2011 ක්‍රිකට් පාවාදීම ගැන කියන සාක්ෂිකරු මෙන්න - Video - Exclusive
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවාදීම හේතුවෙන් ඉන්දියාව ජයගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය ඔබ දන්නවා. එය ක්‍රිකට් පිටියේ පමණක් නොව දේශපාලන පොර පිටියේත් ප්‍රධාන මාතෘකාව බවට පත්ව අවසන්. ඒ මැතිවරණය කට උඩ තියා ආන්ඩුවේ ප්‍රධානියෙක් මෙය සිදුකිරීමට වඩා එවක සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු වීම හේතුවෙන්. මෙලෙස මහින්දානන්ද දැමූ පරමාණු බෝම්බයෙන් කළබලයට පත්වූයේ එවක නායක කුමාර් සංගක්කාර හා උප නායක මහේල ජයවර්ධනයි. ඔවුන් ආන්ඩුව නිකරුනේ මුදල් කාබාසිනියා කිරීමට හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ලංකාවේ විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට විරුද්ධ වූ පළමු ක්‍රීඩකයන් දෙදෙනා වනවා. පසුව ඔවුන් දෙදෙනා සමග ක්‍රීඩකයන් රැසක් එක්වී විශාල ආන්ඩු විරෝධී කැරැල්ලක් දක්වා එය වර්ධනය වීම හේතුවෙන් එම යෝජනාව ලත් තැනම ලොප් වුණා. මේ හේතුවෙන් ආන්ඩුව ඊට එරහිව ඔවුන් දෙදෙනා එලක්ක කර මෙය පුපුරුවා හැරි බවක් පෙනෙන්නට තිබෙනවා.
මෙම චෝදනාව පිලිබද තමන් සතුව තොරතුරු ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියා අප වාර්තා කළා. ඊට සහය වෙමින් තමන්ද මෙම පාවාදීම පිලිබද තොරතුරු දන්නා බව හා සාක්ෂි සමග ICC යට ඒවා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවක තරග විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දර පැවසුවා. කණ්ඩායමේ වෙනස්කම් සිදුකිරීමට තමන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ බව පවසමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ICC යට වාර්තා කළේ මේ පුද්ගලයා පිලිබදයි. මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දැනුම්දීමට ඔහුගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. එහෙත් සැමට හොරා ඔහුට වැටුප් නියමිත පරිදි එදා සිට මේ දක්වා ගෙවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇත්තේ එම ක්‍රියාව අනුමත කරමින්.
අප කතානායක සනත් බණ්ඩාර ජයසුන්දර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණෙන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකුගේ පිහිටෙන්. එම ක්‍රීඩකයා සතු පොල් වත්තක් බලාගත්තේ ජයසුන්දරගේ පියායි. ඒ හිතවත් කමට ඔහුට ක්‍රිකට් ආයතනයට රිංගා ගැනීමේ අවස්තාව හිමිවනවා. ඔහුට තිබුණේ පරිඝණක තාක්ෂණ පිලිබද දැණුමක් පමණයි. ක්‍රිකට් ක්‍රීඩා කර නැතත් අරුම පුදුම වැඩ කිරීමට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස පත්කළා. එතැන් සිට නොදන්න දත්ත විශ්ලේෂණය වෙනුවට ඔහු තෝරා ගත්තේ ක්‍රීඩකයන් වෙනුවෙන් කඩේ යාමයි.
