ශ්‍රී ලංකා සහභාගීත්වය හා ප්‍රතිඵල සමාලෝචනය කිරීම සදහා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්. රුවන්චන්ද්‍ර පත් කළ විශේෂ කමිටුව විමර්ශන කටයුතු අවසන් කළ වාර්තාවේ මෙසේ දැක්වෙනවා. තුන්ප්‍රයාම ඉසව්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගමයක් නොවන නමුත් මෙම උළෙලට සහභාගී වීමට ජාතික තේරීම් කමිටුවේ හෝ අභියාචනා කමිටුවේ නිර්දේශ ලබා නොගෙන සහභාගී වී ඇත. මේ පිළිබද පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ. මෙලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට හොරෙන් ගිය මෙම කණ්ඩායමේ බලය වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දුයි.
මෙහි ඇති අනෙක් විහිලුව වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය ලියාපදිංචි නොකළ මෙම සංගමය වෙනුවෙන් තරගාවලියට පෙර පෝෂණ දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික මුදලක් වැයකර තිබීමයි. රටේ නීතියට අනුව එලෙස වැය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ අනුව එවක ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යන දෙදෙනාටම එරහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙම මුදල ඔවුන්ගෙන් පියවා ගැනීමට අමාත්‍යාංශයට හැකියාව ඇති බවයි නීති විශාරදයන් lankasportsnews වෙත කියා සිටියේ. එමෙන්ම මෙම සංගමය බදු සහන ලබාගෙන තුන් ප්‍රයාම ක්‍රීඩාව වෙනුවෙන් උපකරණ තොගයක් ගෙන්වා තිබෙනවා. තුන් ප්‍රයාම යනු දිවීම, පිහිණීම හා පාපැදි පැදීමයි. එවිට ඔවුන් සියල්ලන්ගේ ඇසට වැලි ගසා තුන් ප්‍රයාම ක්‍රීඩා භාණ්ඩ ලෙස ආනයනය කර බදු සහන ලබාගෙන ඇත්තේ මොනවාටදැයි සෙවිය යුතුයි.
මේ අතර දකුණු ආසියා ක්‍රීඩා උළෙලට එක්වූ කෝ කෝ ක්‍රීඩාව කෝ කියා බොහෝ දෙනෙක් මේ වන විට අසනවා. ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තාවේ දැක්වෙන්නේ කෝ - කෝ ක්‍රීඩාව සදහා විශාල වියදමක් දරා ඇති නමුත් කිසිදු ප්‍රතිපලයක් නොමැති වීම හා ඒ් සම්බන්ධව ඇති තොරතුරු ඉතා අසතුටුදායක නිසා විනය පරීක්ෂණයක් පැවැත්වීමට යොජනා කරන බවයි. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුකිරීමට කිසිදු සූදානමක් නෑ. ඒ සියල්ලන් මහ මැතිවරණය වෙනුවෙන් කැපවී දෑත් දෙපා හකුලා සුව නින්දකට වැටී සිටීම හේතුවෙන්. එසේ නොමැතිව විදෙස් සංචාර පෙන්වා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍රව ජාතික ඔලිම්පික් කමිටුව බිලී බා ඇතැයි කීමට දැන්ම කල් වැඩිය.
ක්‍රීඩා අමාත්‍යාංශය මෙම ක්‍රීඩා උළෙල ප්‍රතිඵල සතුටුදායක නොමැති බව පවසා කමිටුවක් පත්කර මේ වන විට සිදුවූ ප්‍රධාන දූෂණ අක්‍රමිකතා 11 ක් යටතේ සාක්ෂි සහිතව අනාවරණය කර අවසන්. එහෙත් මෙම තරගාවලියට ගිය කිසිදු මාධ්‍යවේදීයෙක් මෙලෙස තරගාවලියේ අසාර්ථක වීම පිලිබද කිසිදු සටහනක් තැබුවේ නෑ. ඒ මේ වන විට අති බහුතර වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් ජාතික ඔලිම්පික් කමිටුවේ බත් බැලයන් වී සිටීම හේතුවෙන්. ඔවුන් සිදුකර ඇත්තේ වන්ධි භට්ට සේවයක්. ඒ අනාගතය විදෙස් සංචාර සදහා කෑදරකම පෙන්වමින්. ඔවුන් මෙම දූෂණ අක්‍රමිකතා සගවා කරන්නේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍ය කලාව වෛශ්‍යා වෘතියේ යෙදවීමක් ලෙස අනාගතයේදී ඉතිහාස රචකයා සටහන් කිරීමට ඉඩ ලබාදීමක් බව පමණක් අවසන් වශයෙන් සටහන් කරනවා.
රත්තරන් අස්සයා පැනගොස් අවසන්. එය සිදුවූ ආකාරයත් අනාවරණය වී තිබෙනවා. එහෙත් ඉස්තාලය ඇරිය අය දැක දැකත් නොදැක්කා සේ සිටීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කිරීම පුදුමයක්. මෙම ක්‍රීඩා උළෙල තුලදී ඉතිහාසයේ පළමු වරට පාවාදීම් තුනක් සිදුව ඇතැයි සාක්ෂි සහිතව අනාවරණය වී තිබෙනවා. පාවාදීම් ගැනම සෙවීමටම ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය සිටියදී ඔවුන්ව දේශපාලන දඩයම් සදහා පමණක් භාවිතා කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවකින්ම මෙම පාවාදීම් තුන අනාවරණය වී තිබියදී එම විමර්ශන මෙම ඒකකයට භාර නොදීම පිලිකුල් සහගතයි. ඒ සමග මෙම අනාවරණයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය ලියාපදිංචි නැති සංගමයට වැය කළ මුදක් ඒවා අනුමත කළ නිලධාරීන්ගෙන් අයකර ගන්න ලෙස මතක් කරනවා. එසේ නොකළ හොත් එය ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම ලබාදුන් වැරදි පූර්වාදර්ශයක් ලෙස ඉතිහාසයේ ලියවෙනු නොඅනුමානයි.
සබැඳි පෙර ලිපිය
No comments:
Post a Comment