පොහොට්ටුවේ වේදිකාවට නිරුවතින් නැග්ග ක්‍රිකට් සෙට් එක - Exclusive Exposed Video
සියලු දූෂණ, වංචා හා අක්‍රමිකතා අතුරුදන් කිරීමට මේ දිනවල හොරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව පසුපස යන බව ප්‍රසිද්ධ රහසක්. එහි අලුත්ම පරිච්ඡේදය ආරම්භ කර ඇත්තේ ක්‍රිකට් මුදලට තරග පාවාදීම් චෝදනා එල්ල වූවන් වීම කැපී පෙනෙනවා. මහ මැතිවරණයට පසු යලිත් සිය තනතුරු තිබුණාටත් වඩා හොදට සකස්කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එමෙන්ම මේ දිනවල යන එන මං නැතුව අසරණ වී සිටින ක්‍රීඩකයන් සංචිතයට හෝ නම ඇතුලත් කර ගැනීමේ අරමුණ පෙරටුව කඩේ යාමත් ආරම්භ කර තිබෙනවා.
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පවාදුන් බවට එම කාලයේ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. ඒ සාක්ෂි තමන් සතුව ඇතැයි කියමින්. එහෙත් මේ වන විට එය හුදු ප්‍රබන්ධයක් බව ඒ පිලිබද පරීක්ෂණ සිදුකළ පොලීසිය පවසනවා. එහෙත් එම ප්‍රකාශය සිදුකළ සැනින් තමන් සතුව ඊට සාක්ෂි ඇති බව එම තරගාවලියේ පරිඝණක දත්ත විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දර සමාජ මාධ්‍ය සටහනක් තැබුවා. එහෙත් මේ වන විට ඔහු කියන්නේද තමන්ට එවැන්නක් මතක නැති බවයි.
සනත් බණ්ඩාර ජයසුන්දර මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත පසුපස යනවා. ඒ තනියට යුද්ධ හමුදාව නියෝජනය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සමගයි. සනත් බණ්ඩාර ජයසුන්දර මෙතෙක් නිල වශයෙන් ක්‍රිකට් ආයතනය ඉවත්කර නැහැ. පාවාදීම් උත්සාහයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එහෙත් මෙම සිදුවීමට වසරක අධික කාලයක් ගතවී ඇතත් ඔහුට ක්‍රිකට් ආයතනය වැටුප් ගෙවනු ලබනවා. අජන්ත මෙන්ඩිස් සේවය කරන යුද්ධ හමුදාව යනු රාජ්‍ය සේවයක්. රාජ්‍ය සේවකයන්ට මැතිවරණ කටයුතු වල නිරතවීමේ හැකියාවක් නෑ. නීතියෙන් එසේ හැකියාවක් නැතත් ඔවුන් වන්දනාවේ යන්නේ සැමට එක නීතියක් පොහොට්ටුවට වෙන නීතියක් ක්‍රියාත්මක කාලයකයි.
සනත් බණ්ඩාර ජයසුන්දරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නාමික ඉවත් කිරීමක් සිදුකළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට මුදල් ලබාදී කණ්ඩායමේ වෙනස්කම් සිදුකිරීමට යෝජනා කිරීමත් සමගයි. එහිදී මෙය මුදලට තරග පාවාදීම් අවස්තාවක් ලෙස දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සියලු තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබා දුන්නා. එහෙත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ මුදලට තරග පවාදෙන්නන් වහාම සනත් බණ්ඩාර ජයසුන්දරව බේරා ගැනීමට කටයුතු කළා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර ඔහුව ඉවත්කර ඇති බව දැනුම් දෙමින්. ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එලෙස පැවසුවත් අදටත් සේවයක් නොකරන සනත් බණ්ඩාර ජයසුන්දරට මාසිකව වැටුප් ගෙවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා.
මේ අතර මුදලට තරග පාවාදීම් ගැන ප්‍රසිද්ධ සිදුවීමක් කළ චාමර කපුගෙදර මේ දිනවල පොහොට්ටුවේ අපේක්ෂක උදිත් ලොකුබණ්ඩාර දිනවීමට කඩේ යනවා. 2017 අගෝස්තු 27 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය දිනා ඉන්දියාවට පළමුව පන්දුවට පහදීමට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබුණා. එහෙත් කාසියේ වාසිය දිනා බුකීකරුවන්ගේ අවශ්‍යතාව අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහදෙන බව චාමර කපුගෙදර පිටිය මැදදී කියා සිටියේ කණ්ඩායමේ සියල්ලන් මවිත කරමින්. එම තරගයෙන් පසුව ඔහුව එලියට ඇද දැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ මෙම සිදුවීම පිලිබද කිසිදු පරීක්ෂණයක් සිදු නොකරමින්. ඔහු සමග මුදලට තරග පාවාදීම් පිලිබද සැක කරන ක්‍රීඩක කළමනාකරු ඈෂ් අසංගත් මෙහි සිටිනවා. ඒ උදිත් දිනවීම සදහා එක්වයි. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පවාදීමට සම්බන්ධ බවට උදිත් ලොකුබණ්ඩාරට චෝදනා එල්ල කරන්නේ එවක අමාත්‍ය හා මෙම තරගය නැරඹීමට ගොස් සිටි විජිත් විජයමුණි සොයිසායි. මෙම වීඩියෝවෙන් මෙම කරුණු සනාථ වනවා.
මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි. මේ අනුව රංචු පිටින් පොහොට්ටුව දිනවීමට චෝදනා එල්ල වූවන් එක්වන්නේ සිය අතීතය වැලලීමට විය යුතුයි. රටට එක නීතියක් පොහොට්ටුවේ සාමාජිකයින්ට තව නීතියක් බවට එලිපිට ඇති කාලයක ඔවුන්ගේ අරමුණ ඉටු වනු ඇති බව පැහැදිලියි. එය සිදු නොවීමට නම් කටින් බතල හිටවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාවෙන් සිය පොරොන්දු ඉටු කළ යුතුයි. එය සැමන් අඩු කිරීම හා නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට සියල්ලන්ට අදුශ්‍යමානව පැමිණ සියදිවි නසා ගැනීම වැනි සිදුවීම් තුලින් සනාථ කරන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් පමණක් බවයි. හොරු රැකීම පොහොට්ටුවේ ප්‍රථිපත්තිය බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අවස්තා රැසක ක්‍රියාවෙන් ඔප්පු කර අවසන්.
එන්න අපි ආයේ රැවටෙමු. ක්‍රිකට් මුදලට පවාදී සතුටු වෙමු. හොරු රජ කරමු. එසේ නොවනු ඇතැයි කීමට කිසිදු කරුණක් මෙතෙක් ඇත්තේ නෑ.
සබැඳි පෙර ලිපි
No comments