Thursday, June 25, 2020

මහින්දානන්ද ICC ය මගඅරී - පොලීසියට කළ පාපොච්චාරණය - Exclusive - Video

මහින්දානන්ද අලුත්ගමගේ සොයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මාධ්‍ය ඒකකය පැවසුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය පිලිබද අවධානය යොමුකර ඇති බවයි. මේ අනුව ඔවුන්ගේ දූෂණ වැලැක්වීමේ ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් අවස්ථා කිහිපයකදීම හිටපු අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් එය නොහැකි වී ඇත්තේ අමාත්‍යවරයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. මේ අනුව ඉදිරියේදී යලිත් ඔහුගෙන් තොරතුරු ලබාගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් එය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බව මේ වන විට සනාථ වී අවසන්.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අනාවරණය කළා. එම අනාවරණය පිලිබද වහාම විමර්ශන ආරම්භ කරන ලෙස වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම උපදෙස් දුන්නා. ඒ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයටයි. මේ අනුව එහි පොලිස් කණ්ඩායමක් නාවලපිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිවරණ කාර්යාලයට පැමිණියා. ඔවුන්ට මෙහිදී හිටපු අමාත්‍ය මහින්දානන්ද සැලසුම් කළ පරිදිම හොද සංග්‍රහයක් ලබාදී තිබෙනවා. අනතුරුව පිටු 06 ක පැමිණිල්ලක් ලබාදී ඇත්තේ සාක්ෂි ලෙස පැවසූ ලේඛන 08 ක් ද ලබා දෙමින්. ඔහුගේ පැමිණිල්ල මගින් සදහන් කර ඇත්තේ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම සැක සහිත බවයි. නැතුව පාවාදුන් බවක් නොවේ. එහෙත් ඔහු වීරයකු ලෙස පපුවට අත තබා පැවසුවේ මෙම තරගයේ පාවාදීමක් වූ බවයි. එය ක්‍රීඩකයන් නොකළ බවත් හෙළි නොකරන්නේ රට වෙනුවෙන් බවත් ඔහු එහිදී පවසනවා. එහෙත් දැන් කතාව වෙනස් වී එය සැකයක් දක්වා කණපිට ගසා තිබෙනවා. ඔහු එදා සහ අද කී කතා අසන්න

මහින්දානන්ද අලුත්ගමගේ භාර දුන් ප්‍රකාශයේ කරුණු 24 ක් යටතේ දක්වා ඇත්තේ මෙම පරාජය සැක සහිත බවයි. ඒ පිලිබද ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස 2011 ඔක්තෝබර් 30 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යැවූ ලිපියක පිටපතක්ද භාර දුන් ලේඛන අතර වනවා. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත එවූ ලිපියක්ද එහි තිබෙනවා. මේ අනුව ඔහු කිසිවක් අලුතින් ලබාදී නැති අතර ගිය ණුවන ඇතුන් ලවා ඇද්දවීමට නොහැකි නිසා එය වැසීමට අයිසින් තවරා ඇති ආකාරයක් දක්නට පුලුවන්. කෙසේ වෙතත් තවත් එක් මැතිවරණ ජවනිකාවක් එලෙස නිමා වූ බව සටහන් කළ හැකියි.

මහින්දානන්ද අලුත්ගමගේ මෙලෙස ඔහු කළ ප්‍රකාශය වෙනුවෙන් සාක්ෂි ලබා නොදුන්නත් ඊට සාක්ෂි ඇති බව එම තරගාවලියේ පරිඝණක දත්ත විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දර පැවසුවා. ඒ පිලිබද සාක්ෂි හා අප ලිපිය බලන්න.


කෙසේ වෙතත් මෙම ගැටළුවට මෙරට ප්‍රධානම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා වත්මන් ක්‍රීඩකයන් මැදිහත්ව අවසන්. එය මෙහි ඇත්ත නැත්ත කඩිනමින් ලෝකයාට අනාවරණය වීමට ඉවහල් වනු ඇති. එතෙක් අප බලා සිටිමු.

පෙර සබැඳි ලිපි






No comments:

Post a Comment