මේක කියන්නේ මුදලට හෝ වෙනත් දෙයක් සදහා අවසන් තරගය පාවාදුන්නා කියල තමන්ට විශ්වාසයි කියලනේ. එහෙම දෙයක් වෙලා තියෙනවනම් ඒක වසන් කිරීමට සදහා සහය දීම වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රථිපාදන තියෙනවා නඩු පැවරීමට හා දඩුවම් ලබාදීමට. අනික ඒ කණ්ඩායම අනුමත කළ කෙනා වෙන්නෙත් ඔහු. ඉතින් ඔහුට බෑ අත පිහදා ගන්න. මේක හොරකමකට සහය ලබාදීමක් හා තොරතුරු වසන් කිරීමක්. මේ මහින්දානන්ද කරල තියෙන්නේ උඩ බලන් කෙළ ගැසීමක්. ඒ අපට අදහස් පළ කළ නීතිඥවරයාගේ පැහැදිලි කිරීමයි. මෙම චෝදනාව ඇත්තක් විය හැකි බව සිතිය හැක්කේ මහින්දානන්දම මැදිහත්වී ලංකාවේ නොතිබූ සුවිශේෂ පනතක් වන මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත සකස් කිරීම හේතුවෙනුයි.
මේ අතර එම තරගාවලියේ ප්‍රභලම භූමිකාවක් නිරූපණය කළ මුත්තයියා මුරලිදරන් අවසන් මහා තරගයේ සිදුවූ අසාමාන්‍ය සිදුවීම් මෙලෙස පැහැදිලි කළා. එම තරගයට පෙර කණ්ඩායම් රැස්වීමේදී තමා කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු යවමු කී බව ඔහු කියා සිටියා. එහෙත් නායක සංගක්කාර දැඩි මතයක සිටිමින් කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට කටයුතු කළ බවයි ඔහු පවසන්නේ. ලකුණු 300 ක් ගැහුවත් හබාගොස් ජයගත හැකි කණ්ඩායක් ඉන්දියාව කියන්නේ. ඒක දැන දැන අපි ඇයි කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ? අපි පන්දුයැවීම ආරම්භ කර පන්දුවාර 15 ක් යනකොට පින්න හින්දා පන්දුව තෙත් වුණා. බෝලේ අතට අහුවෙන්නෑ. ඉතින් දගකවන්න බෑ. මාලිංගටවත් බෝල් කරගන්න බැරිදුනා. ඉතින් කාසියේ වාසිය ප්‍රභල සාධකයක් වුණා. මේ මුත්තයියා මුරලිදරන්ගේ අදහස්.
දැන් අප තරගයේ සැක සහිත තැන් විමසා බලමු.
මෙම තරගයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ එතෙක් ක්‍රීඩා නොකළ විශේෂ වෙනස්කම් 4 ක් සමගයි. අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 4 දෙනෙක්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබුණා. ඒ අතර ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වූයේ ඇන්ජලෝ මැතිව්ස් පමණයි. අවසන් පූර්ව තරගයේ කඩුළු 3 ක් දවාගත් අජන්ත මෙන්ඩිස්ට අවසන් මහා තරගය අහිමිවීම කැපී පෙනුණා. එමෙන්ම නවසීලන්තය සමග පැවති අවසන් පූර්ව තරගයේ ආරම්භක පන්දු යවන්නා වෙමින් කැපී පෙනෙන දස්කම් දක්වා එක් කඩුල්ලක් දවා ගත් රංගන හේරත් ද කැපී ගිය ක්‍රීඩකයෙක් වනවා. අනෙක් ක්‍රීඩකයා වූයේ අවසන් පූර්ව තරගයේ ලකුණු 13 ක් රැස්කර දැවී ගිය චාමර සිල්වායි.
මෙම ක්‍රීඩකයන් සිව්දෙනා වෙනුවෙන් කණ්ඩායමට එක්වූයේ චාමර කපුගෙදර / නුවන් කුලසේකර / තිසර පෙරේරා හා සුරාජ් රන්දීව්. ඒ අතරින් චාමර අති අසාර්ථක ආදේශකය බවට පත්වුණා. චාමර කපුගෙදර මුදලට තරග පාවාදීම් සදහා පසුව සැකයට භාජනය වූ ක්‍රීඩකයෙක් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි.
ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨම වේග පන්දු යවන්නා වූ චමින්ද වාස් බංකුවේ සිටිමින් තරගාවලියට එක්වූ දක්ෂම කණ්ඩායම වූ ඉන්දියාව සමග අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමත් කැපී පෙනුනා.
