• Breaking News

    පොහොට්ටුවේ අපේක්ෂක ඩිල්ෂාන් දැරියක් දූෂණය කරලා ? Exclusive

    2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා අනාවරණය කළා. ඊට සාක්ෂි ඇති බව කියා සිටියේ එම තරගාවලියේ පරිඝණක දත්ත විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දරයි. මෙම අනාවරණය පිලිබද ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහෙත් එය තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට මේ වන විට පත්ව ඇති බව කිව යුතුයි. ඒ පැමිණිලිකරු මහින්දානන්දගෙන් එම අනාවරණය පිලිබද ප්‍රකාශ ලබා ගත්තත් මෙතෙක් එහි සාක්ෂි තමන් සතුව ඇතැයි කී සනත්ගෙන් කිසිවක් සටහන් කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන්. මෙය පැහැදිලි දේශපාලන පලිගැනීමට කළ ප්‍රකාශයක් වීම හේතුවෙන් අප තීරණය කළා අනාවරණය වූ සිදුවීමක් පිලිබද තොරතුරු සාක්ෂි සහිතව අනාවරණය කිරීමට.

    2010 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වුණා. එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළේ තිලකරත්න ඩිල්ෂාන්. තරගාවලියක් අතරතුර ක්‍රීඩකයින්ට නේවාසික හෝටලයෙන් පිටවීමට නම් කණ්ඩායම් කළමනාකරුගෙන් අවසර ගත යුතුයි. එමෙන්ම ඔවුන් තරගාවලිය අතරතුර බාහිර පාර්ශ්‍රවයක් හමුවීමටත් එලෙසම අවසර ගත යුතු වනවා. ඒ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ අරමුණ ඇතිවයි. එවිට ක්‍රීඩකයන් හා ගණුදෙනු කිරීමට බුකීකරුවන්ට හැකිවන්නේ නෑ. එහෙත් මෙම තරගාවලියේදී එම නීතිය කඩමින් රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වීමට නායක තුවාන් මොහොමඩ් හෙවත් ටී.එම් තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු කටයුතු කර තිබෙනවා.

    අනතුරුව ඩිල්ෂාන් එහිදී 17 හැවිරිදි දැරියක් දූෂණය කර ඇතැයි වාර්තා වනවා. අනතුරුව ඇය ගොස් එරට පොලීසියේ පැමිණිලි කර ඇතැයි සදහන්. ඒ අනුව ක්‍රියාත්මක වූ සිම්බාබ්වේ පොලීසිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගත් හෝටලය වටලා තිබෙනවා. ඒ ඩිල්ෂාන් අත්අඩංගුවට ගැනීම සදහායි. එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේසන් ඔෆිසර් වහාම මෙරට ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වී සිදුවීම වාර්තා කර තිබෙනවා. මේ අනුව ඔහු හරහා විශාල මුදලක් සිම්බාබ්වේ පොලීසියට අල්ලස් ලබාදීමට කටයුතු කිරීම හරහා ඩිල්ෂාන් අත්අඩංගුවට පත් නොවී ඇතැයි සදහන්. සිම්බාබ්වේ යනු දූෂිතම රටක් වන අතර 2018 ට පෙර ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස සැලකුනේද ඔවුන්වයි. එම කිරුළයි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට දිනා සිටින්නේ. කෙසේ වෙතත් ඩිල්ෂාන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වහා එරටින් පිටව ඇත්තේ එතෙක් ඩිල්ෂාන්ව අත්අඩංගුවට නොගන්නා බවට එරට පොලීසිය ලබාදුන් සහතිකය හේතුවෙන්. එහෙත් ඩිල්ෂාන් යලි සිම්බාබ්වේට ඇතුලු වූ සැනින් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු පවතිනවා. මේ හේතුවෙන් ඩිල්ෂාන් මෙතෙක් කිසිදාක සිම්බාබ්වේ සංචාරය කර නැහැ. කෙසේ වෙතත් මෙම වාර්තා කටකතා පමණක් බවයි එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.  මේ මෙම තොරතුරු ඇතුලත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාව බලන්න.


    මෙම තරගාවලිය අතරතුර විනය කඩ කරමින් හෝටල් කාමරයෙන් රාත්‍රි 10 පසුවී ඩිල්ෂාන් හා දිල්හාර ප්‍රනාන්දු පිටවී ගොස් කණ්ඩායම් කළමනාකරුට හසුවී තිබෙනවා. මේ අනුව මුදලට තරග පාවාදීම් සදහා කටයුතු කරන බුකී කරුවන්ගේ නිරතුරු ඉලක්කයක් බවට ඔවුන් පත්වන්නට ඇති. ඩිල්ෂාන් හා දිල්හාර විනය කඩකරමින් එහිදී හැසිරුන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු අනුර තෙන්නකෝන් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම්දී ඇත්තේ විශේෂ වාර්තාවක් මගින්. එහෙත් ඒවා සියල්ල යටපත් වුණා. ඒ පිලිබද තොරතුරු ඇතුලත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාව මෙතනින් බලන්න.


    කෙසේ වෙතත් මෙම තරගාවලියෙන් පසු ඩිල්ෂාන්ට කණ්ඩායම් නායකත්වය හා උප නායකත්වය අහිමිව ගියා. කෙසේ වෙතත් මෙලෙස බේරාගන්නේ ඩිල්ෂාන්ව කණ්ඩායම් කළමනාකරු වාර්තා කර තිබියදී වීම කැපී පොනෙනවා. එක ජාතියේ කුරුල්ලෝ වහන්නේ එක අත්තේ ලෙස කියමනක් තිබෙනවා. කුණුගොඩට එක්වන්නේ තවත් කුණුගොඩක්. මේ අනුව තිලකරත්න ඩිල්ෂාන් සිය දේශපාලන ගමන නිවැරදිව තෝරාගෙන තිබෙනවා. වැඩිම ස්ත්‍රී දූෂකයන් හා සල්ලාලයන් ඇති පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලනය ලෙස තෝරා ගැනීම අරුමයක් නොවන බව දැන් ඔබට පැහැදිලි ඇති. මෙවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමට නියමිත තිලකරත්න ඩිල්ෂාන්ට ඇත්තේ මෙවන් ඉතිහාසයක්.

    මෙම ලිපිය අපහාස කිරීම සදහා නොව තොරතුරු දැන ගැනීම සදහා සපයා ඇති බව කරුණාවෙන් සලකන්න. මහජනයා ලෙස ඉදිරි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සිටින්නෙක්ගේ ඉතිහාසය දැන සිටිය යුතු බව අපගේ විශ්වාසයයි. 2009 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මුදලට පාවාදුන් හැටි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.




     




    No comments