රට බංකොලොත් කියා ක්‍රීඩක දීමනා කපයි - Exclusive Exposed
ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් රටක් බවට පත්ව ඇති බව සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ආර්.බී වික්‍රමසිංහ පවසනවා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රථිපාදන නොමැති බව අනාවරණය කරමින්. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පදක්කම් බලාපොරොත්තුවක් වන බර ඉසිලීමේ ජාතික සංචිතය සදහ පසුගිය මැයි මාසයේ සිට පෝෂණ දීමනා වෙන් වන්නේ නෑ. හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා 2022 දක්වා බර ඉසිලීමේ ජාතික සංචිතය සදහා පෝෂණ දීමනා ලබා දීමට අනුමත කළා. මේ පිලිබද විමසූ අවස්ථාවේ ජාතික බර ඉසිලීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ආර්.බී වික්‍රමසිංහ කියා සිටියේ කොරෝනා ආන්ඩුව හා රටම කොර කර ඇති බවයි. ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කබලෙන් ලිපට වැටී ඇත්තේ පෝෂණය පවත්වා ගැනීමට නොහැකිවයි.
ජාතික බර ඉසිලීමේ ක්‍රීඩාව යනු සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ආර්.බී වික්‍රමසිංහගේ තනි බූදලයක් ලෙස ක්‍රියාත්මක වන ක්‍රීඩාවක්. වසර 14 ක් පුරා එම ක්‍රීඩාවේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔහුයි. ක්‍රීඩකයන් එක්වන සියළු විදෙස් තරගාවලි සදහා ඔහු පුහුණුකරු ලෙස සහභාගි වනවා. එම සංචාරයන් වලදී ඔහු ලබාගන්නේ සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ලෙස වරප්‍රසාදයි. මේ අනුව සියළු පහසුකම් ලැබී තිබියදීත් දිනකට ඩොලර් 350 ක දීමනාවක්ද ඔහුට හිමිවනවා. ඊට අමතරව ක්‍රීඩකයන් නොවිදිනා දුක් විද ලබාගන්නා ජයග්‍රහණය පසුපස ඔහු සිටි බව කියා පුහුණුකරු සදහා හිමිවන මුදල් ත්‍යාගයත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාගන්නවා. මේ අනුව බැලූ කළ ඔහු මාසයකට රුපියල් ලක්ෂ ගණනක වැටුප් ලබාගන්නා අතර එක තරගාවලියක් අවසන් වන විට රුපියල් ලක්ෂ 10 ඉක්මවූ ශුද්ධ ලාභයක් ලබා ගන්නවා.
මේ කටයුතු නිදහසේ සිදු කිරීමට ඔහුට හැකිව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවිකාවන් රැසක් උස්සා ඔහු බර කිරා තිබීම හේතුවෙන්. ඒ අතරට කලින් කලට ප්රමුඛ අයෙක්ද සිටින බව අමුතුවෙන් කිව යුතු නෑ. මීට පෙර ඔහුගේ ලිංගික අල්ලස් ගැනීම පිලිබද අප වාර්තා කළ ලිපිය බලන්න.
මෙලෙස සියළු වරප්‍රසාද ලබා ගත්තත් ක්‍රීඩකයන් වෙනුවෙන් කිසිවක් සිදු කරන්නේ නෑ. ඊට තවත් උදාහරණ අවශ්‍ය නෑ. කොරෝනා හේතුවෙන් කොර වී සිටින ජාතික බර ඉසිලීමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම පුටුවක් වන සහකාර අධ්යක්ෂ තනතුර තිබියදීත් කිසිවක් සිදු නොකිරීම පෙන්වා දිය හැකියි. ක්‍රීඩාවේ පිලිල වන් මෙවන් කූඩැල්ලන් විනාස කරන්නේ ඔබේ දරුවාගේ හෙට දවස බව අමතක කරන්න එපා. කුමන ආන්ඩු ආවත් එන එන ඇමතිවරු හා ලේකම්වරු ගොනාට අන්දන් දිනෙන් දින තනතුර ඉහළ නංවා ගන්නා ආර්.බී වරක් පවසා තිබුනේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම මේ වන විටත් සිය සාක්කුවේ බවයි.
ලංකාවේ සියලුම ක්‍රීඩා පරිපාලනය භාර ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියා ලෙස සිටින්නේද ආර්.බී වික්රමසිංහයි. බොහෝ ක්‍රීඩා පරිපාලකයන් විකී ලෙස හදුන්වන ඔහුව සන්තෝසම් ලබාදීමෙන් සාක්කුවට දාගෙන සිටිනවා. ඔහු බර ඉසිලීමේ ජාතික පුහුණුකරු වීම හේතුවෙන් එම සංගමයට ඇතිවන ගැටළු කීමට කෙනෙක් නැතුව අසරණ වූ අවස්ථා එමට බව එහි උසස් නිලධාරියෙක් lankasportsnews වෙත කියා සිටියා. හොරාගේ අම්මගෙන් නෙමෙයි හොරාගෙන්ම පේන අහන්න අපිට වෙලා තියෙන්නේ. ඒ සංගමයේ නිලධාරියා අපට කතාව කීම ආරම්භ කළ විදිහයි. මේ තත්වය වෙනස් කිරීමට වත්මන් ආන්ඩුව හෝ කටයුතු කරනු ඇතැයි ක්‍රීඩාවට හිතැති බොහෝ දෙනෙක් බලා සිටිනවා.
එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කැපවී සිටින නාමික ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම තත්වය වෙනස් කිරීමට මැදිහත් වන තුරු රටම බලා සිටින බව පමණක් සටහන් කළ යුතුමයි. එය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් නොවන බව කීමට දැන්ම කල් වැඩිය.
No comments