ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සදහා ව්‍යාපෘති සැලැස්ම ඇතුලත් විද්වත් කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර වෙත භාර දී තිබෙනවා. ඒ එම කමිටු සභාපති මහාචාර්ය ඇඹුල්දෙනියයි. එමගින් අංශ 10 ක් යටතේ උපාධි ලබාදීමට යෝජනා කර තිබෙනවා. එහෙත් ඒවා කොතරම් ප්‍රායෝගික හා රැකියා වෙළඳපොළ ඉලක්ක කර නිර්මාණය කර ඇත්දැයි එම කමිටුවට හෝ උත්තර නැති ප්‍රශ්නයක් වනවා. මෙම වාර්තාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයන් අධ්‍යනය කර වෙනම ප්‍රායෝගික තලයේ එකක් නිර්මාණය කළ යුතු බවට එම වාර්තාව සකස්කළ කමිටු සාමාජිකයින් පවා පවසනවා. එවන් තත්වයක මෙම ක්‍රීඩා උපාධි පිරිනැමීමට පළමු කණ්ඩායම ලබන ජනවාරියේ බදවා ගැනීම යනු එම විද්‍යාර්ථීන්ගේ අනාගතය උගසට තබා සූදු කෙලීමක් වනවා. මේ පිලිබද අප පසුගිය ලිපියකින් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
කැළණිය විශ්වවිද්‍යාලය සමග මේ වන විට විශ්වවිද්‍යාල දෙකක් ක්‍රීඩා උපාධි පිරිනැමීම සිදු කරනවා. ඒ විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවයි. එහෙත් ලබන ජනවාරියේ සිසුන් බදවා ගන්නා බව කියන මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය සදහා එවැනි කිසිදු අනුමැතියක් නෑ. එමෙන්ම පාර්ලිමේන්තු පනතක් සම්මත කර නීති සකස් කිරීමක්ද සිදුව නැහැ. එසේ තිබියදී හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කරන බව මෙම වාර්තාව ලැබීමටත් පෙර ලේකම් රුවන්චන්ද්‍ර මාධ්‍යට කියා සිටියා. ඒ මහ මැතිවරණයට පසුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තනතුර රැක ගැනීම සදහායි. මුහුද හත් ගව්වක් තිබියදී රුවන්චන්ද්‍ර අමුඩය ගැසීමට හේතු වී ඇත්තේ තමන් කලින් කළ හා මේ වන විට කරමින් සිටින දූෂණ හා අක්‍රමිකතා වසන් කිරීමයි. එලෙස ඔහු සිදුකළ වංචා අප මෙලෙස අනාවරණය කළා.
ක්‍රීඩා අමාත්‍යාංශය යනු හොරකම් කිරීමට ඉතා පහසු හා හොරු බේරීම වෙනුවෙන් කප්පම් හිමිවන අරුම පුදුම අමාත්‍යාංශයක්. ඊට අමතරව ලිංගික අල්ලස් හිමිවන්නේ හොරුන්ගේම සන්තෝසමක් ලෙසයි. ඒ පිලිබද තොරතුරු ඇතුලත් ලිපිය මෙන්න.
මේ වන විට මෙරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සතුව නැති ලයිට් මිසයිල පද්ධතියක් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව තිබෙනවා. රුවන්චන්ද්‍ර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ සමයේ මෙම ක්‍රීඩා උපකරණ ලෙස හදුන්වමින් ලයිට් මිසයිල කට්ටලය නම් උපකරණ තොගයක් මිලදීගෙන තිබෙනවා. එම උපකරණ තොගය භාවිතා කරන්නේ කුමක් සදහාදැයි නොදන්නා කමින් අදටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ගොඩ ගසා ඇත්තේ විනාස වීමට ඉඩ හරිමින්. පුහුණුකරුවන් කිසිවෙක් මෙම උපකරණ පිලිබද දැනුවත් නැති අතර මිලදී ගැනීමේදීද කිසිදු විස්තරයක් සපයා නොතිබීම පුදුමයට කරුණක්.
කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර ක්‍රීඩා සංවර්ධනය දෙපාර්තමේන්තු අධයක්ෂ ජනරාල්වරයාව සිටි අවධියේ ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නමින් වැඩ සටහනක් හදුන්වා දුන්නා. මේ සදහා මිලදී ගත යුතු භාණ්ඩ ලැයිස්තුව සකස්කර දී ඇත්තේ දෙපාර්තමේන්තුවේ සැලසුම් නිලධාරිනියයි. ඇය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරිනියක් නොවන අතර ක්‍රීඩාව ගැන කිසිවක් නොදත් වෙන වෙන ක්‍රීඩා පමණක් දත් බව කියන රාජ්‍ය පාලනය නිලධාරිනියක්. ඇය සකස්කළ ලැයිස්තුව මිලදී ගැනීම අනුමත කර ඇත්තේ ක්‍රීඩාව පිලිබද කිසිදු විශේෂඥ දැනුමක් ඇත්තෙක් නොවීමත් කැපී පෙනෙනවා. රුපියල් මිලියන 250 ක් වටිනා මෙම ලැයිස්තුව මිලදී ගැනීමට විවෘත මිල ගණන් කැදවීමක් ද සිදුකර නැහැ. රාජ්‍ය චක්‍රලේඛ අනුව රුපියල් ලක්ෂ 10 ට වඩා වැඩි මිලදී ගැනීම් සදහා විවෘත ටෙන්ඩර් කැදවීමකින් සිදුකළ යුතු වනවා. එහෙත් නීතිය දෙකට තුනට නවා අතට ගත් රුවන්චන්ද්‍ර එය සිදුකර නැහැ.
