දිවා / රාත්‍රී ක්‍රීඩා කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ( කෙත්තාරාම ) / පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය / රන්ගිරි දඹුලු ක්‍රීඩා පිටිය හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය නම්කළ හැකියි.

    මෙම ක්‍රීඩා පිටි වසරේ වැඩිම දිනක් ඔහේ වසා දමා තිබෙනවා. වසරටම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග දේශීයව ක්‍රීඩා කරනු ලබන්නේ සාමාන්‍යයෙන් 6 ක් පමණි. ජාත්‍යන්තර, එක්දින තරග 20 ක් හා පන්දුවාර විස්සයි විස්ස තරග 10 ක් සාමාන්‍යයෙන් ක්‍රීඩා කරනු ලබනවා. ඒ එක් තරගාවලියක් සදහා උපරිම ටෙස්ට් තරග 2/3 ක් එක්දින තරග 5 ක් හා පන්දුවාර විස්සයි විස්ස තරග 2/3 ක් ලෙසයි. මේ අනුව පමණට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි ශ්‍රී ලංකාව සතුයි. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි දේශීය තරග ක්‍රීඩා කිරීමට ලබාදෙන්නේ නෑ. එහෙත් අයිතිය ක්‍රීඩා සමාජ සතුවීම හේතුවෙන් SSC හා P සරා ක්‍රීඩා පිටි දේශීය තරග සීමිත ගණනක් සදහා විවෘත වනවා.

    මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටි නඩත්තුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අති විශාල මුදලක් මාසිකව වැය කරනවා. ඒ කිසිදු ආධායමක් නොමැතිවයි. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඊට කදිම නිදසුනක් වනවා. මේ අනුව තරග නොමැතිව මෙලෙස අති විශාල මුදලක් වැය කරමින් තවත් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම මුදල් කාබාසිනියා කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නෑ. මේ අතර ලක්ෂ 5000 ක් වැය කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාර ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුවනවා. හිටපු නායක මහේල ජයවර්ධන මෙම තීරණය විවේචනය කර තිබුනේ මෙලෙසයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව ක්‍රීඩා පිටියක් සදහා මෙලෙස අති විශාල මුදලක් වැය කිරීමට සැලසුම් කරන්නේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මෙම වසර පුරාම තරගාවලි නොමැතිවීමේ අවධානමක් පවතින කාලයකයි. ක්‍රිකට් ආයතනය මේ වන විටත් අනවශ්‍ය වියදම් රැසක් සිදුකර ඇති ආකාරය අප අනාවරණය කළා. මෙම වසර පුරා කොරෝනා වෛරස අවධානම පැවතියහොත් ලබන වසරේ ක්‍රිකට් ක්‍රීඩක හා සේවක වැටුප් ගෙවීමට නොහැකිවනු ඇති බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පවසනවා. එවන් කාලයක නව ව්‍යාපෘතිය කාගේ කාට උවමනව මත නිර්මාණය වී ඇත්දැයි සැකයක් මතුවනවා. මේ හේතුවෙන් ලේකම් මොහාන් ද සිල්වා මෙම යෝජනාවට සිය විරෝධය පළකළ බවයි lankasportsnews වෙත කියා සිටියේ.

    ක්‍රීඩා පිටිය වෙනුවෙන් වෙන්වූ භූමිය නිරීක්ෂණ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති අමාත්‍ය තිලංග සුමතිපාල එක් නොවීම කැපී පෙනෙනවා. එමෙන්ම ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා හෝ තිලංග පාර්ශ්‍රවය නියෝජනය කරන කිසිවෙක් ඊට එක් නොවීමත් කැපී පෙනෙනවා. මෙම සැලසුම් ශම්මි සිල්වා ඉදිරිපත් කරමින් නිරූපණය කරන්නේ තිලංග සුමතිපාල අභිබවා ඉදිරියට පැමිණීමට ගන්නා උත්සාහයයි. ඒ ඉදිරි ක්‍රිකට් නිලවරනයේදි තිලංග සහය නොමැතිව පැමිණීමට දක්නා හීනය වෙනුවෙන්.

    ශම්මි ක්‍රිකට් නිලවරණයේදී මොහාන් සභාපති සටනට ඉදිරිපත් වීම සූක්ෂම ලෙස වලක්වනු ලැබුවා. එමෙන්ම තිලංග සුමතිපාලගේ ක්‍රිකට් පරිපාලන අනාගතය වලලා දැමීමට හරීන් හා එක්ව විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කළා. මෙලෙස ගේම් පිට ගේම් ගසමින් ක්‍රිකට් මුල් පුටුව රැක ගැනීමේ සටනක නිරත ශම්මි ආන්ඩුවේ ඇමතිවරයෙක්ට එරහිව ආන්ඩුවේ සහය තමන්ට ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.


    ගේම් නම් ගේම් - මේවනේ සුපිරි ගේම් - මේකත් ගේම් එකේම කොටසක්.

    පෙර ලිපිය

    තිලංගට එරෙහිව ශම්මි මාධ්‍ය මිලට ගනී - සාක්ෂි එක්ක - Exclusive




    No comments