ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිංගික අල්ලස් - Exclusive
ක්‍රීඩා අමාත්‍යාංශය කලක පටන් ලිංගික අල්ලස් ලබාගැනීම ජයටම සිදුවන මගුල් සක්වලක් වී තිබෙනවා. දකුණු පළාත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සම්බාහන මධ්‍යස්ථානය බව අප හෙලිකිරීමත් සමග රටම කැලඹී ගොස් අවසන්. ඊට ප්‍රතිචාර ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවන මෙම ලිංගික අල්ලස් ගැනීමේ සිදුවීම පිලිබද වැඩිදුර තොරතුරු අනාවරණය වුණා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ කලින් කලට ඇමතිවරු මාරුවනවා. එවිට අමාත්‍යාංශයේ ලේකම්වරුන්ද මාරු වීම සාමාන්‍යයි. බොහෝ විට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරද මාරු වනවා. එහෙත් එහි අනෙක් මුල් පුටු රත් කරන නිලධාරීන් වැල යන අතට මැස්ස ගැසීමට දක්වන දක්ෂතාව හේතුවෙන් සිය තනතුරු බේරා ගන්නවා. ඒ උසස්වීමක්ද සමගින්. එලෙස කලක සිට පැමිණි, ක්‍රීඩාවේ විශාලතම විශබීජය බවට ඔවුන් පත්ව ඇත්තේ ක්‍රීඩාව වල පල්ලටම දක්කමින්. ඒ අතර ප්‍රධානියා බවට මේ වන විට පත්ව ඇත්තේ සහකාර ලේකම් ආර්. බී. වික්රමසිංහයි.
ආර්. බී වික්‍රමසිංහ ජාතික බර ඉසිලීමේ ජාතික පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා. ඔහු එය ගරු කටයුත්තක් ලෙස සිදුකරන බව පවසමින් ඉන් ලැබෙන සියලු දීමනා වරප්‍රසාද බුක්ති විදිනවා. සියලු විදෙස් සංචාර ලබාගන්නා ඔහු ඒ වෙනුවෙන් ලබාගන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරී දීමනායි. එමෙන්ම ක්‍රීඩකයන් ලබාගන්න ජයග්‍රහණ සිය ජයග්‍රහණ බව පෙන්වමින් ඔහු ඒ වෙනුවෙන් හිමිවන දීමනාවන්ද ලබා ගන්නවා. ඊට ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිවෙක් විරුද්ධ නොවන්නේ කාන්තාවන් පිරුණු අමාත්‍යාංශයේ සිටින පිරිමි අතලොස්සෙන් කෙනෙක් වීම හේතුවෙන්. කිකිළියන් පිරුන කොටුවේ එකම හා හොදම කුකුළා වීම එක්තරා භාග්‍යක්. මේ හේතුවෙන් සතියට දිනක් ගෙදර යන ඔහු වෙනුවෙන් රෙද්ද ඉස්සීමට බොහෝ පිරිසක් සිටිනවා. මේ තොරතුරු ලබාදුන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියා සමග ඇති වූ සංවාදයක් මෙතැන් සිට පළවනවා. ඒ සංස්කරණය කිරීමෙන් පසුව බව සලකන්න.
ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියා - මේ දවස්වල විකී(ආර්.බී වික්‍රමසිංහ) තියන් ඉන්නේ සුභානිව. ගෑනි බැදලා. බෝට්ටු ගියාට මුහුදේ පාරවල් හිටින් නෑනේ මල්ලි.
මාධ්‍යවේදියා - කොයි සුභානිද අයියේ.
නිලධාරියා - ඇයි බං අර උබත් ආපු ....හිටියේ. ..... පාට සාරියක් ඇදන් හිටපු එක්කෙනා.
මාධ්‍යවේදියා - එයා එහෙමද ?
නිලධාරියා - නැතුව. ඒක මේකේ ප්‍රසිද්ධ රහසක්. අනිත් ඒව නොදන්නවා වගේ ඉන්නවා. මොකද උන්ට රට යන ඒවට ඇමතිට කියලා ආර්.බී නේ සෙට් කරන්නේ ටිකට් එකයි දීමනා ටිකයි.
