• Breaking News

    ක්‍රිකට් හොරු අල්ලූ එකා පන්නා හොරාට පත්වීම දෙයි ? Exclusive Exposed

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලක සිට අරුම පුදුම දේ සිදු කිරීමට නම් දරා තිබෙනවා. පසුගිය වසරේ මහා ආන්දෝලනයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන රුපියල් ලක්ෂ 327 ක් අතුරුදන් වීමේ සිදුවීම මේ වන විට යට ගොස් අවසන්. ඒ කිසිදු වැරදිකරුවෙක් හෝ මුදල් හිමිවීමකින් තොරවයි. මෙම වංචාවේ මහ මොළකරු ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල බව බොහෝ දෙනා පැවසුවා. වත්මන් සභාපති ශම්මි සිල්වා මේ පසුපස බව 
    මේ වන විට සනාථ වෙමින් තිබෙනවා. මෙය තිලංග සුමතිපාල හසුවීමට ශම්මි ගැසූ ගැටයක් බවත් වැඩිදුර තොරතුරු ලැබෙනවා. තිලංග සුමතිපාල සභාපති ලෙස කටයුතු කරන විට මූල්‍ය කටයුතු භාර භාණ්ඩාගාරික වූයේ ශම්මි සිල්වායි. මේ අනුව අතටම අසුවූ මෙම හොරකම ගැන සෙවීම හොරාගේ අම්මගෙන් පේන ඇසීම නොව හොරාගෙන්ම විස්තර ඇසීමක් වී තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන අයිතිය අලෙවි කිරීමෙන් හිමිවීමට ගිවිසුම් ගතව තිබූ රුපියල් ලක්ෂ 327 (  32,739,700 ) ක් විදෙස් ගිණුමකට භැර වුණා. මේ පිලිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) පැමිණිලි කළේ ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වායි. සාක්ෂි එක්ක එම ලිපිය බලන. 



    එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරගාවලියේ විකාශන අයිතිය වෙනුවෙන් හිමිවීමට නියමිත රුපියල් කෝටි 172 ක් ද පිල්ලි ගැසීමට ගත් උත්සාහය අසාර්ථක වුණා. එම ලිපිය සාක්ෂි එක්ක බලන්න.



    මෙම මහා මූල්‍ය වංචා වැලලීමට ක්‍රිකට් ආයතනය සූදානම් වූයේ මෙය සයිබර් ප්‍රහාරයක් නිසා වූ සිදුවීමක් බව පවසායි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිඝණක තාක්ෂණ අංශයේ ප්‍රධානියා වන නදීශාන් සූරියආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව කියා සිටියේ මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි. පැහැදිලිව මෙය ආයතනය තුලින් ගිය ඊමේල් පණිවිඩ බව ඔහු කරුණු සහිතව අනාවරණය කළා. මේ පිලිබද වැඩිදුරටත් සොයා බැලූ පාර්ලිමේන්තු කෝප් කමිටුව භාහිර තාක්ෂණ ආයතනයකින්ද ඒ බව තහවුරු කර ගත්තා. එහෙත් අවස්ථා රැසක පසුව ක්‍රිකට් ආයතන පරිඝණක දත්ත තුලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමට අසාර්ථක උත්සාහ ගත්තා. ඒ මෙම වංචාවට බෙල්ල මුලින් හසුවූ මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන බේරා ගැනීම සදහායි. මේ වන විටත් වැඩ තහනමට ලක්වූ ඔහු සිටින්නේ ඇප මතයි. එම වැඩිදුර තොරතුරු ඇතුලත් ලිපිය බලන්න.



    මෙම වංචාව පිලිබද කරුණු වැඩිදුරටත් අනාවරණය කළ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණන වාර්තාවේ දැක්වෙන්නේ ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා ඊට හවුල් බවයි. එම විශේෂ විගණන වාර්තාව ඇතුලු ඒ පිලිබද අප වාර්තා කළ ලිපිය බලන්න.



    මෙම සියලු මූල්‍ය වංචා බෙල්ල මුලින් හසුවීමට පාර පෙන්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිඝණක තාක්ෂණ අංශ ප්‍රධානී නදීශාන් සූරියආරච්චියි. ඒ මෙම වංචා සිදුකිරීමට අවශ්‍ය ඊමේල් සියල්ල ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පද්ධතියෙන් බව තහවුරු කරමින්. මේ අනුව හොරුන්ගේ ප්‍රධාන සතුරා වූ නදීශාන් සූරියආරච්චි ක්‍රිකට් ආයතනයෙන් නෙරපීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා කටයුතු කර තිබෙනවා. නදීශාන්ගේ කොන්ත්‍රාත් කාලය ලබන 31 වැනිදායින් අවසන් වනවා. සේවය දීර්ඝ නොකිරීම හරහා මෙය පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබී ඇත්තේ හොරුන්ට යලිත් හොරකමට මේ හරහා අවස්තාව ලබා දෙමින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පරිඝණක තාක්ෂණ අංශ ප්‍රධානී ලෙස බදවා ගැනීමට සූදානම් වන්නේ චාමින්ද නැමැත්තෙක්. ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගේ අතවැසියකු ලෙස කලක සිට CCC ක්‍රීඩා සමාජයේ පරිඝණක බලන් සිටි චාමින්දට මෙලෙස පත්වීම ලබාදීමට සූදානම් වන්නේ කිසිදු සුදුසුකමක් නොමැතිවයි. මේ අනුව යලිත් සෙල්ලම් දමා ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් හිමිවන මුදල් කරදරයක් නැතුව සක්කුවට දමාගෙන එය සයිබර් ප්‍රහාරයක් ලෙස පෙන්වීමට හැකිවනවා. ක්‍රිකට්  ප්‍රධාන තනතුරු සියල්ලේ සභාපති ශම්මි සිල්වාගේ ගෝලයන් හා වැඩ බැරි හෙන්චයියන් සිටීමෙන් එය වඩාත් පහසු වනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන හොරාට හසුවූ පසු එම තනතුරේ කලක් වැඩ බලන ලෙස පත්කර සිට මේ වන විට එම තනතුර ලබාදී ඇත්තේ කාමලිකා ජයසේකරටයි. ඇයට එම තනතුර ලබා දුන්නේ වත්මන් සභාපති ශම්මි සිල්වායි. ඇය මීට පෙර ඔහු පසුපසින් ආවේ CCC ක්‍රීඩා සමාජයේ ගිණුම් කටයුතු සිදු කරමින්. ක්‍රිකට් ආයතන මානව සම්පත් හා සම්බන්ධීකරණ කළමනාකරු ලෙස පත්ව සිටින්නේ ටනේෂ් බර්නාඩ් ඩයස්. ඔහුත් මීට පෙර ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සමග CCC ක්‍රීඩා සමාජයේ සිටි අයෙක්. ඔහුටත් එම තනතුර වෙනුවෙන් කිසිදු සුදුසුකමක් ඇත්තේ නැහැ. ඇති එකම සුදුසුකම ඕස්ට්‍රේලියාවේදී මත්ද්‍රව්‍ය වෙළඳාමට ආධාර අනුබල ලබාදී සිරගතව සිටීමයි. සාක්ෂි ඇතුලත් එම ලිපිය බලන්න.



