2011 පාවාදීම ගැන උපුල් තරංගගෙන් ප්‍රශ්න කරයි - Exclusive - Video
ලංකාවේ විශාලතම ක්‍රීඩා පිටිය ලෙස හෝමාගම ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට බන්දුල ගුණවර්ධනගේ හීනය මේ වන විට තාවකාලිකව නතර වී තිබෙනවා. ඒ මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලමට එරහිව මහේල ජයවර්ධන පළකළ අදහස් කැරැල්ලක් දක්වා වර්ධනය වීම හේතුවෙන්. අවසානයේ ඊට මහේල, සංගා, මහානාම මෙන්ම හිටපු ක්‍රීඩකයන් සමග වත්මන් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් එක්වීම සිදුවුණා. ආන්ඩුව කොරෝනා හේතුවෙන් කොරවී සිටි ජනතාවට ලබාදීමට සූදානම් වූ සීනි බෝලය එලෙස දිය වී ගියා. මේ අනුව ආන්ඩුවට එරහිව මත පළකිරීම යටතේ මහේල හා සංගක්කාර ආන්ඩුවේ සතුරන් බවට පත්වුණා. ඒ නිසාවෙන්ම ඔවුන්ට එරහිව ආන්ඩුවේ මඩ බලකාය සමාජ මාධ්‍ය තුල ප්‍රහාර රැසක් එල්ල කළා.එහෙත් ඒ සියල්ල නතර වීම සිදුවූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩකයන් මෙම ගැටළුව මුහුණට මුහුණ සාකච්ජා කිරීමෙන් පසුවයි. අනතුරුව ඔවුන්ට එරහි අවලාද නැගීම ආන්ඩුවේ මඩ බලකාය නතර කරනු ලැබුවා. ඒ වෙනුවටයි මහින්දානන්ද අලුත්ගමගේ මෙම 2011 පාවාදීම් ප්‍රකාශය සිදුකරනු ලැබුවා.
මේ වන විට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය මේ පිලිබද පරීක්ෂණය කරමින් සිටිනවා. ඒ අනුව අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා උපුල් තරංගට පැමිණෙන ලෙස එම ඒකකය දැනුම්දී තිබෙනවා. ඊයේ දිනයේ ඊට ප්‍රකාශයක් ලබා දුන්නේ එම කාලයේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වායි. එම වීඩියෝව පහතින් බලන්න.
මෙම අනාවරණය සිදුකළ මහින්දානන්ද අලුත්ගමගේ පසුව ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලන කාර්යාලයේදීයි. එම වීඩියෝව පහතින් බලන්න.
මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ අවසන් මහා තරගයේ සිදුවූ වෙනස්කම් සිය අනුදැනුම ඇතිව සිදු නොවූ බවයි. කණ්ඩායම නම් කිරීමේ සිට සියලු වෙනස්කම් සිදුකළ යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය මත බව මෙරට ක්‍රීඩා නීතියේ පැහැදිලිව දැක්වෙනවා. ඒ අනුව මෙය තරග අවස්ථා පාවාදීමක් විය හැකියි. ඒ පිලිබද මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව බලන්න.
එහෙත් එය සම්පූර්ණයෙන් බොරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ මෙම ලිපියෙන් තහවුරු වනවා. මේ අනුව අවසන් මහා තරගයේ සිදුවූ වෙනස්කම් සිදුව ඇත්තේ එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දැනුවත්වයි.
කෙසේ වෙතත් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන සාක්ෂි ඇති බව එම තරගාවලියේ පරිඝණක දත්ත විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දර පැවසුවා. විමර්ශන නිවැරදිව සිදුවන්නේ නම් ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගත යුතුයි. ඔහු ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේ පවසා කෙටි වේලාවකින් එය ඉවත්කර ගත්තා. ඔහුගේ ප්‍රකාශය ඇතුලත් අප වාර්තා කළ ලිපිය පහතින්.
මේ සියල්ල ගොනුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව ) වටායි. මහින්දානන්ද අලුත්ගමගේ එම පක්ෂය නියෝජනය කරන මෙවර පාර්ලිමේන්තු අපේක්ෂකයෙක්. මීට සාක්ෂි ඇතැයි කී සනත් බණ්ඩාර ජයසුන්දර පොහොට්ටුව නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙක්ගේ පස්සෙන් යන වන්දි බට්ටයෙක්. එම අපේක්ෂකයාගේ සියල්ල හරියි කියමින් යන එහෙයියෙක් වන ඔහු මෙහි ප්‍රධාන සාක්ෂිකරුවෙක් බව අප යලි යලිත් සිහිපත් කළ යුතුයි. මේ අනුව මෙය මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර අපකීර්තියට පත් කිරීමට කළ ප්‍රකාශයක් බවට පත්වෙමින් තිබෙනවා. වසර 9 කට පසු හිටි හැටියේ මෙය මහින්දානන්ද අලුත්ගමගේට මතක්වීමට හේතුව එයයි.
සබැඳි පෙර ලිපි
No comments