• Breaking News

    පොහොට්ටුවේ අපේක්ෂක ඩිල්ෂාන් ලෝක කුසලානය පාවාදීලා ? Exclusive Exposed Video

    ක්‍රිකට් ලෝක කුසලාන පාවාදීම් ගැන සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂක තිලකරත්න ඩිල්ෂාන් කැදවීම වාරණය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම්දීමක් කර තිබෙනවා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාවට පාවාදුන් බව පපුවේ අත තබා වගකීමෙන් පවසන බව කියමින් අනාවරණය කළේ එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේයි. ඊට සාක්ෂි ඇති බව සනත් බණ්ඩාර ජයසුන්දර පළමුව පවසා දැන් නැතැයි පවසනවා. මහින්දානන්ද ද දැන් කතාව වෙනස්කර කියන්නේ තමාට ඇත්තේ සැකයක් බවයි. ඔවුන් දෙදෙනාම පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව නියෝජනය කරන ක්‍රියාකාරීන් වනවා. කෙසේ වෙතත් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන්නේදැයි විශේෂ විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මකයි. ඊට මුදලට තරග පාවාදීම් සදහා වැඩිම චෝදනා ඇති තිලකරත්න ඩිල්ෂාන් කැදවීම වාරණය කිරීම කැපී පෙනෙනවා. ඒ 2009 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ඩිල්ෂාන් බුකීකරුවන් සමග සිටි බවට වාර්තාවක්ද තිබීම හේතුවෙන්. මේ අනුව මෙය දේශපාලන දඩයමක් බව පැහැදිලියි.

    2009 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුනේ එංගලන්තයේයි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරයට සුදුසුකම් ලබා ගත්තා. ඒ පාකිස්තානය සමගයි. මෙම තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඩිල්ෂාන් අවසන් මහා තරගයේ පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දැවී ගියා. තරගාවලියේ තොරතුරු මෙතනින්.


    මෙම තරගයේ ඩිල්ෂාන්ගේ දැවීයාම බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ කතා බහට ලක්වුණා. එම තරගට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන තිබුණේ එංගලන්තයේ කෙන්සිටෙන් හි රෝයල් ගාඩ්න් හෝටලයේයි. එම හෝටලයේ ඉන්දීය බුකීකරුවෙක් හා ඇමක් ලෙස ඔවුන් භාවිතා කරන සුරූපිනියක් ලැගුම්ගෙන තිබෙනවා. එම සුරූපිනිය ඉන්දීය චිත්‍රපට නිලි නූපූර් මේතායි. ඇය ඩිල්ෂාන් සමගින් ලොබියේදී මෙන්ම කැසිනෝ ක්‍රීඩා කිරීමටත් ගොස් තිබෙනවා. ඩිල්ෂාන් සිය පෙම්වතා බවට පත්වූ බවයි ඇය පවසන්නේ. එමෙන්ම ඔහු වෙනුවෙන් මුදල් වැය කළ බවත් ඇය පවසනවා. මේ සියල්ල එලියට එන්නේ එංගලන්ත මාධ්‍ය බුකීකරුවන්ගේ ඇමට ඩිල්ෂාන් හසුවූ බව වාර්තා කිරීමත් සමගයි. එම වීඩියෝව බලන්න.
     




    මේ පිලිබද එංගලන්ත මාධ්‍ය වාර්තා කිරීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය විමර්ශනයක් පැවැත්වූවා. එහිදී නූපූර් මේතාගෙන් ප්‍රශ්න කළා. එම වාර්තාව මෙතනින්.


    මෙලෙස බුකීකරුවන් සමග ඩිල්ෂාන් අනවසරයෙන් හැසිරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු බ්‍රෙන්ඩන් කුරුප්පු සිය වාර්තාවේ ද දක්වා තිබෙනවා. එහෙත් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව එම වාර්තාව අතුරුදන් කළා. මුදලට තරග පාවාදීම් ගැන විමර්ශන කරන්නේ නම් එම වාර්තාව පිලිබද පළමුව සැලකිල්ල යොමුකළ යුතුයි. එලෙස තමන් මුදල් ලබාදුන් බව පවසන තොරතුරු තිබියදී ඒවා නොසලකා මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පරීක්ෂණ සිදුකිරීම මනමාලි නැති මගුල් ගෙයක් වගෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව නියෝජනය කරන තිලකරත්න ඩිල්ෂාන් මේ වන විටත් සිටින්නේ ඕස්ට්‍රේලියාවේයි. මැතිවරණය ජයග්‍රහණය කර තමන්ට පාර්ලිමේන්තු ආසනය වෙන්වූ පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා. ඒ සියලු මුදලට තරග පාවාදීම් පරීක්ෂණ මගඇරීමේ අරමුණ ද ඇතුවයි. ඔහුට එම විශේෂ හැන්දෙන් ආන්ඩුව බෙදන විට විශාල කීර්තියක් ලංකාවට ගෙන ආ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා උපුල් තරංග වැනි ක්‍රීඩකයන් පරීක්ෂණය සදහා කැදවනවා. එම විමර්ශන ඒකකය පැමිණිල්ල ලබාගැනීමට නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලන කාර්යාලයට ගිය බව ඔබට මතක ඇති. එම වීඩියෝ බලන්න.
     


    ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ඇත්තටම පිරිසිදු කිරීමට අවශ්‍ය බවට විවාදයක් නෑ. ඒ සදහා පළමුව 2009 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන කළමනාකරු බ්‍රෙන්ඩන් කුරුප්පු ලබාදුන් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස අප ඉල්ලා සිටිනවා. අනතුරුව 2010 සිම්බාබ්වේ සංචාරයේ වාර්තාවත් නිකුත් කළ යුතුයි. එවිට මහජනතාව නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට යන්න හදන තිලකරත්න ඩිල්ෂාන් යනු කවරෙක්දැයි හරියටම දැන ගැනීමට හැකිවනු ඇති. මෙහිදී අප මතක් කළ යුතුයි. අස්සයා පැන ගිය පසු ඉස්තාලේ වසන න්‍යායෙන් බැහැරව පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම වාර්තා හැකිනම් ජනගත කරන ලෙස අප ආන්ඩුවට අභියෝග කරනවා. 


    සබැඳි පෙර ලිපි












    No comments