• Breaking News

    ක්‍රිකට් ආයතන රුපියල් ලක්ෂ 750 ක් යලි අතුරුදන් - Exclusive

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 750 ක් අතුරුදන් වී තිබෙනවා. එම ලිපිය සහිතවම මෙවර අනාවරණය කරන්නේ රටේ බලධාරීන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා සිදුවන බව ඔප්පු කරමින්. නිදහසින් පසු ගෙවුණු වසර 72 පුරා හොරු බවට ඔප්පු වන දේශපාලන නියෝජිතයන් යලි යලිත් බලයට එන රටක මේ මට්ටමින් හෝ ක්‍රිකට් ඉතුරු වී තිබීම පුදුමයකි. ඒ එම දේශපාලන හයිය ගෙන ක්‍රිකට් දේශපාලනය ක්‍රියාත්මක වීම හේතුවෙන්. හැමදාම ලංකාවේ ඉතිරි වන්නේ දූෂණ අක්‍රමිකතා පිලිබද චෝදනා පමණයි. ඒ දඩුවම් ලබාදීම දක්වා ඒවා නීති මගින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. ඊට ආසන්නම උදාහරණ ලෙස හා 2016 වසරේ සිදුවූ මහබැංකු මංකොල්ලය පෙන්වා දිය හැකියි.

    රංගිරි දඹුලු විහාරයට අයත් භූමියේ දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි ලෙස රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය 2000 වසර අවසන් වන විට නිමවුණා. එහි පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුනේ 2001 වසරේ මාර්තු 23 වැනිදා ශ්‍රී ලංකාව හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතරයි. එහි අවසන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේද ශ්‍රී ලංකා හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර 2018 වසරේ ඔක්තෝබර් 13 වැනිදායි. එකම පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වී ඇත්තේ 2014 වසරේ නොවැම්බර් මස 22 වැනිදායි. මේ වන විට මෙම ක්‍රීඩා පිටිය තරග නොමැතිව අතහැර දමා තිබෙනවා. ඒ දේශීය තරග සදහාවත් මෙම ක්‍රීඩා පිටිය ලබා නොදීම හේතුවෙන්. එහෙත් එය හොරුන්ට ඉල්ලමක් වී තිබෙනවා.

    දඹුලු ක්‍රීඩා පිටියේ අක්කර 32 ක් සිය හිතුමතේ බදු දීමට ක්‍රිකට් විධායක කමිටු සාමාජික හා දඹුලු ක්‍රීඩා පිටියේ කළමනාකරු මෙන්ම ක්‍රිකට් ආයතන විශේෂ ව්‍යාපෘති නිළධාරී සුජීව ගොඩලියැද්ද කටයුතු කර ඇති බව අප පසුගියදා අනාවරණය කළා. එම ලිපිය බලන්න.

    2016 වසරේ ඉඩම් බදු දීමෙන් නතර නොවී තවදුරටත් ඉල්ලමක් බවට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය පත්කර ගැනීමට සුජීව ගොඩලියැද්ද කටයුතු කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැතත් එම ක්‍රීඩා පිටියේ පිහිණුම් තටාකයක් ඉදි කරන බව පවසමින්. එලෙස ක්‍රීඩා පිටියේ මීටර් 25 ක දිගින් යුතු පිහිණුම් තටාකයක් වෙනුවෙන් ක්‍රිකට් ආයතන ජාතික සංවර්ධන කමිටුවට සුජීව යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ 2019 වසරේ මාර්තු 20 වැනිදායි. එහි වටිනාකම රුපියල් 122,646,982.99 ක් වනවා. එම යෝජනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව අනුමැතිය ලබාදී 2019 වසරේ මැයි 13 වැනිදායි. එහිදී වැට් සමග රුපියල් 141,203,702.91 ක් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ එම ලිපියයි.

    2019 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යාපෘති ඉංජිනේරු සම්බන්ධීකාරක නලීන් මිදිගස්පගේ ක්‍රිකට් ආයතනයෙන් මුදල් ඉල්ලුම් කර තිබෙනවා. ලිඛිතව සිදුකර එම එල්ලීම මගින් මුදල් ගෙන ඇත්තේ කුප්‍රකට කොන්ත්‍රාත් කොමිස් කුට්ටි කාක්කා ලෙස නම් දැරූ සුජීව ගොඩලියැද්දයි. ඔහු මෙවර සම්පූර්ණ මුදලම සාක්කුවට දමාගෙන ඇත්තේ උපදෙස් දුන් ලොක්කන්ගේ කොටස ලබාදීමෙන් පසුවයි. ඔහු ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් භාවිතා කරන හාල් මැස්සෙක් පමණයි. එය කුඩු බෙදන සුළු ව්‍යාපාරයන් හසු වුවත් මහ මොළකරුවන් හෙලි නොවන්නා ලෙස දැක් විය හැකියි. මෙවර ඔහු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 750 ක අත්තිකාරමක් ක්‍රිකට් ආයතනයෙන්  ලබාගෙන ඇතැයි සදහන්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ සෞභාග්‍යයමත් රටක් හදන බවට පොරොන්දු වෙමිනුයි. එය සිදුකිරීමට නම් දූෂණ අක්‍රමිකතා වංචා පිටුදැකීම සිදුකළ යුතුයි. එසේ නම් බහිරවයන් අරක් ගත් නිදානයක් වන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීම කළ යුතු වනවා. අතුරු පාලක කමිටුවක් පත්කර ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා හා වංචා සොයා දඩුවම් දීම කළ යුතුයි. ඊට සහය වීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට හැකිවේවා යන්න රටේම බලාපොරොත්තුවයි.











    No comments