• Breaking News

    පාවාදීම් බොරුව කී මහින්දානන්දගේ වාර්තාව නීතිපති හමස් පෙට්ටියට දමා වසයි - Exclusive Exposed

    2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පවාදුන් බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. එහෙත් එය දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සිදුකළ බොරුවක් එකක් බව පසුව තහවුරු වුණා. මේ අනුව මෙම බොරුව පිලිබද ක්‍රීඩකයන් ගෙන්වා පරීක්ෂණ ආරම්භ කළ පනත යටතේම මෙලෙස බොරු කීමට එරෙහිව පරීක්ෂණ සිදුකර දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුණා. එවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර කියා සිටියේ මේ වන විටත් අදාල ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි. එහෙත් එය මහ මැතිවරණය අවසන් වන තුරු වසා තැබීමට රජයේ ප්‍රභලයෙක් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් අප අනාවරණය කළා.


    මහ මැතිවරණය අවසන් වන විට ජනතාවට මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ පාවාදීම් බොරුව අමතක වී ඇතැයි රජයේ තක්සේරුව වනවා. එවිට නීතිපති දෙපාර්තමේන්තුවට ගිය ලිපිගොනුව තවදුරටත්  වසා තැබිය හැකි වනවා. එවිට රජය වෙනුවෙන් දංගෙඩියට බෙල්ල තැබූ මහින්දානන්දට අලු ගසා යලි අලුත් වටයකින් නැගී සිටීමට හැකිවනවා. එය ඉටු කිරීම සම්පූර්ණයෙන් පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුව සතුවයි. මේ අනුව රජය ඒ වෙනුවෙන් උපරිමයෙක් කටයුතු කරමින් ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නවා පොඩිකර සාක්කුවට දා ගනිමින්. හැකිනම් නීතිය ක්‍රියාත්මක කර පෙන්වන ලෙස Lankasportsnews අප ආන්ඩුවට අභියෝග කරනවා.



    නීතිපති දෙපාර්තමේන්තුව මේ පිලිබද නඩු පැවරීමේදී බොරු කීම වෙනුවෙන් පමණක් නොව කූඨ ලේඛන සකස් කිරීම වෙනුවෙන්ද මහින්දානන්ද අලුත්ගමගේට චෝදනා ගොනුකළ යුතුයි. සැමට එක නීතියක් යැයි බොරු ගොඩක් වපුරමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ එය අකුරට ඉටු කරමින් සිටිනවා. ඒ හිස් ආවරණය ( හෙල්මට් ) නැතුව යතුරුපැදිවල යන හිටපු ඇමතිවරු රකිමින් හා සාමාන්‍ය ජනතාවට දැඩි දඩුවම් ලබා දෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ සාමාජිකයින් සදහා එක නීතියක් හා සාමාන්‍ය වැසියන්ට එක නීතියක් ලෙස බැලූ බැල්මට නීති දෙකක් රට තුල පැහැදිලිව ක්‍රියාත්මක කරමිනුයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමට පෙර සැමට එක නීතියක් බව පවසා ඇත්තේ මෙලෙස ගොඩවල් දෙකට බෙදා ඒ ඒ ගොඩට වෙන වෙනම එක නීතිය බැගින් ක්‍රියාත්මක කරන බව විය යුතුයි.



    ආන්ඩුව දූෂිතයන්ට හා එලිපිට නීතිය අතට ගන්නන්න්ට එරෙහිව රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ ඇති සැමට සාධාරණයක් යන වගන්තිය අමු අමුවේ උල්ලංඝණය කරනවා. මේ තත්වය මහ මැතිවරණයට පසු මීට වඩා සිය දහස් ගුණයකින් ඔබට අත් විදීමට සිදුවනු ඇති. ඔව්. එන්න තුනෙන් දෙකක් දී අපි ඒ අමාරුවේ වැටෙමු. ඊට පසු කනෝ කනෝ කියා කෑ ගසමින් ඉදිරි වසර 5 ම දුක් විදිමු. එසේ නොවීමට රට යහපත් කිරීමට බලය ඇත්තේ ඔබටයි. එය මහ මැතිවරණයට කතිරක් ගහලා ඔබ සනාථ කරන්න. රටට ශක්තිමත් ආන්ඩුවක් මෙන්න විපක්ෂයක්ද අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. මහ මැතිවරණයට පෙර කාලය හදුන්වන්නේ අපායේ ඉන්ටවල් එක නොහොත් විවේක කාලය ලෙසයි. ඉතින් විවේක කාලය මෙලෙස නම් මහ මැතිවරණයට පසු කාලයේ විපාක කෙලෙස නම් වේවිද කියා කීමට එක උදාහරණයක් පමණක් සෑහෙන බව සිතනවා. මහ මැතිවරණයට පසු බත් කෑමට නැතුව කට අරින සියල්ලන් හඩක් නැතුවම නිදහස් චතුරශ්‍රය බලන්නට සී.සී.ටී.වී අක්‍රිය කරමින් එනු ඇති. තීරණය ඔබ සතුයි. 



    No comments