මේ අනුව ක්‍රීඩකයන් සමග සමීප සබදතා ගොඩනගාගත් ඔහු විදෙස් සංචාර තම ව්‍යාපාරය බවට පත්කර ගත්තා. ඒ මැදපෙරදිග සංචාරයන්ගේ රත්තරන් ගෙන ඒමටත් අනෙකුත් සංචාරවලදී විද්‍යුත් උපාංග හා සංගීත භාණ්ඩ ගෙන ඒමටත් යොදා ගනිමින්. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ගම්පලාතේ වීම හේතුවෙන් ඔහු සමග එක්ව සිමෙන්ති හා ඉඩම් ව්‍යාපාර සිදුකළ බවට වාර්තා වනවා. එමෙන්ම එම කාලයේ ක්‍රීඩකයන් හුවමාරු කිරීම ඔහු ඇමතිවරයා සමගින් ජයට කළ බවයි පැවසෙන්නේ. ක්‍රීඩා ඇමති ලෙස දයාසිරි ජයසේකර සිටි 2018 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා වෙනුවෙන් නම්කළ සංචිත සදහා වරින්වර වෙනස් වෙමින් ක්‍රීඩකයින් 50 කට වඩා ඇතුලත් වූ බව ඔබට මතක ඇති. ක්‍රීඩකයන්ගේ ඇතුලු බොහෝ දෙනෙක්ගේ නිවාස ඇතුලත උද්‍යාන සකස්කිරීම සිදුකිරීමත් ඔහු අමතර ව්‍යාපාරයක් ලෙස සිදුකළා. මේ සියල්ලට අමතරව ක්‍රිකට් තරග පරිඝණක විශ්ලේෂණය සිදුකිරීමත් කළා.
සෑම විටම ක්‍රීඩකයන් හා පරිපාලකයන් මෙන්ම ක්‍රීඩා ඇමතිවරුන්ද තමන්ගේ සමීපතමයෙක් ලෙස ලෝකයාට ප්‍රකාශ කිරීමට ඔහු අමතක කළේ නෑ. බොරුවේ උපත වෙමින් ලෝකයාට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තම හොදම මිතුරා කීමට ගොස් වැඩේ වරද්දා ගත්තා. ඒ ක්‍රීඩකයෙක්ගේ පියෙක්ගෙන් මුදල් ගෙන රුපියල් මිලියනයක මුදලක් ක්‍රීඩා අමාත්‍ය හරීන්ට එම ක්‍රීඩකයා ඇතුල් කිරීමට ලබාදිය හැකි බව පැවසීමත් සමගයි. හරීන් මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළා. ඒ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පෙරයි. හරීන් හැමතැනම කියන තමන්ව මුදලට ගන්න හැදූ සිදුවීම එයයි.
![]() |
Add caption |
එවන් අතීතයක් ඇති සනත් බණ්ඩාර ජයසුන්දර ක්‍රීඩකයන් අතර ප්‍රසිද්ධ සික්ස් ෆින්ගස් ( ඇගිලි හයා ) ලෙසයි. මෙම මහින්දානන්දගේ ප්‍රකාශය සමග ඔහු මුහුණු පොතට ( Facebook ) වෙත සටහනක් යොමුකර තිබුණා. ඒ සාක්ෂි තමන් සතු බවයි. ඒවා ICC යට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවත් ඔහු එහිදී කියා තිබුණා. එහෙත් මේ වන විට ඔහු එය සිය ගිණුමෙන් ඉවත්කර තිබෙනවා. ඊට පෙර lankasportsnews කණ්ඩායම එහි රූපයක් ලබාගෙන තිබීම හොදට ගියා. මෙම සටහන ඉවත් කිරීමට හේතු වී ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා තිලංග සුමතිපාල ඔහුට බලපෑම් සිදුකිරීම බවයි වාර්තා වන්නේ.
ක්‍රීඩා අමාත්‍යාංශය වැරදි වැලැක්වීමේ පනත යටතේ ( මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත ) විමර්ශන කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය ආරම්භ කළ යුත්තේ සනත් බණ්ඩාර ජයසුන්දරගෙන් බව අමුතුවෙන් කිව යුතු නෑ. ඒ ඔහු මේ පිලිබද සිදුකළ ප්‍රකාශය හා පසුව එය ඉවත්කර ගැනීම හේතුවෙන්. මෙය හොරාට පෙර වැට පැනීමක් ලෙස හැදින්විය හැකියි. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම මේ පිලිබද සිදුකළ යුතු දේ අදාල අංශ වලට උපදෙස් ලබාදී තිබෙනවා. සනත් බණ්ඩාර ජයසුන්දරගෙන් ප්‍රශ්න කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවූ මුදලට පාවාදීම් රැසක් අනාවරණය කරගත හැකියි. එය සිදුවන තුරු lankasportsnews විමසිල්ලෙන්.
පෙර ලිපිය
No comments