ක්‍රිකට් ආයතන තවත් රුපියල් ලක්ෂ 732 ක් අතුරුදන් - Exclusive
හොරුන්ට නවාතැන් පලක් වී මහා හොර ගුහාව වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව ඔබ මේ වන විට දන්නවා. එහි පසුගිය වසරේ සිදුවූ තවත් මහා මූල්‍ය වංචාවක් පිලිබද තොරතුරුයි මේ. දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මූලස්ථාන ඉදිකිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ ගිණුම් සකස්කර තිබෙනවා. ඒ 2019 වසරේදී සංගම් මූලස්ථාන 05 ක්, 2020 වසරේදී මූලස්ථාන 08 ක් හා 2021 වසර තුල අවසන් මූලස්ථාන 12 ඉදිකිරීම වෙනුවෙන්. ඒ සදහා රුපියල් ලක්ෂ 3661 කට අධික මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබුණා. එම තොරතුරු ඇතුලත් ක්‍රිකට් විධායක කමිටු පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන ඇත්තේ 2019 වසරේ මැයි මස 13 වැනිදායි. මේ එම ලිපියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් දිවයිනේ කිසිදු දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මූලස්ථානයක් ඉදිකර නැහැ. එහෙත් ඒ වෙනුවෙන් අය වැයෙන් 2019 වසරේදී වෙන්වූ මුදල රුපියල් ලක්ෂ 1200 ක් වනවා. මේ අනුව ඉන් කොපමණ මුදලක් ක්‍රිකට් ආයතනය සියල්ලන්ට හොරෙන් වැයකර ඇත්දැයි පවතින්නේ සැකයක්. ඒ ගිණුම් අංශ නිල වාර්තාවන්ගේ තොරතුරු සදහන් නොවීම හේතුවෙන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ තිලංග සුමතිපාල බලයට පැමිණෙන සෑම විටම ක්‍රිකට් ආයතන කොන්ත්‍රාත් කටයුතු සුරත් වික්‍රමසිංහ ඇසෝසියේටස් ආයතනය හරහා පමණක් සිදුවීමයි.
සුරත් වික්‍රමසිංහ ඇසෝසියේටස් ආයතනය ක්‍රිකට් ඉදිකිරීම් සදහා පළමුව තිලංග සුමතිපාල සමග එක්ව කටයුතු කරනු ලබන්නේ 2000 වසරේදීයි. ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමේදීයි. එතැන් සිට කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව ක්‍රිකට් ආයතන මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම බවට ඔවුන් පත්වනවා. ඒ ඉදිකිරීම් සදහා එකට එකක් ලෙස මිල ගණන් ඉදිරිපත් කිරීම සදහා පහසුකම් සපයමින්. මේ අනුව ඉදිකිරීමට වැයවන්නේ රුලියල් තුනක් නම් ලාභය සමග එය රුපියල් 5 ක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම ඉදිකිරීම වෙනුවෙන් ලබාදෙන මුල් ඇස්තමේන්තුව රුපියල් 10 ක් වනවා. අනතුරුව එය රුපියල් 9 දක්වා අඩුකිරීමෙන් පසු අනුමැතිය හිමිවනවා. එවිට අඩුවන්නේ කොන්ත්‍රාත්කරුගේ ලාභය ලෙස තැබූ රුපියල් 2 න් එක රුපියලක් වනවා. ඉතිරි රුපියල් 5 ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාලගේ නමින් බැරවන බව වාර්තා වනවා.
ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ සිදුකළ දූෂණ අක්‍රමිකතා හා වංචා රැසක් අප පෙන්වා දුන්නා. එහෙත් ඒවා බීරි අලින්ට වීනා වැයීමක් බවට පත්ව ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව බව පසක් කරමින්. එහෙත් අප ගගට ඉනි කැපීම නතර කරන්නේ නෑ. ලංකාවේ ක්‍රීඩා දූෂණ අක්‍රමිකතා හා වංචා ඔබට හෙලිදරව් කිරීමට අප බැදී සිටිනවා. ඒ වඩා යහපත් දේශයක් ගොඩ නැගීමේ අරමුණ ඇතිවයි. දවසක මේ ඉනි එකතු වන තැන මහා බැම්මක් බවට පත්වී පහලට ජලය ගලා යාමට නොදෙන්නා සේ දූෂණ අක්‍රමිකතා හා වංචා නවතිනු ඇතැයි අපගේ විශ්වාසය වනවා.
පෙර ලිපිය
No comments