දඹුල්ලෙදි ගලත් කපලා - සල්ලිත් අරන් - Exclusive
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් මෙන්ම මහා හොර ගුහාවක් බව පසුගිය කාලයේ අප අනාවරණය කළා. මේ තවත් එවන් මහා මූල්‍ය වංචාවක අනාවරණයක්. ක්‍රිකට් ආයතනය කෙතරම් හොරකම් කර හසුවූවත් දඩුවම් නොලබන අරුම පුදුම තැනක් බවට පත්ව ඇත්තේ රජයේ පූර්ණ ආශිර්වාදය ඇතුවයි. පසුගිය වසරේදී කෝප් කමිටුව හමුවේ එලෙස රුපියල් බිලියන ගණනින් සිදුවූ දූෂණ හා අක්‍රමිකතා පිලිබද අනාවරණය වුණා. එහෙත් මේ වන තුරු එම දූෂකයන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. ඒ ඔවුන් එම කරුණු වසන් කිරීමට රජයට අල්ලස් දීම හේතුවෙන්. එහි එක් අල්ලසක් ලෙස ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩා පිටිය හෝමාගම දියගම ඉදිකිරීමට ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ගැසූ ගැටය හැදින්වීමට හැකියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2000 වසරේදී රන්ගිරි දඹුලු විහාරයට අයත් අක්කර 72 ක ඉඩමක් තුල රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකරනවා. හිටපු සභාපති තිලංග සුමතිපාල මුල්ව එලෙස ඉදිකළ ක්‍රීඩා පිටිය මේ වන විට අයාලේ යන හරක් සදහා නවාතැන් සපයනවා. රන්ගිරි දඹුලු විහාරයට මෙම ඉඩම බදු ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය බදු මුදල් නිසි ලෙස ගෙවීම් සිදුකරනවා. ඒ වන විටත් ක්‍රිකට් ආයතන ලේකම් වන්නේ මොහාන් ද සිල්වායි.
2014 වසරේදී ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාස මෙතරම් විශාල ඉඩමක් ක්‍රීඩා පිටියට අවශ්‍ය නොමැතිවීම හේතුවෙන් එම බදු ඔප්පුව සංශෝධනය කළා. ඒ ක්‍රීඩා පිටිය සදහා අක්කර 32 ක ඉඩමක් පමණක් තබා ගනිමින්. මේ අනුව ඉතිරි අක්කර 30 සදහා ක්‍රිකට් ආයතනය නීතිමය වශයෙන් බැදීමෙන් නිදහස්ව තිබෙනවා.
2015 වසරේදී යලි ක්‍රිකට් ආයතන සභාපති ලෙස තිලංග සුමතිපාල පත්වීමත් සමග ක්‍රිකට් ආයතන ක්‍රීඩා පිටි පළාත් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සදහා භාරදෙනු ලබනවා. ඒ වන විට තිලංග සමග ලේකම් ලෙස මොහාන් ද සිල්වා පත්ව අවසන්. මේ අනුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයට පරිපාලන වගකීම පැවරෙනවා. එම සංගමයේ සභාපති වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කුප්‍රකට කොන්ත්‍රාත් කොමිස් පප්පා ලෙස හදුන්වන විශේෂ ව්‍යාපෘති කළමනාකරු සුජීව ගොඩලියැද්ද එහි ලේකම් වනවා. ඔවුන් දෙදෙනා එක්ව එවක දඹුල්ල පන්සලේ විහාරාධිපති හිමියන්ව නොමග යවා 2014 ක්‍රිකට් ආයතනය අත්හැරිය අක්කර 30 ක භූමිය බුක්ති විදීම ආරම්භ කර තිබෙනවා.
මේ අනුව නිල වශයෙන් ක්‍රිකට් ආයතනය වගකීම නොදරන එහෙත් ක්‍රිකට් ආයතනය නමින් වෙන්ව ඇති අක්කර 72 න් අක්කර 30 ක් ව්‍යාපාර සදහා බදු දීමට සුජීව ගොඩලියැද්ද කටයුතු කර ඇත්තේ සියල්ලන්ගේ ඇසට වැලි ගසමින්. ඒ යටතේ මේ වන විට දඹුලු එම භූමියේ ක්‍රිකට් ආයතන ලේකම් හා උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති මොහාන් ද සිල්වාගේ මල්ලී හෝටලයක්ද ඉදිකර තිබෙනවා. එම අක්කර 30 ක භූමියේ ඇති ව්‍යාපාරයන්ගෙන් බිම් කුලිය ලෙස බදු මුදල් අයකර ගැනීම කලට වේලාවට කටයුතු කර ඇත්තේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් හා ක්‍රිකට් ආයතන විශේෂ ව්‍යාපෘති කළමනාකරු සුජීව ගොඩලියැද්දයි. දඹුලු ගොස් තලගොයි මරන් එනවා කියන්නේ මෙවන් මහා මූල්‍ය වංචායි.
එක්දින ක්‍රිකට් තරග 100 කට වඩා පවත්වා ඇති මෙම ක්‍රීඩා පිටියේ 2001 වසරේ මාර්තු 23 වැනිදා මංගල එක්දින තරගය ශ්‍රී ලංකා හා එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණා. 2018 වසරේ ඔක්තෝම්බර් මස එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එහි අවසන් වරට තරගයක් පැවැත්වී තිබෙනවා. මෙම ක්‍රීඩා පිටියේ එකම හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය පැවැත්වී ඇත්තේ 2014 වසරේදීයි. ප්‍රේක්ෂකයන් 30,000 කට එකවර තරග නැරඹීමට පහසුකම් සැපයීම ඉදිකිරීම් ආරභයේ බලාපොරොත්තුව වුවත් මේ වන විට එහි ඉඩ ඇත්තේ ප්‍රේක්ෂකයන් 16,800 කට පමණයි. ලංකාවේ ඇති දිවා රාත්‍රී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි එහෙත් අභාවයට යාමට ඉඩ දී ඇති ක්‍රීඩා පිටියක් ලෙස මෙය සැලකිය හැකියි. එහෙත් ලේකම් මොහාන් ද සිල්වාගේ මල්ලී හෝටලයක් මේ වන විට ඉදිකර තිබීම හේතුවෙන් ඉදිරියේදී මෙම ක්‍රීඩා පිටියට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලැබීම ආරම්භ වනු ඇති.
No comments