Sunday, July 19, 2020

2011 පාවාදීම් ගැන මහින්දානන්ද කූඨ ලේඛන හදලා මාට්ටු - Exclusive Exposed

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ ඔහු එවක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමුකළ බව කී ලිපියක්ද සමගයි. අනතුරුව ඒ පිලිබද විමර්ශනය කිරීම පැවරුනේ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකයටයි. ඔවුන් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග හා එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ගෙනවිත් ප්‍රකාශ ලබා ගත්තා. මහ මැතිවරණය ඉලක්ක කර මහින්දානන්ද සිදුකළ ප්‍රකාශය වෙනුවෙන් පැමිණිල්ල සටහන් කර ගැනීමට මෙම විමර්ශන ඒකකය නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලන කාර්යාලයට ගියා. මේ අනුව මෙම ප්‍රකාශය දේශපාලන පලිගැනීමට සිදුකළ ප්‍රකාශයක් බවට රට තුල විශාල විරෝදයක් මතුවුණා. මේ හේතුවෙන් පරීක්ෂණ අතරමැද හකුලා ගැනීමට රජය පියවර ගත්තා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර මත ගැටුමක්ද නිර්මාණය කරමිනුයි. මේ වන විට මෙම ප්‍රකාශයට තවත් නඩුවක් එක් කළ හැකි තොරතුරක් Lankasportsnews අද අනාවරණය කරනවා.

මහින්දානන්ද අලුත්ගමගේ ලබාදුන් තොරතුරු නිරවද්‍ය භාවය පිලිබද සොයා බැලීමට Lankasportsnews කණ්ඩායම පසුගිය කාලයේ කටයුතු කළා. මේ අනුව අප ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසා සිටියේ මෙවැනි පාවාදීමක් සිදුවූ බවට ඔවුන්ට කිසියම් සැකයක් ඇත්ද කියායි. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මාධ්‍ය ඒකකයේ නිලධාරියා කියා සිටියේ එවැන්නක් පිලිබද කිසිදු සැකයක් තමන්ට නොමැති බවයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන තොරතුරු ඉතා වැදගත් බවත් ඔහු කියා සිටියා. එහෙත් මෙම ප්‍රකාශය වසර 9 කට පසු සිදු කිරීම නිසා එහි සාක්ෂි ලබාදීම සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ. එසේ නොමැතිවීම නිසා මෙය හුදෙක් විහිලු සහගත ප්‍රකාශයක් ලෙස ඔවුන් දකින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.



එවිට Lankasportsnews මාධ්‍යවේදියා විමසා සිටියේ එම කාලයේ මේ පිලිබද ඔවුන් සොයා නොබැලුවේ ඇයිද කියායි. එවිට එම නිලධාරියා කියා සිටියේ පාවාදීමක් පිලිබද සැක කිරීමට කිසිදු හේතුවක් තමන්ට නොමැති බවයි. එවිට අප මාධ්‍යවේදියා යලිත් ප්‍රශන කළේ එම කාලයේ ක්‍රීඩා අමාත්‍ය ලෙස මහින්දානන්ද අලුත්ගමගේ ලබාදුන් පැමිණිල්ල විභාග නොකළේ ඇයිද කියායි. එම ප්‍රශ්නයෙන් ඔහු පුදුමයට පත් වුණා. ඔහු කියා සිටියේ ලංකාවේ මධ්‍ය මීට පෙරත් මෙම පුවත වැරදි ලෙස වාර්තා කර ඇති බවයි. කිසිදු විටක මහින්දානන්ද අලුත්ගමගේ මේ පිලිබද මීට පෙර පැමිණිල්ලක් සිදුකර නොමැති බව ඔහු පැවසුවා. අඩුම තරමේ එවැනි ප්‍රකාශයක් හෝ සිදුකර නැති බවයි වැඩිදුරටත් කියා සිටියේ. එවැන්නක් තම ආයතනයට සිදුකර ඇතැයි සිදුවන වාර්තා කිරීම් අසත්‍ය බව ඔහු අවධානය කළා.

මේ අතර මෙම ප්‍රකාශයට පසුව තමන් මහින්දානන්ද අලුත්ගමගේව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්බන්ධ කරගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා. එහිදී හෝ පැරණි ලිපියක් ලබා නොදුන් බව හා එවැන්නක් ගැන සදහනක් නොකළ බවයි ඔහු අවසන් ලෙස අවධාරණය කළේ. ක්‍රිකට් ලංකාවේ දේශපාලනයට සදහා යොදාගන්නා ආකාරය පිලිබද ඔවුන්ගේ කිසිදු පැහැදීමක් නොමැති බවත් ඔහු කියා සිටියා. ඇත්තෙන්ම එය ලංකාවේ ක්‍රිකට් ලෝලීන් අතරද නොමැති බව කියා අප සංවාදය නිමා කළා.

මහින්දානන්ද අලුත්ගමගේ මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදුන් බව කියමින් ඉදිරිපත් කරන ලිපිය කූට ලේඛනයක් බව සනාථ වනවා. මේ අනුව බොරු පැමිණිලි කිරීමට අමතරව මහින්දානන්ද අලුත්ගමගේට එරහිව තවත් නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතිනවා. ඒ කූඨ ලේඛන සකස් කිරීමයි. මේ වන විට ක්‍රීඩකයන්ට බොරු පැමිණිලි සිදුකළ අපහාසයට හා රටේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් මහින්දානන්දට එරහිව නඩු පැවරීමට පාර්ශ්ව රැසක් සූදානමින් සිටිනවා. එය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු කරන බව එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර ප්‍රකාශ කර තිබෙනවා. ඒ මෙම ලිපි ගොනුව නීතිපතිවරයා වෙත යොමුකර අදාල පියවර ගන්නා ලෙස දැනුම් දෙමින්.





කෙසේ වෙතත් අප මීට පෙර වාර්තා කළේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම ලිපිගොනුව යට ගසා ඇති බවයි. ඒ ආන්ඩුවේ ඉහළම තැනකින් ලැබුණු උපදෙසකට අනුවයි. මහ මැතිවරණයට පෙර මෙය එලියට ආවොත් මහින්දානන්ද අලුත්ගමගේට තවත් නඩුවක් ගොනු වෙමින් එය අවසන් වනවා. එවිට රජයට ඇති මහජන අප්‍රසාදය තවත් වැඩිවනු ඇති. එය පාලනය කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සදහන්.



එන්න අපි 2/3 දී මෙම නඩුවත් යට ගසමු. රාජපක්ෂ මඩ බලකාය යොදා සංගා හා මහේලට මඩ ගසමු. සතියකට පසු සියල්ල අමතක කරමු. යලි ක්‍රිකට් බුකීකරුවන්ට භාර දී පාවාදීම් පළමු රට ලෙස දිනූ කිරුළ රැක ගමු. කෝප් කමිටුවේදී අනාවරණය වූ සියලු දූෂණ තොරතුරු මතක කරමු. මේ වෙනුවෙන් ඔබේ මනාපය දූෂණයට ඉඩ දුන් හා දූෂිතයන් රැක ගැනීම වෙනුවෙන් ලබා දෙන්න. හොරු හොරුන්ට එරහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව මතක තබා ගන්නා ලෙස අවසානයේ  සටහන් කරනවා.




No comments:

Post a Comment