ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර තුනේ ක්‍රීඩා කරන තරග විකාශන නිෂ්පාදනය හෙවත් ප්‍රඩක්ෂන් රයිට්ස් ලබාදී ඇත්තේ IPG නම් ආයතනයටයි. එහි ප්‍රධානියා වන්නේ අනිල් මොහාන් නැමැත්තෙක්. ඔවුන් ඩුබායි රාජ්‍ය තුල ක්‍රියාත්මක සමාගමක් වන අතර ලෝකය පුරාම ණය වී ඇති හා අපකීර්තිමත් සමාගම් අතර ඉදිරියෙන්ම සිටිනවා. එවන් සමාගමකට මෙලෙස ක්‍රිකට් තරග සදහා නිල ප්‍රවේශය ලබාදීමට ඇති එකම සුදුසුකම වී ඇත්තේ මුදලට තරග පාවාදීම් සදහා සහය වී ඔවුන් ලබා ඇති කීර්තිය පමණයි. එය අප නොව පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කරන්නක්.
එවන් සමාගමකට නිෂ්පාදන අයිතිය ලබාදීම තුලින් ක්‍රීඩා පිටියේ රිසි සේ හැසිරීමටත් ක්‍රීඩකයන් සමග පහසුවෙන් සම්බන්ධ වීමටත් තැරැව්කරුවන්ට ඉඩ කඩ හිමිවනවා. කෙසේ වෙතත් මෙම තීරණය ලබාගෙන ඇත්තේ සභාපති ශම්මි සිල්වා / උප සභාපති රවීන් වික්‍රමරත්න හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා දැඩි මතයක සිටීම හේතුවෙන්. ලේකම් මොහාන් ද සිල්වා / උප සභාපති කේ. මතිවානන් හා උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මෙම තීරණයට සිය විරෝධය පළකර තිබෙනවා. මොහාන් ද සිල්වා lankasportsnews වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම තීරණය හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාව සමග උරන වනු ඇති බවයි. ඒ පාකිස්තාන සුපර් ලීග් (PSL ) තරගාවලිය කඩාකප්පල් වීමට හේතු වූ මුදලට තරග පාවාදීම් සිදුවූයේ මෙම IPG ආයතනය හා අනුබද්ධව බවට වාර්තා වීම හේතුවෙන්. ඒ අනුව ඔවුන් මෙම සමාගම අසාදු ලේඛන ගතකර තිබෙනවා.
මෙම ඔවුන්ගේ නිල වෙබ් ගිණුමේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුල ශාඛාවක් ඇති බවයි. එය නිසි ලෙස සදහන් නොවූවත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයයි. එමෙන්ම ඔවුන්ගේ කීර්තිය පිලිබද අදහස් දක්වා ඇත්තේ මුදලට තරග පාවාදීම් යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමට ලක්කර සිටින සනත් ජයසූරිය වීම කැපී පෙනෙනවා.
මෙම ආන්දෝලනාත්මක ගිවිසුම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 4.2 ක් හිමිවීමට නියමිතයි. ඒ වෙනුවෙන් හඩ නැගූ සභාපති ශම්මිට හා රවීන්ට මෙන්ම ඈෂ්ලී වෙනුවෙන් තවත් ඇමරිකා ඩොලර් මිලියනයක් සන්තෝසම් ලෙස ගෙවීමට වෙන්කර ඇතැයි වාර්තා වනවා. මේ වන විට එහි මූලික ගෙවීම් සිදුව ඇති බවයි ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු කියා සිටියේ.
බොහෝ දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමට දායක වීමේදී සිතා සිටියේ අපේ ස එක්ක සෙල්ලම් බෑ කියායි. එහෙත් සිදුව ඇත්තේ කැහි ගෑනි දී හොටු ගෑනි ලබාගැනීම බව මේ වන විට බොහෝ දෙනා පවසනවා. එක පබයෙක් ඉවත් කර තවත් පබයෙක් හිටවන්නේ ගොයම හොදින් රැක ගැනීමටයි. එහෙත් හිටන් සිටි කලින් පබයා මෙන්ම මේ පබයාගේ හිසටත් ජරා කරමින් කුරුල්ලන් පියාබන ආකාරයක් දක්නට පුලුවන් බව ඇතමුන් පවසනවා. අපේ විශ්වාසය නම් ජනාධිපති හෝ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම මේ කිසිවක් නොදන්නා බවයි. දනුවත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යතුමනි ඔබට තිබෙනවා. එය ඔබ ඉටුකරන තුරු රටම බලා සිටින බව පමණක් කිව යුතුයි.
ගරු ඇමතිතුමනි මේ ඔබේ අවධානයටයි.
No comments:
Post a Comment