නායකත්වයෙන් දොට්ට - මාලිංග ක්‍රිකට් පිටියට සමුදේ ? Exclusive Exposed
ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදු කිරීමට යෝජනා වී තිබෙනවා. ලසිත් මාලිංග මේ වන විට එහි නායකත්වය දරණවා. ඔහුගෙන් ඉවත්කර නායක ලබාදීමට යෝජනා වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි. උප නායකත්වය දසුන් ශානකට ලබාදීමටත් යෝජනා වී තිබෙනවා. මෙම වෙනස්කම් අනාගත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ සිදුකරන ආයෝජනයක් ලෙස සිදුකිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටු අදහස වී ඇත්තේ. කෙසේ වෙතත් නායකයකු ලෙස ජාතික පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථක වී ඇති දසුන්ට නායකත්වය ලබාදී උප නායකත්වය කුසල්ට ලබාදීමටත් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වනවා.
ලසිත් මාලිංග නායකත්වය ලබාදුන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග සීයට 68 ක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබෙනවා. එහෙත් 2014 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට නායකත්වය ලබාදුන්නේ මාලිංගයි. එතැන් සිට ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සමීප සබදතාවක් පවත්වා ගැනීමට අසමත් වූ බව ප්‍රසිද්ධ රහසක්. වරක් ඔහුව නායකත්වයෙන් ඉවත් කරමින් තේරීම් කමිටුව පැවසුවේ කණ්ඩායම එක්කර ක්‍රීඩා කිරීමට මාලිංගට නොහැකි බවයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔහු සමග නොමැති බව කියා සිටියා. කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහය ඔහුට නොලැබෙන බවයි තේරීම් කමිටුව පැවසුවේ. එය මෙතෙක් වෙනස් කර ගැනීමට ඔහුට හැකිව නැහැ. තේරීම් කමිටුව මේ පිලිබද යලිත් සැලකිලිමත් වී ඇතැයි සදහන්.
2019 වසරේ සැප්තැම්බර් මාසයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එහිදී මාලිංගගේ නායකත්වයෙන් එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට නවසීලන්තය සමත් වුණා. අනතුරුව 2019 ඔක්තෝබර් මස පාකිස්තානයේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට යාමට මාලිංග ඇතුලු ජේෂ්ඨයින් කැමති වූයේ නෑ. එවර අභියෝගය භාර ගනිමින් දෙවන පෙළ කණ්ඩායමක් සමග පාකිස්තාන සංචාරයේදී යෙදීමට දසුන් ශානක කැමති වුණා. එහිදී ඔවුන් වත්තට පැන පහරදී ඒමට සමත්වුනේ ලොව හොදම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රේණිගතව සිටි පාකිස්තානයට තරගාවලි පරාජයක් උරුම කරමින්. එම ජයග්රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායම එම මාසයේදීම ( 2019 ඔක්තෝබර් ) ඕස්ට්‍රේලියාවේ සංචාරය කළා. ඊට ජේෂ්ඨයින් සියල්ල එක්ව සිටියේ යලි නායකත්වය මාලිංගට හිමිවෙමින්. එහිදී යලි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු ලෙස පරාජය උරුම කර ගත්තා.
මේ වන විට ඕස්ට්‍රේලියාවේදී ලබන ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දින නියමයක් නැතුව කල් ගොස් තිබෙනවා. ඒ ලොව පුරා කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන්. පසුගිය 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ මෙම තරගාවලිය පැවැත්වීම පිලිබද ගැඹුරින් සලකා බැලීමටයි. ඒ සදහා කමිටුව පත්කර ඇත්තේ සියල්ල අධ්‍යනය කිරීමටයි. ඔවුන් මෙතෙක් තරගාවලිය පිලිබද තීරණයක් ගෙන නෑ. මේ අනුව එය බොහෝ විට ලබන වසර දක්වා කල් යනු ඇති. එමෙන්ම ඊට පෙර පැවැත්වීමට තිබූ තරගාවලි රැසක් මේ වන විට අතහැර දමා තිබෙනවා. ඒවා වෙනුවෙන් සැලසුම් සකස්කර ඉදිරි තරගාවලි සැලැස්ම ( FTP ) සකස් කළ යුතුව තිබෙනවා.
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙලෙස කල් යාම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලසිත් මාලිංගත් වයස් ගත වනවා. ඔහුගේ ශරීර යෝග්‍යතාව මේ අනුව අභියෝගයට ලක්වනවා. එය නව නායකත්වයක් නිර්මාණය කිරීමට තේරීම් කමිටු අවධානය යොමුවීමට හේතු වූ බව එහි සාමාජිකයෙක් lankasportsnews වෙත කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මාලිංගගේ පැරණි දක්ෂතා පිලිබද ගැටළු නොමැති බවයි. එහෙත් මේ වන විට ඔහු සිටින මට්ටම අනුව නව තීරණය සාකච්ජා වෙමින් ඇති බවයි. මෙම තීරණය දැනුම් දුන් විට ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇතැයි lankasportsnews විශ්වාස කරනවා. ඒ මීට පෙර ඔහු අප සමගම පවසා ඇත්තේ නායකත්වයට සුදුසු නෑ යනු කණ්ඩායමටත් සුදුසු නැති බව කීමක් බවයි.
මෙම සාකච්ජාව ක්‍රියාත්මක වන දිනයක් කීමට තවම කල් වැඩියි. ඒ ලොව පවතින කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන්. මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගැසුවේ ඇයිදැයි ඔබට සැකයක් දැනටමත් ඇති. ඒ ක්‍රිකට් තේරීම් කමිටුව සිදුකරන සාකච්ජාව රටට අනාවරණය කිරීම වෙනුවෙන්.
No comments