මාධ්‍යවේදියා - උන් මොනවද දෙන්නේ.
නිලධාරියා - යන රට අනුව ලැබෙන ගාන අනුව ආ ගාන තීරණය වෙන්නේ ටුවර් එකේ දින ගාන අනුව. දොලපිදේනි වගේම ආවහම සාරිය ඉස්සුවට මොකද ආයේ උදව් ඕනේ වෙනවනෙ රට යන්න.
මාධ්‍යවේදියා - මේවනේ ගේම්.
එලෙස දිගට ඇදුනු සංවාදය ක්‍රිකට් නිලවරණය දක්වාම පැමිණියා.
නිලධාරියා - මල්ලි ක්‍රිකට් නිලවරණයේදී වෙච්ච දේ දන්නවද ?
මාධ්‍යවේදියා - නෑ.. අපි එලියෙනේ හිටියේ.
නිලධාරියා - හරීන් ඇමතිතුමා ජන්ද ගන්න ඕන ලිස්ට් එකක් දුන්නා. විකී කියෙව්වේ ඒකට අනුව අනුපිළිවෙල නෙමෙයි. ශම්මිට ජන්ද වැටෙන පිලිවෙල.
මාධ්‍යවේදියා - ඉතින්.
නිලධාරියා - ජන්ද එක දිගට ශම්මිට වැටෙනකොට ඔක්කොම හිතුවා රැල්ල එහෙට කියලා. පාවෙන් උන් ඔක්කොම එහෙට දැම්මා.
මාධ්‍යවේදියා - ඇයි එහෙම කළේ.
නිලධාරියා - කලින් දවසේ ලොකු ගානක් මූට දුන්නා. ඊට කලින් ඉදලමත් මූට සැලකුවා. ඉතින් මූ විරෝධතා අකුරක් නෑර ශම්මිට දුන්නා.
මාධ්‍යවේදියා - මාර සීන් එකනේ.
නිලධාරියා - ඇමතියවත් උන් අල්ලල තිබුනේ කලින්. ඉතින් ගේම උඩු යටිකුරු උනා. ඇත්තටම ජයන්ත ජන්ද දෙකකින් තුනකින් දිනයි කියලා කට්ටිය බයවෙලා හිටියේ. ඇමතියා කුකුල හින්දා කොටන්න දීල ගානක් අත මිට මොලවලා ගේම ගහලා.
මාධ්‍යවේදියා - ආර්.බී මාර ගේම් කාරයෙක්නේ.
සංවාදය එලෙස අවසන් වෙද්දී ආර්.බී වික්‍රමසිංහ යනු ගේම් කප්පිත්තෙක් බව තහවුරු වුනා. ඉන් ඔහු සැමදා බලේ සිටීමට සමත්ව සිටිනවා. ක්‍රීඩා ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු කටයුතු කළ සමයේ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට පුහුණුකරු තනතුරු දැරීමට නොහැකිවන නීතියක් ගෙන ආවා. එහෙත් එය ලත් තැනම ලොප් කිරීමට ආර්.බී සමත්වුනේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සෙසු නිලධාරිනියන්ගේ ද සහය ලබා ගනිමින්. එමෙන්ම ඊට ඔහු ක්‍රීඩා විද්‍යායතනයේ අධ්යක්ෂ ජනරාල් සජිත් ජයලාල්ගේ සහයත් ලබාගත්තා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය සැමදාමත් හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩක් සිදුකරනවා. ඒ පුහුණුකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් යොදවා ඔවුන්ගේ අක්‍රමිකතා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ම විමර්ශනය කරමින්.
