හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළමුව 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවාදුන් බව සදහන් කළා. එහිදී ඔහු කියා සිටියේ එය ක්‍රීඩකයන් සිදු නොකළ බවයි. මේ අනුව අවසන් තරගයට අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හතර දෙනෙකු ඉවත්කර ආදේශකයන් සිදුවීම නිසාවෙන් ඇගිල්ල දිගුවූයේ තේරීම් කමිටුවටයි. එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ පවසන තොරතුරු අසත්‍ය බවයි. ඉදිරියේදී තවදුරටත් මෙම චෝදනා එල්ල වන්නේ නම් තමන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන බවත් ඔහු පැහැදිලිව පවසනවා. එම වීඩියෝවත් අප ඔබට ගෙන ආවා මතක ඇති. අවශ්‍ය නම් එය බලන්න.
අලුත්ම තත්වය වන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු lankasportsnews.com අප වෙබ් අඩවියේ පාඨකයකු වී ඇති බවයි. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම පිලිබද සාක්ෂිකරු සනත් බණ්ඩාර ජයසුන්දර බව වාර්තා කළේ අප පමණයි. එමෙන්ම ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු තැබූ මුහුණු පොතේ (Facebook) සටහන දක්වමින් අප අනාවරණය කළා. එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිඝණක දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කළේ සනත් බණ්ඩාර ජයසුන්දරයි. ඉතින් ඔහු ඉතා හොද සාක්ෂිකරුවෙක් බව පෙන්වා දුන්නේ අප පමණයි. එම පුවත උපුටා දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඔහුට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර හිතා මතා පමා කළ බවයි. ඊට එවකට නියෝජ්‍ය කතානායක හා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල හේතු වූ බවත් ඔහු පවසනවා. තිලංග සුමතිපාල පට්ට හොරෙක් බවයි ඔහු පවසන්නේ.
මේ අතර නාමල් රාජපක්ෂ මෙම සිදුවීම පිලිබද අපක්ෂපාත පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසනවා. වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවයි ඔහුගේ මතය වී ඇත්තේ. එහෙත් මේ පිලිබද රන්ජන් රාමනායක නිකුත් කර ඇති වීඩියෝවෙන් පැහැදිලිව නම් කළ වැරදිකරුවන් තිදෙනාගෙන් කෙනෙක් වන්නේ නාමල් රාජපක්ෂයි. මේ අනුව හොරාගේ අම්මගෙන් පේන ඇසීමටත් වඩා විහිලුවක් ලෙස නාමල් රාජපක්ෂගේ පරීක්ෂණ කතාව හැදින්විය හැකියි.
රන්ජන් රාමනායක පවසන්නේ තමන්ට මෙම තොරතුරු ලබාදුන්නේ එවක අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා බවයි. නේපාලයට ගොස් නාමල්, උදිත් ලොකුබණ්ඩාර හා මහින්දානන්ද අලුත්ගමගේ මෙම පාවාදීම සැලසුම් කළ බවත් ඔහු පවසනවා. එමෙන්ම ඉන් පසු වාහන අලෙවිසැලක් මීට හවුල් වූ පුද්ගලයකු දැමූ බවයි එහි සදහන් වන්නේ. එමෙන්ම විජිත් විජයමුණි සොයිසාද දැනුත් මෙම පාවාදීම රාජතාන්ත්‍රිකයක මට්ටමින් සිදුවූවක් බව පවසනවා. මෙම පාවාදීම රාජතාන්ත්‍රිකයක මට්ටමින් සිදුව ඇතැයි ඔහුගේ අනාවරණයට පෙර අපද සදහන් කළා ඔබට මතක ඇති. එම රන්ජන් රාමනායක ලීක් කළ හඩපටය ඇතුලු සියලු වීඩියෝ මෙතනින් බලන්න.
2017 වසරේ සිදුවූ අදටත් පරීක්ෂණ නොමැති තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාවාදීමක් පිලිබද අප ඊයේත් ඔබට කරුණු අනාවරණය කළා. එතනින් ඔබ්බට ගොස් තවත් තරගාවලියක සිදුවූ පාවාදීමක තොරතුරු ඉදිරියේදී අප ඔබට ගෙන ඒමට සූදානම්. රැදෙන්න අප සමගින්.
සබැඳි පෙර ලිපි
No comments:
Post a Comment