පාවාදී හසුවී මාවන් අතපත්තුව බේරුවා - තිලංග කියයි - Video - Exclusive
ශ්‍රී ලංකා ක්‍රිකට් මේ දිනවල මුදලට හා වරප්‍රසාද වෙනුවෙන් පාවාදුන් හැටි හා ඒවාට වගකිවයුත්තන් පිලිබද හතර අතින් ඇසෙන මාතෘකාව වී තිබෙනවා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවාදුන් බව එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා අනාවරණය කළා. එය ක්‍රිකට් පිටියේ පමණක් නොව දේශපාලන පොර පිටියේත් ප්‍රධාන මාතෘකාව බවට පත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැහැ. ඒ උණුසුම පිටම හිටපු ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල පවසන්නේ මාවන් අතපත්තුද මුදලට තරග පාවාදී හසුවූ බවයි. මේ අතර යූටියුබ් නාලිකාවක් සමගින් පැවති සංවාදයකදී ඔහු ආන්දෝලනාත්මක කරුණු රැසක් පවසනවා. ඒවා වෙනුවෙන් මෙතැන් සිට අප අවධානය යොමු කිරීමට තීරණය කළා.
ඔහු මෙම සංවාදයේ නිරතවන්නේ එහෙයියකු නොහොත් මුදල් දී ලබාගත හැකි වැඩසටහන් මෙහෙයවන්නකු සමගයි. ඔහුට ක්‍රිකට් පිලිබද කිසිදු දැනුමක් ඇත්තේ නෑ. එය උපයෝගී කර ගනිමින් තිලංග සුමතිපාල සිය බොරුත් වපුරා අස්වැන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. එහෙත් ඊට පෙර එම බොරු කරුණු සහිතව වීඩියෝ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. පළමුව එය නරඹන ලෙස අප ඔබට ආරාධනා කරනවා.
මෙම වීඩියෝවේදී ඔහු පවසන එක ජනප්‍රිය නොවන පාවාදීමක් පිලිබද Lankasportsnews ඔබට කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කළා. තිලංග සුමතිපාල මෙම සංවාදය ආරම්භයේදීම මාවන් අතපත්තුගේ මුදලට තරග පාවාදීම් සිදුවීමක් පිලිබද තොරතුරු ඉදිරිපත් කරනවා. එම සිදුවීම මෙසේයි.
ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරගාවලියක දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනෙක් තරගය වෙනුවෙන් පිටව ගියා. මාවන් අතපත්තු ක්‍රීඩාකළ එම තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති වූයේ තිලංග සුමතිපාලයි. එම තරගයේ මාවන් වෙනුවෙන් ලබාදී තිබූ හෝටල් කාමරයේ සේවකයා කාමරයේ සේප්පුවේ රුපියල් ලක්ෂ 15 ක් හෙවත් රුපියල් මිලියන 1.5 ක් අමතකවී ගොස් ඇතැයි ක්‍රිකට් ආයතනය දැනුවත් කළා. එතරම් විශාල මුදලක් කාමරයට පැමිණීම මුදලට තරග පාවාදීම් සිදුවීමක් ඔස්සේ හිමිවූ අත්තිකාරම් මුදලක් විය හැකියි. මේ පිලිබද විමසූ විට මාවන් පවසා තිබුනේ එම මුදල පිලිබද නොදන්නා බවයි. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු වූයේ අජිත් ජයසේකරයි.
