එක්තරා ක්‍රිකට් ක්‍රීඩිකාවක් අප මාධ්‍යවේදීයා අමතා සිදුකළ පාපොච්චාරණ හා ඊට සාක්ෂි ලිපි තුනක් ඇය ලබාදුන්නේ එම තොරතුරු තහවුරු කිරීම සදහා මෙලෙස අප පලකරනවා. මේ පිලිබද හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යටතේ පරීක්ෂණයක් පවත්වා වැරදිකරු ලෙස තහවුරු වූ පුහුණුකරුට උසස්වීමක් ලබාදී තිබෙනවා. එම පැමිණිල්ල සිදුකළ ක්‍රීඩිකාවන් තිදෙනා ඉවත්කර පැමිණිලිකාරියන් වෙනුවෙන් පෙනී සිටි පුහුණුකරුවන් දෙදෙනා දොට්ට දමා ඇත්තේ සියල්ලන් මවිත කරමින්.
ක්‍රීඩිකාව - කොහොමද අයියේ. කොරෝනා කේස් එකෙන් බේරිලා නේද ?
මාධ්‍යවේදියා - ඔව් නංගි. ඔයාලට කොහොමද ?
ක්‍රීඩිකාව - වැඩක් නෑ හලෝ. ගෙදර ඉන්නකොට පරණ සීන් මතක්වෙලා ඇඩෙනවා.
මාධ්‍යවේදියා - මොකෝ බූට් කාපු සීන් එකක්ද (සිනහ වෙයි)
ක්‍රීඩිකාව - පිස්සුද හලෝ. ක්‍රිකට් ගහපු කාලේ. දැන් හිතෙනවා අතටත් ගානක් අරන්, හැමෝම කරන දේ කරන් හිටිය නම්, මම තාම ක්‍රිකට් ගහනවා නේද කියලා. එක අතකට මාරකයකින් බේරුනා කියලත් හිතෙනවා. ඕව මගේ මොලේ අවුල් කරල.
මාධ්‍යවේදියා - ඔයා ඕක කියල මම එකක් කලින් ගැහුවනේ. එදත් මම බඩු ඉල්ලුවහම ඔයා දෙන්නම් දෙන්නම් කිව්ව මිසක් අදටත් නෑ.
ක්‍රීඩිකාව - මේ දැන් එවනවා. එදා මම කිව්වේ. මුලින් පැයට 15,000 ක් දෙන්නම් කිව්වා. දැන් එකියක් කතාකළා. පව් හලෝ. දැන් දෙන්නේ පැයට 5000 විතරලු. ක්‍රිකට් ලොක්කෝ සතුටු කරන්න කියලා මාසෙකට පාරක් කොළඹ ගෙනියනවලු. එදාට නම් කල්ල මරේ කිව්වා.
මාධ්‍යවේදියා - හෝව්. හෝව්. ආතල්ලුද බං. (සිනහවෙයි)
ක්‍රීඩිකාව - සැප කනේ. මමත් දැක්කනේ.
මාධ්‍යවේදියා - මොකක්ද ?
ක්‍රීඩිකාව - කෙල්ලෝ දෙන්නෙක් මසාජ් කරනවා. මාතර දිස්ත්‍රික් පුහුණුකරු ගලයා හෙලුවෙන් හිටියේ. පොල් කෙන්ද වගේ ජුන්ඩා කෙලින් කරන්. (සිනහවෙයි)
මාධ්‍යවේදියා - අනේ පල කෙල්ලේ යන්න.
ක්‍රීඩිකාව - ඇත්ත හලෝ. මට හිරිකිතයි. ඊයා. ඕක නොකරන එක කෙල්ලෙක් දැන් නෑ දකුණේ. ඔක්කොම කෙල්ලෝ ක්‍රිකට් ගහන්න නම් ගලයගේ මසාජ් පොට් එකේ වැඩ කරන්න ඕන. නැත්නම් ක්‍රිකට් නෑ.
මාධ්‍යවේදියා - එවනවකෝ විස්තර. මට පොඩි වැඩක්. කොරෝනා නිව්ස් එකක්. මම ගන්නම්.
එලෙස අවසන් වූ සංවාද තොරතුරු තහවුරු කරන ලිපි මෙලෙස පලකරනවා.
