Thursday, June 11, 2020

ජනපති නමින් ගෙන්වන හොර බඩු

ක්‍රීඩාවේ දක්ෂතා කෘතිමව වර්ධනය කිරීම උදෙසා බොහෝ කලක සිට උත්තේජක ක්‍රීඩකයන් අතර පැවතියා. එහෙත් පසුකාලීනව එම උත්තේජක භාවිත කිරීම හේතුවෙන් එම තරගයට ඉදිරිපත් වන අනෙක් ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුවුණා. මේ අනුව එලෙස දක්ෂතා කෘතිමව වර්ධනය කිරීම තහනම් කරනු ලැබුවා. ඊට වඩාත් බලපෑම් එල්ල කරනු ලැබුවේ මෙම උත්තේජක අතුරු ආභාධ රැසක් ඇතිකරන්නක් වීම හේතුවෙන්. මේ අනුව ලෝකයේම ක්‍රීඩාවෙන් මෙම උත්තේජක තුරන් කිරීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ආයතනය බිහිවුණා. ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ සිටි සමයේ ක්‍රීඩා අමාත්‍ය වූ මහින්දානන්ද අලුත්ගමගේ පනතක් මගින් තහනම් උත්තේජක භාවත කිරීමට වැට බැන්දා. එය මෙරට ක්‍රීඩාවේ යහපත් හැරවුම් ලක්ෂයක් ලෙස හැදින්විය හැකියි.

මේ අනුව බිහිවූ තහනම් උත්තේජක නිවාරණ ආයතනය ජාත්‍යන්තර තරගාවලි සදහා මෙරට ක්‍රීඩකයන් එක්වීමට පෙර තහනම් උත්තේජක පරීක්ෂණ අනිවාර්ය කරනු ලැබුවා. එහෙත් තහනම් උත්තේජක ලංකාවට ගෙන්වන ව්‍යාපාරිකයන් අදටත් ක්‍රීඩකයන්ට ඒවා ලබාදෙමින් කූට ව්‍යාපාරයක නිරතව සිටිනවා. ඔවුන් පසුගිය යහපාලන රජය අල්ලේ නටවමින් ක්‍රීඩක ජීවිත රැසක් බිලිගත්තා. ඔවුන්ගේ පහසු ගොදුරු බවට පත්වූයේ මලල ක්‍රීඩකයන් හා කායවර්ධන ක්‍රීඩකයන්. ජාතික කායවර්ධන සංගමයෙන් පැන්නූ හිටපු ලේකම් චන්දන අලුත්ගේ එම තහනම් උත්තේජක ව්‍යාපාරය සිය පවුලේ එකක් බවට මේ වන විට පත්කරගෙන සිටිනවා.

මහරගම පවත්වාගෙන යන ශාරීරික යෝග්‍යතා  පුහුණු මධ්‍යස්ථානයක් ඔවුන්ගේ මූලස්ථානයයි. එහි ඉගැන්වීමට ක්‍රීඩාවේ බහිරවයන් වී සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම් ආර්.බී. වික්‍රමසිංහ හා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වැඩිම වරප්‍රසාද ලබාගන්නා දොස්තර හොදහිතද එක්වනවා. ඔවුන්ටත් කොලේ වසා චන්දන මෙම මධ්‍යස්ථාන මුවාවෙන් සිදුකරන්නේ ලංකාවට තහනම් උත්තේජක ගෙන්වීමයි. චන්දනගේ සොයුරු ගෝඨාභය අලුත්ගේ එය සූක්ෂම ලෙස සිදුකරගෙන යනවා. ලංකාවේ පමණක් නොව ලෝකයේම තහනම් කර ඇති තහනම් උත්තේජක ඉතා ලාභදායී ව්‍යාපාරයක් ලෙස ඔවුන් සිදුකරන්නේ අහින්සක කායවර්ධන මධ්‍යස්ථාන වෙත එන බොහෝ දෙනෙකු නොමග යවමින්.

මේ පිටි එක ගන්න. ඕව නැතුව ඇග හදාගන්න බෑ. කොල්ල ඇග දාල ආවහම කෙල්ලෝ පස්සෙන් එයි. මේ ඔවුන් අපටත් කියූවක්. නංගි මේ පිටි එක ගන්න. පස්ස හැඩවෙනවා. උකුල පලල් වෙලා බඩ ෆ්ලැට් වෙනවා. මේ පිටි එක බීලා එක්සයිස් කරනකොට ඇග ශේප් වෙනවා ඔයාටත් ඔයාව අදුර ගන්න බැරි වෙන්න. ඔන්න එතකොට අපිට නම් කියන්න එපා මේ කොල්ලන්ගෙන් බේරෙන්න බෑ කියලා. ඒ තවත් අප සිටින විටම කාන්තාවකට මෙම පිටි විකිණූ ආකාරයයි. ලංකාවේ නීතියෙන් තහනම් තහනම් උත්තේජක දිවයින පුරා කායවර්ධන මධ්‍යස්ථාන වෙත බෙදා ගැරීම ගෝඨාභය අලුත්ගේ සිදුකරනවා.

තහනම් උත්තේජක අරන් ක්‍රීඩා කරන්න එන්නේ නැත්නම් මොකද ? ඔව්. කමක් නෑ. එහෙත් කායවර්ධන මධ්‍යස්ථාන ඔබට ලබාදෙන මෙම පිටි ඔබේ අනාගතය අදුරු කිරීමයි අපට ඇති ගැටළුව. පුරුෂයන්ට ලිංගික බෙලහීනතාව ඇති කරන අතර දරු පල නැති කිරීමට හේතු වනවා. කාන්තාවන්ට ඔසප් වීමේ අක්‍රමිකතා මෙන්ම සෘජුව දරුපල නැති කිරීමට හේතු වනවා. එමෙන්ම දෙපාර්ශවයේම වයස 40 න් පසු වැහැරීම වැඩි කරනවා. හෘදයාබාධ, පිලිකා මෙන්ම නියුරෝ ආබාධ ඇතිකර ඔබව සැදෑ සමය ලෙඩෙක් බවට පත් කරනවා. ලොව සුපිරි ක්‍රීඩක කාල් ලුවිස් අද රෝදපුටුවට සීමා වී සිටින්නේ තහනම් උත්තේජක හේතුවෙන් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. 

ගරු ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට අප මෙම ව්‍යසනය පෙන්වා දුන්නේ අභීත තීන්දු තීරණ ගැනීමට ඔහු පසුබට නොවන බව විශ්වාසයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පිරිසිදු කිරීම ඇත්තෙන්ම සිදුකිරීමට අවශ්‍ය නම් ක්‍රියාවෙන් එය ඔප්පු කළ හැකි අවස්තාවක් ලෙස මෙම තහනම් උත්තේජක රටට ගෙන්වීමට වැට බැදීම පෙන්විය හැකියි. තහනම් මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට ඔහු ගන්නා උත්සාහයට මෙම කොටසත් එක්කිරීම පමණයි සිදුකළ යුතු වන්නේ. එහෙත් ඖෂධ මාෆියාව මෙන්ම උඩ දුවා ඇති තහනම් උත්තේජක, හෙරෝයින් මත්ද්‍රව්‍ය මෙන්ම තුරන් කළ යුතු තවත් එක් ප්‍රධාන උවදුරක් වනවා.



ක්‍රීඩා කූඩැල්ලෝ - 04

සබැඳි පෙර ලිපිය


















No comments:

Post a Comment