ක්රිකට් ආයතනය දෙලොවක් අතර තනිවේ - Exclusive Exposed
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ දිනවල ගිරේට හසුවූ පුවක් ගෙඩිය මෙන් වී තිබෙනවා. ඒ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ කර මතින් සභාපති පුටුවට පැමිණි ශම්මි සිල්වා ලබන ක්රිකට් නිලවරණය වෙනුවෙන් ඉනිමගට පයින් ගැසීම හේතුවෙන්. මේ අනුව ශම්මි තනිව ඡන්ද එකතු කිරීමේ රේස් එකක් දුවමින් සිටිනවා. ඒ තිලංග සහය නොමැතිව සභාපතිවීමේ සිහිනය වෙනුවෙනුයි. ඉන් තැලී පොඩිවී සිටින්නේ ක්රිකට් ක්රීඩකයන් හා එම ආයතන සේවකයන්. ක්රිකට් ආයතන තිලංග පාර්ශ්රවයේ සේවකයන් පන්න පන්නා පලි ගැනීමත් මේ දිනවල සිදුවනවා. ශම්මි පාර්ශ්රවයේ නිලධාරීන් කියන හැමදේටම එහෙයි නොකියන සියල්ලන් පැන්නීම මේ යටතේ සිදුවනවා. ඒ සේවකයන් බිය වද්දා සිය ග්රහනයට ගැනීම සදහායි. මේ අනුවයි කාමලිකා ජයසේකරගෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරනු ලැබුවේ.
මේ අතර දිය යට ඡන්ද සටන උණුසුම් කිරීමට අන්තර් ක්රීඩා සමාජ ක්රිකට් තරගාවලිය සමත්ව තිබෙනවා. රටේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් කල් දමා තිබූ තරගාවලිය 14 වැනිදා (හෙට) ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. එහෙත් එය හිටි හැටියේ කොරෝනා දෙවන රැල්ල මතුවීමටත් පෙර යලිත් දින නියමයක් නැතුව කල් ගියා. ඒ තරගාවලියේ තරග සැලසුම් වෙනස් කිරීම සදහා බවයි ක්රිකට් ආයතනය නිවේදනය කළේ. තරග සටහන වෙනස් නොකර තරගාවලිය ආරම්භ කිරීමට ක්රීඩා සමාජ විරෝධය පළ කළා.
ලංකන් ක්රීඩා සමාජය නියෝජනය කරන බන්දුල දිසානායක ක්රිකට් තරගාවලි කමිටු සභාපති ලෙස කටයුතු කරනවා. බදුරලිය වෙනුවෙන් දුමිදු හේමාල් එහි සාමාජිකයෙක් වෙද්දී සමන්ත දොඩන්වල SSC ක්රීඩා සමාජය නියෝජනය කරන සමාජිකයායි. ඔවුන් මෙම තරගාවලිය ක්රීඩා කිරීමට තීරණය කිරීම හා යලි කල් දැමීම සිදුකරනු ලැබුවා. ක්රීඩා සමාජ ක්රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තරගාවලියට ගෙවන දීමනා වහා සිදු කරන ලෙසයි. එවිට තරගාවලිය නොමැතිවීම නිසා විශාල මුදලක් ඉතිරි වීම සිදුවනවා. ඒ තරගාවලියට පෙර පුහුණුවීම් සිදු නොවීමෙන් ක්රීඩාපිටි වෙන් කිරීම සිදු නොවීම හා තරග දිනවල සියලු වියදම් ලෙසයි.
එහෙත් තරගාවලියන් පසු ඒ ඛාන්ඩයෙන් පහළ වැටෙන කණ්ඩායම් හා ඔවුන් වෙනුවට පහළ තරගාවලියෙන් උසස්වීම් ලබාගන්නා කණ්ඩායම් වීමට සෑම වසරකම විශාල තරගයක් තිබෙනවා. මෙවරත් එය තරගාවලිය ආරම්භයේ සිට පැවතියා. එහෙත් කොරෝනා හේතුවෙන් තරගාවලිය නොපැවැත්වීමෙන් උසස් වීම් ලබා ගැනීමට බලා සිටි ක්රීඩා සමාජ වලට සිදුව ඇත්තේ තවත් වසරක් උඩ බලන් සිටීමටයි. මේ හේතුවෙන් උසස්වීම් බලා සිටි ක්රීඩා සමාජ තරගාවලිය නොපැවැත්වීමට එරහිව යුද ප්රකාශ කර තිබෙනවා. ක්රිකට් ආයතනය පළමුව සැලසුම් කළේ අඩුවක් නැතුව මුදල් දී සියල්ලන් සතුටු කර හොද මිනිහා වීමටයි. එහෙත් මෙම ගැටළුව සමග එය අර්බුද රැසක් නිර්මාණය කළා.
මේ අනුව ක්රිකට් ආයතනය දෙලොවක් අතර තනිවී සිටිනවා. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී. මෙය විසදා ගැනීමටයි ක්රිකට් ආයතනය විශේෂ මහ සභාවක් කැදවා ඇත්තේ. ඉන් මෙය විසදා ගැනීමට හැකිවේදැයි කීමට දැන්ම කල් වැඩියි. කෙසේ වෙතත් එය එකක් කඩතොලු වසා ගන්නට ගොස් දෙකක් කඩතොලු හදා ගත්තයි ඉදුරුවේ ආචාරියා කියමන මතක් කරන්නක් වන බව නම් ටක්කෙටම කිව හැකියි. ඒ ශම්මි හා තිලංග පාර්ශ්රව මෙන්ම නිශාන්ත පාර්ශ්වයත් කළකට පසු මුහුණට මුහුණ හමුවීම හේතුවෙන්. එය ඇතැම් විට යුද පිටියක් වනු ඇති. ඒ අප අනාවරණය කළ බොහෝ දූෂණ අක්රමිකතා මෙහිදී ප්රශ්න කිරීමට ගියහොත් බව අවසානයට ලියා තබනවා.
සබැඳි පෙර ලිපි
No comments