මේ පිලිබද මෙම ක්‍රීඩිකාවන් වෙනත් පුහුණුකරුවන් දෙදෙනෙක් මාර්ගයෙන් කාන්තා ක්‍රිකට් එවකට භාර හිටපු ක්‍රිකට් නායක හෂාන් තිලකරත්නගේ බිරිද වන අප්සාරි තිලකරත්න හරහා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාට පැමිණිලි කරනවා. එම පැමිණිල්ලට අනුව තමන්ගේ මසාජ් කෙරුවාවත් එලියට එනු ඇතැයි ඈෂ්ලී බයවී ඇතැයි වාර්තා වනවා. මේ අනුව පැමිණිලි කාරියන් වෙනුවෙන් ඉදිරිපත් වූ පුහුණුකරුවන් දෙදෙනා වූ දකුණු පළාත් ක්‍රිකට් පුහුණුකරු බ්‍රැඩ්මන් එදිරිවීර හා මාතර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ජීවන් ද සිල්වා සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒ කිසිදු හේතු දැක්වීමක් නොමැතිවයි.
පැමිණිල්ල සිදුකිරීමට මැදිහත් වූ අප්සාරි තිලකරත්නටත් රැකියාව අහිමි වනවා. ඇය කළ අනාවරණය අනුව ගොස් අප ඇගේ අදහස්ද සමගින් මෙහි පළමුවත් වාර්තා කළා. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒම වෙනුවෙන් රැකියාව අහිමි වීමෙන් පසු එලිපිට වැඩ කර මේ වන විට අප්සාරි තිලකරත්න යලිත් ක්‍රිකට් ආයතනයට රිංගා ගැනීමට සමත්වුණා. එහෙත් මෙතෙක් ඇයට, ලිංගික අල්ලස් ඉල්ලීමේ පැමිණිල්ල ගොනු කිරීමට මුල් වූ පුහුණුකරුවන් දෙදෙනා සිටින්නේ ගෙදරයි. ප්‍රසිද්ධියේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් යොදා ගනිමින් ගාල්ලේ පැයට රුපියල් 5000 සිට 20,000 දක්වා මසාජ් ආයතනයක් පවත්වාගෙන යන තුසිත් ප්‍රසන්න ගලප්පත්තිට උසස්වීමක් ලබාදී ඇත්තේ දකුණු පළාත් ක්‍රිකට් සම්බන්ධීකාරක ලෙසයි. අධිකරණ ක්‍රියාවලියක් හේතුවෙන් ක්‍රියාත්මක නොවන දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ සියලු බලතලද ඔහුට ලබාදෙමින්. ක්‍රිකට් ආයතනය මෙලෙස ක්‍රිකට් ක්‍රීඩිකාවන් යොදා ගනිමින් මසාජ් ආයතනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ගලප්පත්තිට මසකට රුපියල් එක් ලක්ෂ 25,000 ක වැටුපක්ද ගෙවනවා.
පෙර මෙම සිදුවීම අප වාර්තා කළ ලිපිය.
ක්‍රිකට් ආයතන සේවකයෙක් ලෙසේ වීමට හේතුව ඉහළ සිටම ලිංගික අල්ලස් ලබාගැනීම බව නොරහසක්. ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා ක්‍රිකට් ආයතන ලේකම්වරියක් වූ ගයාත්‍රී වික්‍රමසිංහගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිලිබද නඩුවක්ද අධිකරණයේ විභාග වනවා. එමෙන්ම මානව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස් සුලු සේවිකාවන්ගෙන්ද ලිංගික අල්ලස් ඉල්ලන බව lankasportsnews.com අප අනාවරණය කළා. මේ අතර මෙම ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම පිලිබද කළ පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව දැක්වෙන්නේ ගලප්පත්තිව ඉවත් නොකළ හොත් දකුණු පළාතේ කාන්තා ක්‍රිකට් වදවී ගොස් මසාජ් මධ්‍යස්ථාන පමණක් ඉතුරු වනු ඇති බවයි.
ක්‍රිකට් කූඩැල්ලෝ 2
පෙර ලිපි
No comments:
Post a Comment