මෙම මිලදී ගැනීම් සීමිත මිලදී ගැනීම් ලෙස පෙන්වා අති විශාල කොමිස් ගැසීමක් සිදුව තිබෙනවා. මෙලෙස මිලදී ගත් භාණ්ඩ අදටත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩ ගසා ඇත්තේ විනාස වී යාමට ඉඩ හරිමින්. පසුගිය කාලයේ අවස්තා කිහිපයකදී පාසල් වෙත මෙම ඇතැම් භාණ්ඩ බෙදා දීමටත් පියවර ගත්තා. මේ අතර රුපියල් ලක්ෂ 92 ක් වටිනා ලයිට් මිසයිල නමින් හදුන්වන උපකරණ තොගයක්ද වනවා. එම උපකරණ භාවිතයට ගන්නේ කුමක් සදහාදැයි කිසිවෙක් දන්නේ නැහැ. මෙම ලයිට් මිසයිල කුමන ක්‍රීඩාවක් සදහා භාවිතා කරන්නේද පවා දන්නා කිසිවෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ නෑ. ඒවා ඔහේ ගබඩාගාරයේ ගොඩ ගසා ඇත්තේ විනාස වීමට ඉඩ දෙමින්. මේ අනුව මෙම රුපියල් ලක්ෂ 92 ක භාණ්ඩ මිලදී ගැනීමේදී පවා කිසිදු සවිස්තරාත්මකව තොරතුරක් ඇත්තේ නැහැ. රුවන්චන්ද්‍ර එවක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගෙන්වූ සයිට් මිසයිලයක් අහවල් තැනට ගසා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තනතුරින් ඉවත්කළ යුතු බවයි මේ පිලිබද තොරතුරු ලබාදුන් සම්පත් දායකයා සිනා සෙමින් Lankasportsnews අප මාධ්‍යවේදියාට කියා සිටියේ.
මෙතරම් දූෂණ හා අක්‍රමිකතා රැසක් ලේකම් රුවන්චන්ද්‍ර සිදුකර ඇති බව අප කරුණු සහිතව අනාවරණය කර තිබියදී ඔහුව තවදුරටත් ඉන් ඉවත් කිරීමට මන්ද පමා කියායි අපට ඇසීමට ඉතුරුව ඇත්තේ. ඒ රජය හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම සතුටු කිරීමට රුවන්චන්ද්‍ර කටයුතු කර තිබීම හේතුවෙන් විය හැකියි. වත්මන් රජය නිතර කට පාඩම් කරන්නක් වූයේ සැමට එක නීතියක් බවයි. සැමට එක නීතියක් හා බත්බැලයන්ට එක නීතියක් ලෙස දෙකක් රට තුල ක්‍රියාත්මක බවට සාක්ෂි ඕනෑ තරම්. ඊටම එක්වන තවත් එක් දූෂණයක් ලෙස මෙය ලියා තැබිය හැකියි. කෙසේ වෙතත් මේ වන විට Lankasportsnews මාධ්‍ය කණ්ඩායමට ලැබෙන තොරතුරු අනුව මහ මැතිවරණයට පසු ක්‍රීඩා අමාත්‍යාංශය උඩු යටිකුරු වනු ඇති. එවිට ලේකම් ලෙස රුවන්චන්ද්‍ර රැදී සිටීමට ඇති ඉඩ බොහෝ අවම බව පමණක් සටහන් කළ හැකියි. එහෙත් මෙරට ක්‍රියාත්මක මජර දේශපාලන මුදලට හා වෙනත් දෑ වෙනුවෙන් යට නොවනු ඇතැයි සිතීමට හැකියාවක්ද නැහැ. ඒ පාර්ලිමේන්තු කෝප් කමිටුව හෙලිකළ මහා වංචා සිදුකළ ක්‍රිකට් හොරු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ප්‍රභලයන්ගේ ඔඩොක්කුවේ සුව සේ හුරතල් වෙවී සිටීම හේතුවෙන්. මේ තට්ටුමාරු ක්‍රමය තුල මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව අවසන් ලෙස ලියා තබනවා.
No comments:
Post a Comment