Monday, June 15, 2020

කාන්තා ක්‍රිකට් සල්ලාලයෙක්ට භාරදෙයි ?

විගඩන් සේන ලෙස ප්‍රසිද්ධ කාන්තා ක්‍රිකට් සහය පුහුණුකරු මහේෂ් වීරසිංහට ජාතික
 කාන්තා ක්‍රිකට් කණ්ඩායම භාරදීමට සූදානම් වනවා. ඒ මෙතෙක් කළක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හර්ෂද සිල්වාගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකරමින්. මේ අනුව ඔහු වෙනුවට ප්‍රධාන පුහුණුකරු ලෙස මහේෂ් වීරසිංහට උසස්වීමක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මහේෂ් ක්‍රිකට් පුහුණුකරු ලෙස කණ්ඩායම වෙනුවෙන් කිසිවක් සිදු කරන්නේ නැහැ. ඔහු පුහුණු කිරීමට නොදන්නා බීමට හා ගංජා භාවිතා කර විගඩන් නැටීමට දක්ෂයෙක් බවයි ඔහු පිලිබද විමසූ විට ක්‍රීඩිකාවක් අපට කියා සිටියේ.

මාධ්‍යවේදියා - නංගි, හර්ෂ කොහොමද ?
ක්‍රීඩිකාව - ඇයි මොකක්ද සීන් එක.
මාධ්‍යවේදියා - ඔයාලගේ අලුත් හෙඩ් කෝච් ( ප්‍රධාන පුහුණුකරු ) කරන්න යන්නේ.
ක්‍රීඩිකාව - විනාසයි.
මාධ්‍යවේදියා - ඇයි ? 
ක්‍රීඩිකාව - ඔයාට මම කිව්වේ. වර්ල්ඩ් කප් එකේ හොදම බේබද්දාට හිමි රන් සම්මානය දිනා ගත්තේ මෙයා අනේ. මම අර වීඩියෝ එකක් ඔයාට එව්වේ.
මාධ්‍යවේදියා - හරි. හරි. ඒක තියනවා. මිනිහා කෝචින් වලට දක්ෂ නැද්ද ?
ක්‍රීඩිකාව - පිස්සුද හලෝ. කෙල්ලෝ ටික ඉවරයි. දන්නවනෙ අපේ සීන්. මෙයා හෙන බඩු කාරය හලෝ.

මේ අප ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිලිබද වාර්තා කළ ලිපියයි.



වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක කිව්වලු. එවර අප සතු වූ වීඩියෝව මෙවර අප නිකුත් කරන්නේ මෙවන් විකටයන් ප්‍රධාන පුහුණුකරු බවට පත්වීමෙන් සිදුවිය හැකි හානිය සලකායි. 


මේ අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සිංහලෙන් ගැටළු ඉදිරිපත් කළ නොහැකි වූ බොරු සෝබන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු නිෂාන්ත ද සිල්වා ඉන් ඉවත්කර තිබෙනවා. පසුගිය පළමුවනදා සිට ක්‍රියාත්මක වන ලෙස එම පත්වීම ලබා දී ඇත්තේ මනුජ කාරියප්පෙරුමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී ජන්දයක් භාවිත කිරීම සදහා පැමිණි ඔහුට යුතුකම් ඉටු කිරීමක් ලෙස මෙම පත්කිරීම හැදින්විය හැකියි. ක්‍රිකට් දේශපාලනය යනු මෙයයි.

ක්‍රීඩිකාව - මට ලැජ්ජ නෑ හලෝ ඇත්ත කියන්න. අපේ ටීම් එකේ ඉන්ටනැෂනල් ලෙවල් එකේ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් ශශී. ( ශශිකලා සිරිවර්ධන ) එයත් දැන් සමුගත්තනේ. ඉතින් ඉතුරු එක්කෙනයි. චමරි විතරයි. ( චමරි අතපත්තු ) 
මාධ්‍යවේදියා - ඇයි බං එහෙම.
ක්‍රීඩිකාව - කොහෙද අයියේ. අපේ උන්ට... මටත් එක්ක මොනව වෙලාද මන්ද හලෝ. එක පැත්තකින් බුදියන්න කතා කරනවා. අනිත් පැත්තෙන් මේවා. 
මාධ්‍යවේදියා - මේව කිව්වේ.
ක්‍රීඩිකාව - බලනව හලෝ.. ඔය මහේෂ් කලේ හර්ෂ සර්ට විරුද්ධව වටේටම කේලම් කියල ගොට්ට අල්ලපු එක. ශම්මිගේ කිව්වොත් මිනිහා බෙට්ටක් හරි කයි.. 

මේ නිරාවරණය වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් එක පැතිකඩකි. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට අප ගෞරවයෙන් කියන්නේ තවදුරටත් ක්‍රිකට් විනාස වීමට ඉඩ දෙන්න එපා. මේ ඔබේ වාරයයි. මැතිවරණයට පෙර ඔබ ක්‍රීඩාවට සේවයක් කළ බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න. සල්ලි හා කාන්තාවන්ට විකිණී ක්‍රිකට් විනාස වීමට දුන් ක්‍රීඩා අමාත්‍යවරු අතරට ඔබ එක් නොවන්න.




















No comments:

Post a Comment