ක්‍රීඩකයන්ට නවාතැන් කාමර ලබාදීමේදී හෝටල් ඉතා සැලකිලිමත් වනවා. මේ අනුව එම මුදල ඔහු නවාතැන් ගැනීමට පෙර තිබූවක් විය නොහැකියි. ඒ කාමර ඉතා හොදින් සෑම විටම පිරිසිදු කිරීමට එවන් හෝටල් පියවර ගැනීම හේතුවෙන්. කෙසේ වෙතත් තිලංග සුමතිපාල මේ පිලිබද ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මාවන් ලැගුම් ගැනීමට පෙර සිටි පුද්ගලයාට මෙම මුදල අමතකව ගොස් ඇති බවයි. එතරම් මුදලක් අ යාමට ඔහු බිලියනපතියකු විය යුතුයි. ඇත්තෙන්ම අමතකව ගිය එකක් නම් එම මුදල සොයා ඔහු යලි පැමිණිය යුතුයි. එහෙත් එවන් කිසිවක් සිදුවූයේ නෑ. මේ අනුව පසුව එම අයිතිකාරයෙක් නොමැති මුදල රජයට හිමිවුණා. මල්වානේ අයිතිකාරයෙක් නැති ගෙයක් තවමත් ඇති බවත් මෙහිදී ඔබට සිහිපත් කළ යුතුයි. කෙසේ වෙතත් මෙම සිදුවීමේදී මාවන් කිසිවක් ප්‍රකාශ නොකළ අතර ඔහුව බේරා ගැනීමට තිලංග සුමතිපාල ඇත්තෙන්ම කටයුතු කළා. එසේ නොමැතිව ප්‍රශ්න කළා නම් එය මුදලට තරග පාවාදීම් සිදුවීමක අනාවරණයක් වීමට බොහෝ ඉඩ තිබුණා.
මේ අතර ඔහු පවසන්නේ බුකී ව්‍යාපාර තමන්ට නැති බවයි. ඔහුගේ පියාට අයත් සුමති සමූහයට අයත් බුකී ව්‍යාපාර තිබෙනවා. ඒ ඔබ කව්රුත් දන්නා ස්පෝටින් ස්ටාර් ආයතනයයි. පියාගෙන් පසු එහි අයිතිය වෙනුවෙන් සුමතිපාල සොයුරන් අතර විරසකයක් ඇති වුණා. මේ අනුව ස්පෝටින් ස්ටාර් ආයතනය දෙකට බෙදුනා. අප කථානායක තිලංග සුමතිපාලට ශාඛා 80 ක් හිමිවූ අතර ඒවා මේ වන විට නම වෙනස්කර ලෙෂර් ස්පෝට්ස් ලෙස ක්‍රියාත්මක වනවා. මේ දිනවල කොරෝනා වසංගතය හේතුවෙන් එම ලෙෂර් ස්පෝට්ස් ආයතනවල ආධායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව සදහන්. බුකී ව්‍යාපාරය සමග ඔහුගේ ඇති සබැඳියාව මනාව පැහැදිලියි. ක්‍රීඩා පනතට අනිව පෙරදීද ඔහුට ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට නොහැකියි. ක්‍රීඩා නීතියේ ඒ වන විටත් සෘජුව හෝ වක්‍රව සූදු සදහා සම්බන්ධ පුද්ගලයන්ට තනතුරු දැරිය නොහැකි බවට සදහන් වුණා. එහෙත් එය වක්‍රව යන්න කෙලෙසදැයි අර්ථ නොදැක්වීම ප්‍රයෝජනයට ගනිමිනුයි තිලංග සුමතිපාල සැමදා ක්‍රිකට් සභාපති වූයේ. ක්‍රීඩා අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු එම වක්‍රව යන්නයි පවුලේ කෙනෙක්ට හෝ ලෙස වෙනස් කරමින් අර්ථ දැක්වීම සිදුකළේ.
මේ අතර ක්‍රීඩා නීතියේ තවත් භාධකයක් ඔහු මෙලෙසම උල්ලංඝණය කරමිනුයි පරිපාලනයට ආවේ. ඒ මාධ්‍යවේදීන් හෝ හිමිකරුවන් සදහා තිබූ වාරණයයි. සුමති සමූහයට අයත් ලක්බිම පුවත්පතේ හිමිකරු වූයේ තිලංග සුමතිපාලයි. එහෙත් එය තමන්ගේ නොවන බවට සාක්ෂි නිර්මාණය කර ඔහු ගැලවුණා. ලක්බිම පුවත්පත කාගේදැයි සියල්ලන් දන්නා ප්‍රසිද්ධ රහසක්. ඉන් පවා ඔහු ගැලවීම හේතුවෙන් ඇත්තෙන්ම මුදලට තරග පාවාදීම් සිදුවීම් වලින් ගැලවීම අරුමයක් නොවේ.
සබැඳි පෙර ලිපි
No comments