මේ අතර ආර්.බී වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් භාර නිලධාරියාද වනවා. මේ නිසාවෙන් ක්‍රීඩාවට අරක් ගත් බහිරවයන්ගේ සුරතලා වී ඇත්තේ ආර්.බී යි. ඔවුන් දොලපිදේනි තට්ටු පිටින් පිරිනමමින් සිය බලය රැක ගන්නවා. ක්‍රීඩා සංගමයක දූෂණ අක්‍රමිකතා සෙවීම සදහා නිලධාරීන් පත් කරන්නේ ආර්.බී විසින්. ඉතින් ඔහු ඔහුට පරීක්ෂණ සිදුකර වැරදිකරු ලෙස නිගමන නොදෙන්නා සේ හිතවත් දූෂිත නිලධාරීන් රැක ගැනීම වෙනුවෙන් සිය හිතවතියන් පත් කරනවා. ඔවුන් වංගු ගසා වැරදිකරු නිවරදි කරනවා. ඒ අනාගත විදෙස් සංචාර වෙනුවෙන්. එවන් සිදුවීම් ඕනෑ තරම් සිදුව තිබෙනවා. මාධ්‍යවේදීන් ඔහුට එරහිව පෑනට අත නොතබන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඔහු ගොඩ නගා ඇති බලය හේතුවෙන්.
ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණ තුලින් ක්‍රිකට් පුහුණුකරුවන් , ජාතික වූෂු සංගමයේ සභාපති මානෙල් ධර්මකීර්ති මෙන්ම කායවර්ධන සංගමයේ චන්දන අලුත්ගේ වැරදිකරුවන් ලෙස තහවුරු කර තිබෙනවා. එහි දකුණු පළාත් ක්‍රිකට් සම්බන්ධීකාරක ලෙස මේ වන විට කටයුතු කරන තුසිත් ප්‍රසන්න ගලප්පත්ති පිලිබද අප එම වාර්තාව සමග කරුණු වාර්තා කළා. එහෙත් එම වාර්තාව ලබාදී වසරකට වැඩි කාලයක් ඔහු උසස්වීමක්ද සමගින් ක්‍රිකට් ආයතනයේ සේවය කරනවා. ඒ මෙම ක්‍රීඩා සංගම් භාර ක්‍රීඩා අමාත්‍යාංශ අති දූෂිත සහකාර ලේකම් ආර්.බී වික්‍රමසිංහගේ ආශිර්වාද ඇතුවයි. ඊට හේතු වී ඇත්තේ දකුණු පළාත් යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් කොළඹ පැමිණි පසු මසාජ් කරන එක ජුන්ඩෙක්ගේ හිමිකරු ආර්.බී වික්‍රමසිංහ වීමයි.
Lankasportsnews අප ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙම කූඩැල්ලා ගැන තවත් සාක්ෂි සහිතව අනාවරණය කිරීමට බලාපොරොත්තු වනවා. වැඩකරන අපේ විරුවා ලෙස බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇත්තටම රට වෙනුවෙන් සේවය කළ යුතු නම් මෙවන් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදිය යුතුමයි. ඔවුන් ඉවත් නොකර ක්‍රීඩාව දියුණු කිරීම යනු තවත් එක සිහිනයක් පමණයි.
අලුතින් ඇමතිවරු හා ලේකම්වරු පැමිණෙන විට ක්‍රීඩාවේ සියල්ල දත්ලා ලෙස කිට්ටු වන ආර්.බී වික්‍රමසිංහ වැනි අය මාරු කිරීමට ප්‍රභල, ක්‍රීඩාව දියුණු කිරීමට ඇල්මක් ඇති ඇමතිවරයෙක් පැමිණිය යුතුයි. වත්මන් ඇමතිතුමනි. මේ ඔබේ අවස්ථාවයි. හැකිනම් ඔප්පු කර පෙන්වන්න ඉතිහාසයේ කෙටි කාලයකින්ම ක්‍රීඩාවට සේවයක් කළ ප්‍රභලම ඇමතිවරයා තමන් බව. ඇමතිතුමනි, ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ ලොකුම කූඩැල්ලා ගලවා ක්‍රීඩාවේ තවත් සාරය උරා බීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ අවස්තාව නැති බව ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වන්න. මේ ඔබටයි අවස්ථාව.
ක්‍රීඩාවේ කූඩැල්ලෝ - 03
මේ හා බැදුණු පෙර ලිපි
No comments