ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් lankasportsnews වෙත කියා සිටියේ කොටස් ලෙස කණ්ඩායමේ ක්‍රීඩකයින්ව මෙලෙස කදවුරු කරන බවයි. එහිදී පුහුණුවීම් පිලිබද වැඩිම සැලකිල්ල වේගපන්දු බලඇණිය වෙත යොමු කළ බවත් ඔහු කියා සිටියා. මේ අනුව අද ආරම්භ වන පළමු කණ්ඩායමට වේග පන්දු යවන්නන් 6 දෙනෙකු ඇතුලත්. නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, ඉසුරු උදාන හා විශ්ව ප්‍රනාන්දු එම ක්‍රීඩකයින් වනවා.
දග පන්දු යවන්නන් ලෙස ලක්ෂාන් සදකැන්, වනිදු හසරංග හා ලසිත් ඇඹුල්දෙනිය මෙම පුහුණු සංචිතයට ඇතුලත්. කඩුලු රකින්නන් ලෙස ධනුෂ්ක ගුණතිලක හා කුසල් ජනිත් පෙරේරා කැදවූ බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ. වේග පන්දු යවන්නන් වැඩි පිරිසක් ඇතුලත් වීමට හේතුව ලෙස ඔහු කියා සිටියේ ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය පිරිස ඔවුන් බවයි. පුහුණුවීම් සිදු නොකිරීම වඩා තදින් ඔවුන්ට දැනීම මෙම තීරණයට හේතුව වී තිබෙනවා.
මෙම කණ්ඩායමට පුහුණුකරුවන් හා සහය කාර්යමණ්ඩලය 4 දෙනෙක් ඇතුලත්. ඔවුන් සියල්ල ශැන්ග්‍රිල්ලා හෝටලයට ගාල් වීමට හේතුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු නේවාසිකව සිටින්නේ එම හෝටලයේ වීමයි. මේ අතර ක්‍රීඩකයින්ට සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම උපදෙස් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුවනවා. ක්‍රීඩකයන් ප්‍රවාහන කරන වාහන ඒ සදහාම වෙන් කර තිබෙනවා. මේ අතර මෙම නේවාසික පුහුණුවට එක්ව සිටින කිසිවෙක්ට හෝටලයෙන් හෝ ක්‍රීඩා පිටියෙන් පිටවීම තහනම් වනවා.
No comments:
Post a Comment