Tuesday, July 7, 2020

නීතිපති 2011 පාවාදීම් ගැන බොරු කී මහින්දානන්දව හිරේදායි ? Exclusive Exposed Video

ක්‍රිකට් තරග පාවාදීමක් ගැන හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය බොරුවක් බව සනාථවීම හේතුවෙන් ඔහුට එරහිව නඩුවක් ගොනුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා තිබෙනවා. ඒ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේයි. ඒ සදහා මේ වන විට සිදුකර ඇති පරීක්ෂණ ප්‍රතිඵල ඇතුලත් ලිපි ගොනුව නීතිපතිවරයාට යොමු කරමිනුයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර Lankasportsnews වෙත මේ බව තහවුරු කළා. මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි පාර්ශව කිහිපයක්ද මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා අවසන්.

2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ කළ අනාවරණයෙන් පසුව ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

එවක තේරුම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශ ලබාගත් අතර මහේල ජයවර්ධනගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබියදී විමර්ශනය අවසන් කළා. එහිදී පොලීසිය පැවසුවේ, තරග පාවාදීමක් ගැන කිසිදු සාක්ෂික් නොමැති බවයි. මේ පිළිබඳව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර පැය එකහමාරකින් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ අදහසම ප්‍රකාශ කළා.

2011 පාවාදීම් ගැන ජනපති හා අගමැති ගැටේ - ජනතාව නඩු මගට - Exclusive Exposed


ක්‍රීඩා අමාත්‍යාංශයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන කිහිපයක් ඉල්ලා සිටියේ අලුත්ගමගේට එරෙහිව වහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. එහිදී අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් ඒ සදහා පියවර ගෙන අවසන් බවයි. මෙලෙස පාවාදීම් ගැන බොරු කී මහින්දානන්ද අලුත්ගමගේට එරහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සැමට පෙර රටට අනාවරණය කළේ Lankasportsnews අප වෙබ් අඩවියයි. එමෙන්ම ඒ සදහා සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වන බවත් අප ඔබට සියල්ලන්ට පෙර අනාවරණය කළා. ඒවා සියල්ල මේ වන විට සත්‍ය බවට පත්ව ඇත්තේ අප ප්‍රවෘත්ති සත්‍ය හා විශ්වාසනීයත්වය තහවුරු කරමින්.



කෙසේ වෙතත් මේ සියල්ල මහ මැතිවරණයේ තවත් එක රංගනයක් බවට පත්වීමේ වැඩි ඉඩක් පවතිනවා. ඒ මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිට්ටු මිතුරන් බවට පත්ව සිටීම හේතුවෙන්. මෙය තවත් රංගනයක් හා සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක වන බවට මෙවර හෝ ඔප්පු කරයිදැයි ජනතාව බලා සිටින බව පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රජයට සිහිපත් කළ යුතුයි. 

 


No comments:

Post a Comment