Monday, June 8, 2020

ලංකාවට ICC ක්‍රිකට් තරගාවලි අහිමිවෙයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන තිබෙනවා. මෙම වසරේ සත්කාරකත්වය ලබාදීමට තිබූ තරගාවලි තුනක් මේ අනුව අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි සදහන්. එම තරගාවලි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වූ තරගාවලි වීම කැපීපෙනෙනවා. මේ අනුව ක්‍රිකට් ආයතනය ඉදිරියේදී දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වීම නොවැලැක්විය හැකියි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ කලකට පසු වැඩිම ක්‍රිකට් තරගාවලි ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතව තිබුනේ මෙම වසරේදීයි. වසර මුලදීම ලංකාවේ සංචාරයට එක්ව සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කිසිදු තරගයක් ක්‍රීඩා නොකර සිය රට බලා පිටත්ව ගියා. ඒ කොරෝනා වෛරස වසංගතය හේතුවෙන්. එහෙත් ශ්‍රී ලංකාව එම අවස්ථාවේ කියා සිටියේ මෙම වසංගතයට සාර්ථකව මුහුණදීමට හැකි පරිසරයක් ඇති බවයි. එහෙත් ලංකාවේ කයිවාරු දන්නා එංගලන්තය හැරෙන තැපෑලෙන් සිය රට වෙත යාමට තීරණය ගන්නා විට ලංකාවේ කිසිදු රෝගියෙක් වාර්තා වූයේ නෑ. එහෙත් නොසිතූ ලෙස එය අද පැතිරී, අර්බුද රැසක් නිර්මාණය කර ඇත්තේ බලධාරීන් නිසි වේලාවේ නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්.

අනතුරුව වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා කියා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවා ලංකාවේ පැවැත්වීමට සූදානම් වන බවයි. එහෙත් එම ප්‍රකාශයත් සමගින් රටේ ව්‍යාප්තව තිබූ කොරෝනා වෛරසය ආසාධිතයින් එලියට ආවා. එහිදී අප පලකළ ලිපිය පහතින්.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට ලෝකයම ගෙට වී සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පිලිබද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මේ අනුව ඉදිරි ක්‍රිකට් කාල සටහන සකස්කිරීමට ( FTP ) විශේෂ රැස්වීමක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ ලබන 10 ( අනිද්දා ) වැනිදායි. මෙම සාකච්ජාවේදී මෙම වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය කල් දැමීම පිලිබදවත් සාකච්ජා කරනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිධූරය පිලිබදවත් තීරණය කිරීමට නියමිතයි. ඒ වත්මන් සභාපති ශෂාන්ක් මනෝහර් තුන්වන නිල කාලයක් සදහා ඉදිරිපත් නොවන බව පසුගියදා ප්‍රකාශ කිරීම සමගයි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි පහත දැක්වෙනවා.  

මේ අනුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත තරගාවලි රැසක් අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා රජය ක්‍රීඩාපිටි තැනීම ඇතුලු කරුණු කෙරෙහි මැදිහත් වන ආකාරය පිලිබදවත් එහිදී අවධානය යොමිවනු ඇතැයි සදහන්. මෙම හමුවේ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.

















No comments:

Post a Comment