ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්නට සේවය කරන ලේකම්වරිය නිරූපිකාවක්. ඇය ලිපි ලේඛන කටයුතු හැර අනෙක් සියල්ල ඔහු වෙනුවෙන් සිදු කරන බව සදහන්. මේ අතර අප පසුගිය දිනවල සාක්ෂි සහිතව ක්‍රිකට් ආයතනය තුල සිටින මුදලට තරග පාවාදීම් මහ මොළකරු රවීන් බව අනාවරණය කළා. ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තාවකින් එය තහවුරු වී ඇති බව එම වාර්තාව ද සමගින් වාර්තා කළ බව ඔබට මතක ඇති. එම අනාවරණය සමගින් ඔහු ක්‍රිකට් ආයතනය තුල වියරු වැටී පෙරළි කර ඇත්තේ සේවක සේවිකාවන්ට සුද්ද සිංහලෙන් අමතමින්.
ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed
පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩිකා පූජානි ලියනගේ පසුගියදා හදිසි අනතුරකින් මියගියා. 33 හැවිරිදි ඇය කුරුණෑගලදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදුන්නා. ඇගේ පවුල වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහෙත් පසුගිය දිනවල කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් හදිසියේ මුදල් නිදහස් කිරීමට වීම හේතුවෙන් එය මෙතෙක් ලබාදීමට හැකිව නැහැ. මේ පිලිබද මූල්‍ය අංශ ප්‍රධානී කාමලිකා ජයසේකර ගෙන්වා උප සභාපති රවීන් කරුණු විමසා තිබෙනවා. එහිදී ඇය ඊට හේතුව ක්‍රිකට් ආයතන ගිණුම් රැසක වැඩ කිරීමට සිදුවීම හා රටේ පවතින තත්වය මත මෙතෙක් සිදුකිරීමට නොහැකිවීම පිලිබද කරුණු දක්වා තිබෙනවා. එහිදී රවීන් චෝදනා කර ඇත්තේ ක්‍රිකට් ආයතනය මුදල් වැය කරන වෙබ් අඩවියක් සදහා තොරතුරු ලබාදෙන්නේ කාමලිකා බවයි. ඇය ඊට පිලිතුරු ලබාදෙමින් සිය නිරවද්‍ය භාවය ඔප්පු කර ඇත්තේ ඊට ප්‍රවෘත්ති ලියාම දෙන්නේ රවීන් බව තමන් දන්නා බවයි.
මෙම කරුණු දැක්වීම තමා හා එකට එක කීමක් ලෙස සැලකූ රවීන් ක්‍රිකට් ආයතනය යුද පිටියක් බවට පත් කළා. මෙම සිදුවීම පිලිබද රවීන්ගෙන් සමාව ගන්නා ලෙස ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා කාමලිකාට පවසා ඇතැයි වාර්තා වනවා. එහිදී ඇය කියා ඇත්තේ තමන් වරදක් නොකර බොරුවට බැණුම් ඇසීමට සූදානම් නැති බවයි. මේ හේතුවෙන් සමාව නොගන්නා බවත් ඇය දැඩිව පවසා තිබෙනවා. අවසානයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සතියක් තුල නිදහසට කරුණු දක්වන ලෙස කාමලිකා ජයසේකරට දැනුම් දෙමින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
පසුගිය වසර එකහමාරක කාලයක් කාමලිකා ජයසේකර ක්‍රිකට් ආයතන වැඩ බලන මූල්‍ය අංශ ප්‍රධානී ලෙස කටයුතු කළා. එහිදී ඇයට සිය බෙල්ල ගසා නොයන ලෙස ගිණුම් කටයුතු සිදුකිරීමට වූ වාර අනන්තයි. කොරෝනා හේතුවෙන් රට ලොක්ඩවුන් කර තිබියදී ක්‍රිකට් ආයතනය රාජකාරී කරමින් කොන්ත්‍රාත් වෙනුවෙන් හා බොරු සැලසුම් සකස්කිරීම වෙනුවෙන් මුදල් නිකුත් කරනු ලැබුවා. එම සියළු රාජකාරී දේව කාරී ලෙස කරට ගත් ඇය කිසිදු අඩුවක් කීමට බැරි ලෙස ඉතා සූක්ෂමව වැඩ කළා. එලෙස ක්‍රිකට් ආයතන බර කරට ගෙන කටයුතු කරමින් ලොක්කන්ගේ බෙලි බේරූ ඇයට මෙලෙස පුංචි ප්‍රමාදයක් ලොකු කරන් කටයුතු කිරීම පුදුම සහගතයි.
රවීන් වික්‍රමරත්න යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්තාව අමු අමුවේ උල්ලංඝනය කරන්නෙක්. ඔහු ක්‍රිකට් ආයතන උප සභාපති ලෙස සිදු කරන්නේ ගරු සේවයක්. එසේ තිබියදී ඔහු වෙනුවෙන් හා ඔහුගේ බිරිද වෙනුවෙන් ක්‍රිකට් ආයතන කාර් දෙකක් භාවිතා කරනවා. බිරිදට කඩේ යාමේ සිට සියළු පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මෙම රථය ක්‍රිකට් ආයතනය නිදහස් කර තිබෙනවා. එය නීති විරෝධී ක්‍රියාවක්. එසේ තිබියදී කලක සිට ඔහු ක්‍රිකට් ආයතන සියළු අංශ සදහා ඇගිලි ගසන්නේ සිය හයිය පෙන්වීම සදහායි. රවීන් වික්‍රමරත්න රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා මොබිටෙල් ආයතන සේවකයෙක්ද වනවා. කිසිදු රාජකාරියක් නැතත් ඔහුට ඉන් ඉහළ වැටුපක් හිමිවනවා. එම තනතුර ඔහුට ලබා ගැනීමට උපකාරී වූයේ තිලංග සුමතිපාලයි. ගුණමකු කමේ මහත නම් එය ඔහුට සම්පූර්ණයෙන් අමතක වීමයි. එහෙත් එය දන්නා අප මෙලෙස ඔහුට එය මතක් කරන්නේ මුල අමතක වන මිනිස්සුන්ට ලොකු ගමනක් නොමැති බව කියමිනුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාවේ ලොකුම හොර ගුහාව බව පසුගිය පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී සාක්ෂි සහිතව අනාවරණය වුණා. එහෙත් එහි සිටින සල්ලි වීසි කරන්නන් සදහා ඒවා සියල්ල යට ගැසිය හැකි බව මේ වන විට සනාථ කර අවසන්. ඒ ඔවුන් සියල්ල සුදු පිරුවට ඇදගෙන ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම වන්දනාවේ යමින් සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වූයේ මෙරට ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින්. ඒවා කඩ වුණු පොරොන්දු බවට පත්ව ඇති බව කීමට ක්‍රිකට් ආයතනයට වඩා උදාහරණයක් අවශ්‍ය නෑ. අපට කියන්න සිදුව ඇත්තේ ක්‍රිකට් සල්ලි වලට යටව ඇති රජයට උඩ මතුවීමට සිදුවන්නේ මඩ තවරන් බව සිහි තබා ගත යුතු බව පමණයි.
සබැඳි පෙර ලිපි
No comments:
Post a Comment