එමෙන්ම අවසන් තරගය පුරාම පන්දු යවන්නන් හුවමාරු කිරීමේ අසාමාන්‍ය තත්වයක් දැකිය හැකියි. කඩුලු දෙකක් දෙවා ගත් විටම ලසිත් මාලිංගගේ පන්දු යැවීම නතර කිරීම කැපී පෙනෙනවා.
එමෙන්ම එක්තරා ක්‍රීඩකයෙක් තරගය අතරතුර අසාමාන්‍ය සිගරට් බීමක් ප්‍රදර්ශනය කර තිබුණා. මහේල 100 ලබාගන්නා විට නායක සංගක්කාර සිටියේ වැසිකිලියේ බවටත් වාර්තා වුණා. ඔහු වැඩිම වේලාවක් වැසිකිලියේ සිටීම හා අධික ලෙස දුම්වැටි පානය කිරීම මානසික පීඩනයේ ලක්ෂණ වනවා.
මෙතැන් සිට පළවන්නේ ප්‍රසිද්ධ විශ්වාසයන් කිහිපයක්.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ තරග නැරඹීමට පැමිණියහොත් පරාද වන බව විශ්වාසයක් පවතිනවා. ඔහු මෙම තරගය නැරඹීමට පැමිණ සිටියා.
මෙම තරගය පරාජය වීමෙන් දෙරට අතර දේශපාලන මිතුදම ශක්තිමත් වූ බවට කියවුණා. ඒ ඉන්දීය රජයෙන් ප්‍රධානයන් හා අඩු පොලියට ලබා දුන් ත්‍යාගයන් තිබූ බව කියමින්. ඔබ ඒවා දන්නේ නම් කමෙන්ට් කරන්න.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ( IPL ) තරගාවලියේ ඊට පසු වසරේදී වැඩිම මුදලට ලන්සු තබා ආධායම් ඉපියූ ක්‍රීඩකයන් අතර ටී.එම් ඩිල්ෂාන් / මහේල ජයවර්ධන හා ලසිත් මාලිංග සිටීම කැපී පෙනුණා. ඊට මෙම තරගයේ ප්‍රථිපල හේතු වූ බවයි කිව වුණේ.
මෙම තරගය සමග එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උරණ වීමට තවත් හේතුවක් තිබුණා. ඒ ඔහුට සාමාන්‍ය තරග නරඹන්නකු සේ පිටියට පිවිසීමට සිදුවීමයි. එහිදී අවස්ථා රැසක ආරක්ෂක නිලධාරීන් ඔහුව පරීක්ෂාවට ලක්කර තිබුණා. අවසන් මහා තරගයට ක්‍රීඩා කරන හා තරගාවලියේ සම සත්කාරක රට වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට මෙලෙස ඉන්දියාව කුඩම්මාගේ සැලකිලි දැක්වීම පෙන්වා දිය හැකියි.
මේ අතර මෙම තරගයෙන් දින තුනකට පසු නායක කුමාර් සංගක්කාර ඉල්ලා අස්වන අතර තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාත් ඉල්ලා අස්වීම කැපී පෙනෙනවා. වීඩියෝව බලන්න.
පෙර මෙන් නොවේ. දැන් ලංකාවේ අපරාද නීතිය හා සමාන බලයක් ඇති මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ නීති පවතිනවා. එමෙන්ම ඒ වෙනුවෙන් පිහිටවූ ආයතනයක්ද තිබෙනවා. ඒ පරීක්ෂණ කණ්ඩායමක් සහිතවයි. මේ හේතුවෙන් රජයේ වගකීම වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. සැමට එක නීතියක් කියා බලයට ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම චෝදනාව විමර්ශන කරනු ඇතැයි රටම බලා සිටිනවා. සැමට පොදු නීතිය යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ මෙම විශේෂ හෙලිදරව් කිරීම පිලිබද කරුණු සොයා බැලීම රජයේ වගකීම වනවා. එය ඉටුවන තුරු ජනතාව සමග lankasportsnews විමසිල්ලෙන්.
I remember everything happened at the day and since then I stopped watching any cricket match up to now . I was argue the cricket final match sold to India . I have one observation if anyone have the match end watch and see the Indian cricket captain's reaction it is very lam because its is not true wining just a bought one . I believe no money can buy true joy , you have to win by your hard work dedication and determination .
ReplyDelete