මහින්දානන්ද අලුත්ගමගේ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමට සාක්ෂි තමා සතුව ඇති බව කියා සිටියා. ඊට ප්‍රධාන සාක්ෂියක් ලෙස ඔහු කියා සිටියේ අවසන් තරගයේ සිදුවූ වෙනස්කම් 4 යි. ඒ සදහා අනුමැතිය ලබා ගැනීම තේරීම් කමිටුව සිදු නොකළ බව ඔහු කියා සිටියා. එහෙත් මේ වන විට එය බොරුවක් බව ඔප්පු වී තිබෙනවා. ඒ ඊට අනුමැතිය ලබා ගත් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යට නිකුත් කිරීම සමගයි. මේ අනුව මහින්දානන්දගේ ප්‍රකාශය බොරු බවට පත් පළමු කරුණ එයයි.
එමෙන්ම ඔහු කියා සිටියේ, අදටත් පවසන්නේ මේ පිලිබද තමන් 2011 දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කළ බවයි. ඒ සදහා ලිපියක්ද ඔහු ඉදිරිපත් කළා. මෙම පාවාදීමට අදාල සාක්ෂි හා කරුණු ද තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළ බවයි මහින්දානන්ද පවසන්නේ. එහෙත් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැන්නක් හිටපු අමාත්‍යවරයා කෙදිනකවත් සිදු නොකළ බවයි. මෙම තරගය පාවාදුන් බවට සැක කිරීමට කිසිදු සාධාරණ හේතුවක් තම ඒකකයට නැතැයි ද ඔහු පවසනවා. බොරුවට තැන තැන චෝදනා එල්ල නොකර හැකිනම් සාක්ෂි සහිතව වාර්තා කරන ලෙසත් ඔවුන් මහින්දානන්ද අලුත්ගමගේට අභියෝග කරනවා. මේ 2011 පාවාදීම් ගැන කී දෙවන බොරුව හෙලි වීමයි.
![]() |
මේ සිදුකරන්නේ හෝමාගම දියගම ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට කළ යෝජනාවට එරෙහි වීමට හිටපු ක්‍රීඩකයන්ගෙන් දේශපාලන පලිගැනීමක් බව අප කරුණු සහිතව වාර්තා කළා. ආන්ඩුවේ හොරනෑව ලෙස කටයුතු කරණ මාධ්‍ය සදාචාරය අමු අමුවේම කෙලසන දෙරණ නාලිකාව එහි මඩ ව්‍යාපාරය භාරව කටයුතු කරනවා. ඒ බව සනාථ කරමින් ඔවුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඉලක්ක කර අසත්‍ය ප්‍රවෘත්තියක් වාර්තා කළා. එය මුසාවක් කිරීමට එම මොහොතේම මහේල ක්‍රියා කළේ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ විමර්ශන ඒකකයට යමිනුයි.
මෙම පරීක්ෂණය සදහා කැදවිය යුතුම මීට පෙර බුකීකරුවන් සමග සමීප සබදතා තිබූ බවට ලිඛිත සාක්ෂි ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ( පොහොට්ටුවේ ) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක තිලකරත්න ඩිල්ෂාන් බව අප සාක්ෂි සහිතව වාර්තා කළා. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔහුව ඊට කැදවීම වාරණය කළ බව අප ඊයේ වාර්තා කළා ඔබට මතක ඇති. එසේ නොකැදවීම මහජන කැළඹීමට හේතු විය හැකි බව රජය තේරුම් ගෙන තිබෙනවා. මේ අනුව පොලීසියට උපදෙස් ලැබී ඇත්තේ වහාම සාක්ෂි නොමැති බව පවසා මෙම පරීක්ෂණ නතර කරන ලෙසයි.
කෙසේ වෙතත් මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර දිය යට තිබූ බල අරගලය කරලියට පැමිණ තිබෙනවා. ඒ 2011 පාවාදීම් පරීක්ෂණ පිලිබද පරස්පර මත දෙකක දැඩිව ඔවුන් දෙදෙනා සිටීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට තහවුරු වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ තරග පාවාදීම් කතාව හුදු චෝදනාත්මක ප්‍රකාශයක් පමණක් බවයි. එහෙත් මේ පිලිබද පරීක්ෂණ පැවැත්වූයේ 2019 වසරේ සම්මත වූ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත හරහායි. මෙම ප්‍රකාශය සත්‍ය වුවත් හා පරීක්ෂණ සදහා සහය ලබා නොදුන්නත් මහින්දානන්ද අලුත්ගමගේටම එරහිව කටයුතු කිරීමේ නීතියක්ද එහි ඇති බව අප අනාවරණය කළා.
මේ වන විට මෙම ප්‍රකාශය අසත්‍ය බව පරීක්ෂණ සිදුකළ පොලීසිය පවසනවා. ඒ අනුව බොරු පැමිණිල්ලක් සිදුකිරීමට එරහිවත් කටයුතු කිරීම සදහා ද එහි නීති පවතිනවා. එය පදනම් කර ගනිමින් ඉදිරියේදී අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සිවිල් සංවිධාන කිහිපයක්ම සූදානම් වනවා. එම එක් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් lankasportsnews ක්‍රීඩා මාධ්‍යවේදියා අමතා ඒ බව තහවුරු කළා. එම කටයුතු සදහා මේ වන විටත් නොමිලේ පෙනී සිටීමට ප්‍රවීන නීතිඥ මඩුල්ලක්ම ඉදිරිපත් වී ඇති බවත් ඔහු කියා සිටියා. ආන්ඩුවේ මර්ධනයට එරහිව මෙලෙස ඔවුන් ජනතාව පෙල ගැස්වීමට ද සූදානම් බවයි එම ක්‍රියාකාරී නියෝජිතයා වැඩි දුරටත් කියා සිටියේ.
මේ අනුව පැහැදිලි වන්නේ කැරම්බෝඩ් නඩුව වැනි දූෂණ අක්‍රමිකතා නඩු රැසක් ඇති මහින්දානන්ද අලුත්ගමගේට තවත් අලුත් නඩුවක් ඉදිරියේදී එක්වන බවයි. කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටූ දිනට හොට පටලන් මට්ටුවන බව පැරණි කියමන සිහිපත් වනවා. ඒ මහින්දානන්ද මෙවර කොටා ඇත්තේ කෙසෙල් ගහකට වීම හේතුවෙන්. මෙරට බුද්ධිමත් ජනතාවක් සිටී නම් ඔහුගේ පාර්ලිමේන්තු ගමන මෙතකින් නතර වීමට මෙම බොරු චෝදනාව ප්‍රමාණවත්. එහෙත් තමන්ට සිටින්නේ වහල් ජනතාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ( පොහොට්ටුවේ ) නායකයන්ම ප්‍රකාශ කරන බව සිහිපත් කළ යුතුයි. අවසානයේ හිටපු ක්‍රීඩකයන් ඉලක්ක කර ගසූ භූමරංගය කැරකී පැමිණ ඇත්තේ ආන්ඩුවටමයි. ඒ ආන්ඩුවට එරෙහිව මහජන විරෝධයක් මතුවීම පමණක් නොව අභ්‍යන්තර මත ගැටුම් දක්වාත් එය වර්ධනය වෙමින් තිබීම හේතුවෙන්.
ක්‍රීඩකයන්ට පාඩමක් ඉගැන්වීමට ගොස් අවසානයේ මහින්දානන්ද අලුත්ගමගේට අනිච්චා වත සංඛාරා කියන්නට වේවිද කියා දැන්ම කියන්නට කල් වැඩිය.
- සබැඳි පෙර ලිපි
No comments:
Post a Comment