• Breaking News

    ජනපති ක්‍රිකට් ආයතනය විසුරුවයි ?

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ මහ මැතිවරණයට පසුවයි. ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචා මාධ්‍ය දිගින් දිගටම සාක්ෂි සහිතව අනාවරණය කිරීම ඊට හේතු වී ඇතැයි සදහන්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් හා හොර ගුහාවක් බව අප අවස්ථා රැසක වාර්තා කළා. ඒ සාක්ෂි සහිතවයි. 2015 සිට පැවති රජය යහපාලනය ඉදිරියට දමා රටේ ආරක්ෂාව පමණක් නොව ක්‍රිකට් ආයතනයත් යකා පාලනයක් බවට පත්වීමට ඉඩ දුන්නා. මේ අනුව මහ බැංකු මංකොල්ලය පැරදවීමට තරම් වංචා රැසක් ක්‍රිකට් ආයතනය තුලත් සිදුවුණා. මහබැංකු මංකොල්ලය මෙන්ම ක්‍රිකට් ආයතන වංචා අනාවරණය කරනු ලැබුවේ කෝප් කමිටුව විසින්. ඒ සාක්ෂි සහිතවයි. කෙසේ වෙතත් මහබැංකු මංකොල්ලයේ මෙන්ම ක්‍රිකට් මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුකළ කිසිවක් මෙතෙක් නීතිය ඉදිරියට ගෙන ඒමට වත්මන් රජය සමත්ව නැහැ.

    ක්‍රිකට් විකාශන අයිතිය වෙනුවෙන් හිමිවූ මුදල් පෞද්ගලික ගිණුමකට මාරු කිරීම පසුගියදා සිදුවුණා. එහෙත් ඊට මෙතෙක් නීතිය නිවරදිව ක්‍රියාත්මක වී නැහැ. එම මුදලට සිදුවූ දෙයක්ද මෙතෙක් සොයාගෙන නැහැ. මේ පිලිබද සාක්ෂි සහිත අනාවරණයක් කෝප් කමිටුවේදී ද සිදුවුණා. ඒ පිලිබද අපගේ පෙර ලිපිය.


    එමෙන්ම මහා නායක හිමිවරුන්ව පවා සිය දූෂණ අක්‍රමිකතා සදහා ඈදා ගැනීමට ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල සමත්වුණා. ඒ මහනුවර ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකරන බව පවසමින්. එහිදී සිදුව ඇති රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මූල්‍ය වංචාවද සාක්ෂි සහිතව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. මේ ඒ පිලිබද අපගේ පෙර ලිපියයි.

    එමෙන්ම එහි වත්මන් තත්වය හා තොරතුරු ඇතුලත් විශේෂ වීඩියෝව බලන්න පින්තූරය ක්ලික් කරන්න.

    මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කියා සිටියේ වසර 25 ක් පුරා තමන්ව රැවැට්ටීමට ක්‍රිකට් ආයතන විශේෂ ව්‍යාපෘති භාර සුජීව හොඩලියද්ද කටයුතු කළ බවයි. ඒ පොලොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකරන බව පවසමින්. ඔහු පසුගිය වසර කිහිපයේ පමණක් ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 100 ක් ලබාගෙන පොලොන්නරුවේ කැලයක් වවා තිබෙනවා. එහි දර්ශන හා තොරතුරු බලන්න පින්තූරය ක්ලික් කරන්න.

    දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිදුව ඇති මහා මූල්‍ය වංචාවක්ද අප අනාවරණය කළා.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේ සෞභාග්‍යයමත් රටක් හදන බව පවසමින්. එහෙත් මේ වන තුරු සිදුව ඇත්තේ කටින් බතල හිටවීමක් පමණයි. මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුකළ කිසිවෙක්ට එරහිව නීතිය ක්‍රියාත්මක කර නැහැ. යහපාලන ආන්ඩුව සිදුකළ පරිදිම දේශපාලන දඩයම් පමණක් සිදුවනු දක්නට හැකියි. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකා වූ මහ බැංකු හොරු, පාස්කු බෝම්බය පිපිරීමට ඉඩ හැර වගකීම් පැහැරහැරිය අය, වද සැත්කම් සිදුකළ බව කී සාෆිට නීතිය ක්‍රියාත්මක කිරීම හා කිසිදු සහනයක් ජනතාවට ලබා දී නැහැ. මේ අනුව කතාව නම් දෝලාවෙන් ගමන් පයිනුත් නොව බඩගාන් බව කිව යුතුමයි.

    ජනාධිපතිතුමනි මැතිවරණයට පෙර අඩුම තරමේ සාක්ෂි සහිතව අනාවරණය වූ ක්‍රිකට් ආයතන හොර, දූෂණ, අක්‍රමිකතා වෙනුවෙන් හෝ තීරණයක් ගන්න. එවිට ඇ‍ත්තටම ඔබ හොරකමට එරෙහි ජනාධිපතිවරයෙක් බවට ජනතාවට තීරණය කිරීමට හැකිවේවි. නැත්නම් කලින් වෙලේ හිටන් සිටි පබයා වෙනුවට ඇමරිකන් පන්නයේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන පබයින් මාරුවක් බව සිදුව ඇති බව පමණක් ජනතාව කියනු ඇති. මේ ඔබේ වාරයයි. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදෙන අභීත සගයෙක් බවට ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට සහය වී, ලංකාවේ සිටි හොදම ක්‍රීඩා අමාත්‍යවරුන් අතරට එක්වීමට හැකි බව අප සිහිපත් කළ යුතුයි. මහ මැතිවරණයට පෙර අඩුම තරමේ ක්‍රිකට් ආයතනය හෝ සුද්ද කර පෙන්වන ලෙස අප ආන්ඩුවට අභියෝග කරනු කැමතියි. ඒ රටේ මුදල් නාස්තිය හා මහජනතාව වෙනුවෙනුයි.

    ක්‍රිකට් අල්ලේ නටන රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කර ජනතාවට වගකියන රටක් තුල පැහැබර ක්‍රිකට් අනාගතයක් ගොඩ නැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හැකිවේවායි අපි පතමු. එදාට අපිටත් වන්දිබට්ටයන් හා එක්ව රෙස්පෙක්ට් සර්, ( Respect Sir ) යැයි කීමට හැකියි. එතෙක් ජනාධිපතිතුමනි ඔබට කටේ කයිවාරු #කේ අච්චාරු යැයි කොල්ලන් කියනු ඇති. එන්න ඔබ පහලවනතුරු බලා සිටි දියසෙන් කුමරු බව ඔප්පු කරන්න. මේ යෂ්ඨි හුවමාරුව ඔබටයි. ක්‍රිකට් ආයතනය සුද්ධ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කිසිදු ගැටළුවක් නැති බවත් අප කිව යුතුමය. 


    මේ හා බැදුනු පෙර ලිපි
























    No comments