    මේ අනුව ඉදිරියේදී ක්‍රිකට් විකාශන අයිතිය වෙනුවෙන් හිමිවන මුදල් අපහසුවකින් තොරව සක්කුවට දා ගැනීමේ පහසුකම සභාපති ශම්මි සිල්වාට හිමිවනවා. ඒ පැමිණිලි කිරීමට කිසිවෙක් නොවීම නිසයි. ඒ වෙනුවෙන් ගහන ගේම Lankasportsnews අප මෙලෙස අනාවරණය කරනවා.


    මේ අනුව හිටපු සභාපති තිලංග සුමතිපාල හසුවීමට කලින් ක්‍රිකට් විකාශන අයිතිය වෙනුවෙන් හිමිවූ මුදල් වංචා කර හසු කිරීම එවකට ක්‍රිකට් භාණ්ඩාගාරික ශම්මිගේ ගේමක්දැයි ඔබට දැන් සිතෙනවා ඇති. ඔව්. ඔබ නිවැරදියි. මේ තොරතුරු ලබාදුන් ක්‍රිකට් ආයතන සේවකයාද ඒ බව පුන පුනා කියා සිටියා. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වර්තමානයේදී හිටපු සභාපති තිලංග සුමතිපාලව මග හැර වෙනම ගේමක් ගැසීමට ශම්මි සිල්වා කටයුතු කිරීම ඊට උදාහරණයක් බවයි. එමෙන්ම හිටපු සභාපති තිලංග සුමතිපාලට පක්ෂපාතී සේවකයන් දඩයම් කිරීමක්ද මේ වන විට දිය යට සිදුවන බව ඔහු කියා සිටියා. තිලංග සුමතිපාල සිය නිලධාරීන් අනවශ්‍ය ලෙස විශ්වාස කිරීම මෙවන් තත්වයක් ඔහුට ඇතිවීමට හේතුව බවයි කලක් අප සමග සමීප මිතුරෙක් වූ මෙම සේවකයා කියා සිටියේ. ඔහු සෑම විටම තිලංග සුමතිපාලව බේරීමට කරුණු රැසක් අපට පැවසූ බවත් මෙහිදී සටහන් කරන්නේ එම මිතුදම වෙනුවෙනුයි.

    ක්‍රිකට් ආයතනයට මෙලෙස ගේම් ගැසීමට හැකිව ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම ඇස් කන් වසාගෙන ක්‍රිකට් සල්ලි වලට යටවී සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් ලබන 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට පසු ක්‍රිකට් ආයතනයට කෙටි කාලීන අතුරු කමිටුවක් පත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව ඒ සදහා නාමල් රාජපක්ෂ සමගින් සැලසුම් කරනවා. එහිදී බිහිවන නව කැබිනට්ටුවේ ක්‍රීඩා අමාත්‍යධූරය නාමල්ට හිමිවීමේ වැඩි ඉඩක් පවතිනවා. තිලංග සුමතිපාල මේ දිනවල නාමල් පස්සෙන් යන්නේ ඔහුට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සදහායි. එමෙන්ම සමගි ජන බලවේගය හෙවත් දුරකථනය හරීන්ට යලි ක්‍රීඩා අමාත්‍යාංශය භාරදී දූෂණයෙන් තොර ක්‍රීඩාවක් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. තිලංග සුමතිපාල බුකීකරුවෙක් බව දක්වමින් තහනම් කිරීමේ නීති ගෙන ආවේත් හරීන් බව සිහිපත් කරන්නේ ස්තූති පූර්වකවයි. මේ කවුරු බලයට ආවත් මේ දිනවල සිදුවන ක්‍රිකට් පත්වීම් හා සිදුව ඇති මහා මූල්‍ය වංචා සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සූදානම් වන බව වාර්තා වනවා. සියල්ල මාධ්‍ය සංදර්ශන පමණක් වී ඇති වර්තමානයේදී මේවා සිදුවන තුරු සැලසුම් පමණක් බව සටහන් කරන්නේ සල්ලි වලට කළ නොහැක්කක් නොමැති බව ලියා තබමින්.
     





    No comments