ක්‍රිකට් කණ්ඩායමේ තවත් කුඩ්ඩෝ ඉන්නවා - සභාපති ශම්මි - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල හෙරෝයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන ක්‍රීඩකයන් සොයා මෙහෙයුමක් ආරම්භ කරන බව සභාපති ශම්මි සිල්වා පවසනවා. කණ්ඩායමේ එවන් ක්‍රීඩකයන් නැත්නම් එවන් ක්‍රීඩකයන් සොයා මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නෑ. ඊට අවශ්‍යතාව මතුවූයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංක හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන ක්‍රීඩකයන් දිවයින පුරා සිටින බව අනාවරණය කළේ අප පමණයි. කණ්ඩායමේ සිදුකිරීමට යන මෙම පරීක්ෂණය ක්‍රීඩකයන් අතර මේ වන විට කැලඹීමක් නිර්මාණය කර තිබෙනවා. එහි සබැඳිය පහතින්.
ක්‍රිකට් කණ්ඩායමේ එක කුඩ්ඩට ගංජ තුනේ කල්ලියක් ?
මේ අතර හෝමාගම දියගම ඉදිකිරීමට සැලසුම් කර නවතා දැමූ බව කියූ ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට කටයුතු කරන බවත් සභාපති ශම්මි සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ ඒ සදහා ඇස්තමේන්තු සකසමින් ඇති බවයි. එම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදුන් බවත් ඔහු කියා සිටියා. මැතිවරණයට අවසන් වූ විගස මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට නියමිත බව තොරතුරු සහිතව වාර්තා කළේ අප පමණයි. එම සබැඳිය පහතින්.
මෙහි මාසයක් ලෙස අප සදහන් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඒ බව පැහැදිලිවම කියා සිටීම හේතුවෙන්. එහිදී ඔහු මාසයකට පසු ක්‍රීඩා පිටිය ඉදිකිරීමට අනුමැතිය ලබා දෙනවා. එනම් මහ මැතිවරණය අවසන් වූ පසුවයි. එය මාසයක් තුල අවසන් කිරීම ඔවුන්ගේ සැලැස්ම බව මේ වන විට රටම දන්නා රහසක්.
මේ අතර කිසිදු සංවර්ධනයක් සිදු වී නැති පොලොන්නරුව ක්‍රිකට් ක්‍රීඩා පිටියට රුපියල් මිලියන 100 ක් වැය කළ බවත් ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා කියා සිටියා. එම මිලියන 100ට කුමක් සිදුවී ඇත්ද යන්න හා කාගේ සාක්කුවට එම මුදල් බැරවූයේද යන්න සෙවීම බලධාරීන් සතු වගකීම වනවා. අපක්ෂපාත මාධ්‍යක් ලෙස රටටම එහි සිදුව ඇති හා සිදුවීමට යන දූෂණ අක්‍රමිකතා මෙලෙස අප පෙන්වා දෙමින් අපේ වගකීම ඉටුකරනවා.
වීඩියෝව බලන්න පින්තූරය ක්ලික් කරන්න.
වීඩියෝව බලන්න පින්තූරය ක්ලික් කරන්න.
No comments