2011 පාවාදීම් බොරුව කී මහින්දානන්දගේ වාර්තාව නීතිපති සගවයි - Exclusive Exposed Video
ආන්ඩුව වැලේ වැල් නැතිව ඉන්න වෙලාවක ජනතා අවධානය වෙනතක යොමු කිරීමට විවිද බොරු රට හමුවේ ඇද බානවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සිටම බලය රැක ගැනීම වෙනුවෙන් එය අවස්ථා රැසක සිදුකළා. එහි එක් පියවරක් ලෙස 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය පසුපස පැහැදිලිව තිබුනේ දේශපාලන පලිගැනීම බව ප්‍රසිද්ධ රහසක්. ඒ හෝමාගම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සංගා හා මහේල එලිපිට විරුද්ධ වීම හා මැතිවරණයේදී ඔවුන් සජිත් වටා එක්වනු ඇතැයි මහින්දට ඇතිවූ බියයි. ප්‍රතිවාදියා බය කිරීමේ ක්‍රමය ක්‍රියාවට නැංවීමට ඔවුන් මෙම ප්‍රකාශය සමග ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය ඉත්තා කර ගත්තා. එහෙත් එය ආන්ඩුවට පාරා වලල්ලක් වෙද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ වහා පරීක්ෂණ නවතන ලෙසයි. මේ අනුව 2011 පාවාදීම් නාටකයේ පළමු කොටස එලෙස නිමා වුණා.
කෙසේ වෙතත් ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේ මෙලෙස බොරු චෝදනා එල්ල කළ විට ඔහුට එරහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි. අප ඒ පිලිබද මෙලෙස වාර්තා කළා ඔබට මතක ඇති.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කී පාවාදීම බොරු බව පොලීසිය නිවේදනය කර අවසන්. මේ අනුව lankasportsnews කී පරිදිම මහින්දානන්ද අලුත්ගමගේට එරහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා අවසන්. ඒ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනතේ සදහන් නීතිද උපුටා දක්වමින්. එවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර ප්‍රකාශ කළේ මහින්දානන්ද අලුත්ගමගේට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා වෙත අදාල ලියවිලි යොමුකර ඇති බවයි. එහෙත් එම ලියවිලි සියල්ල යට ගැසීම සදහා ආන්ඩුව නීතිපතිවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා. ඒ, එසේ නොමැති වුවහොත් ආන්ඩුව ඉදිරි මැතිවරණයට පෙර හැරවිය නොහැකි ලෙස හත්පොලේ ගා ගනු ඇති බව දන්නා නිසයි.
කෙසේ වෙතත් ආන්ඩුව මෙම සිදුවීම පිලිබද අනුගමනය කළ ක්‍රියා පිලිවෙත ජනතාව අතර දැඩි දෝශ දර්ශනයට ලක්ව තිබෙනවා. මෙලෙස කෝපයට හා කලකිරීමට පත්ව සිටින ජනතාව සිවිල් සංවිධාන කිහිපයක් සමග කොළඹදී දැවැන්ත උද්ගෝශණයක් සංවිධාන කිරීමට තීරණය කර අවසන්. ඔවුන්ට නායකත්වය ලබාදීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම කැමැත්ත පළකර ඇති බවත් lankasportsnews වෙත වාර්තා වනවා. එතනින් නොනැවතී ක්‍රීඩකයන්ට හා රටේ කීර්තිය කෙලසීම වෙනුවෙන් සිදුවූ අපහාසයට සිවිල් සංවිධාන සමග ජනතාව නීතියේ පිහිට පැතීමට සූදානම් වනවා. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ නීති විශාරදයන් ගණනාවක් නොමිලේ සේවය ලබාදීමටත් ඉදිරිපත් වී අවසන්. ඊට දායක වූ එක් ක්‍රියාකාරිකයෙක් lankasportsnews වෙත කියා සිටියේ ආන්ඩුව දණ ගස්සවා මිස පස්ස නොබලන බවයි. නැත්නම් මෙය වැරදි පූර්වාදර්ශයක් වනු ඇතැයි ඔහු කියා සිටියා.
කෝප් කමිටුව ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා රැසක් සාක්ෂි සහිතව අනාවරණය කළා. එහෙත් ඒ වෙනුවෙන් ආන්ඩුව මෙතෙක් කිසිවක් සිදුකර නැහැ. ඒ වෙනුවට එහිදී සියලු දූෂණ සිදුකළ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලව ආන්ඩුවේ ප්‍රධාන කථිකයෙක් කර තිබෙනවා. මෙය මුදල් බලය හා රාජපක්ෂ වහල්භාවයට ලැබෙන තෑග්ගක් බවයි ජනතාව පවසන්නේ. මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුව මුදලට තරග පාවාදීම් සදහා එක්කර ගැනීමට දැරූ තැතක් ව්‍යාර්ථ වුණා. ඒ අමාත්‍යවරයා මේ පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත්කර ක්‍රියාත්මක වීම හේතුවෙන්. එහිදී අමාත්‍යවරයාව මිලදී ගැනීමට උත්සාහ කළ බුකී ඒජන්තයා මේ වන විට සිටින්නේ ආන්ඩුවේ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ වේදිකාවේයි.
මේ වන විට ලොව දූෂිතම ක්‍රිකට් රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. වත්මන් රජයට අවශ්‍යව ඇත්තේ එම නාමය තවදුරටත් පවත්වා ගැනීම බව මැතිවරණ වේදිකාව දෙස බැලූ විට පැහැදිලියි. ඒ මුදලට ක්‍රිකට් තරග පාවාදීම් චෝදනා එල්ල වූ සියල්ලන් මේ වන විට සිටින්නේ ආන්ඩුවේ හුරතල් වෙමින් වීම හේතුවෙන්. හොරු කවදාවත් හොරුන්ට දඩුවම් නොදෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ කතාව සිහිවන්නේ මෙවිටයි. මැතිවරණය පෙනි පෙනී ආන්ඩුව හොරුන්ව සරම අස්සේ දාගෙන හුරතල් කරන්නේ ඇයිද කියා ඔබට ප්‍රශ්නයක් ඇති. මෙරට සිටින රාජපක්ෂ වහල් ජනතාව පොල් ලෙල්ලක් දැම්මත් මනාපය ඔවුන් වෙනුවෙන් ලබා දෙන බවට වන විශ්වාසය ඊට හේතුව විය යුතුයි.
රටේ නම බැබලවීමට හා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැංවීමට ශ්‍රී ලංකාව අවශ්‍යතා සියල්ල ඕනවටත් වඩා මේ වන විට සපුරා අවසන්. එහෙත් ඉන් ආන්ඩුව ප්‍රයෝජන ගනු ඇතැයි සිතීමට කිසිදු සාධකයක් නොවීම විශාල කණගාටුවක්. එන්න. අපි යලිත් කතිරයක් ගසා හොරු රජ කරමු. ඊට පස්සේ බෝඩ් උස්සන් ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉස්සරහට ගොස් හොරු එලවනු කියා බෝඩ් අල්ලන් ඉමු. එය සිදු වනු ඇතැයි විශ්වාසයෙන් කීමට සාධක රැසක් ඔබට දැන් මතක් වනු ඇති. ඔව්. ඔබ හිතන්න. මේ ඔබේ බලය බාවිතා කිරීමේ මොහොතයි. ක්‍රිකට් විනාසයෙන් ගලවා ගැනීමට ඔබට ලැබෙන අවසන් අවස්තාව මෙය විය හැකියි. එය අපතේ නොයවන්න.
No comments