Friday, July 31, 2020

තිලංග විසිවේ - ශම්මි තරවේ - ධර්මදාස අහුවේ ? Exclusive Exposed

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බල පෙරලියක් සිදුවූ දේශපාලන බලපෑම් උච්චතම කාලයක් ලෙස මේ දින කිහිපය හැදින්විය හැකියි. එහි එක් සිදුවීමක් ලෙස ජයන්ත ධර්මදාසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති තනතුර හිමිවුණා. ඒ දේශපාලන ක්‍රීඩාවේ සංධිස්ථානයක් වෙමින්. එම උප සභාපතිධූරයෙන් කේ. මතිවානන් ඉල්ලා අස්වීමේ පුරප්පාඩුව සිදුවූයේද ඊට අනුවයි. මාස 17 ක් කුඩම්මාගේ සැලකිලි ඇතුව එහි රැදී සිටි මතිවානන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉල්ලා අස්වීමට සූදානම් වුණා. එහෙත් ඉන් වලක්වා ගත් එම ප්‍රභලම සාධකට මෙවර එය නොකිරීම මෙම ලිපිය කියවන ක්‍රිකට් දන්නා අයට අප අනාගතයේ හෙලි කිරීමට සිටින මෙම බල මාරුවේ දේශපාලන අත පෙවීම ගැන සිතා ගැනීමට හැකිවනු ඇති. එලෙස ඔවුන්ට ඉගි ලබාදුන් අප ඔබට එය සාක්ෂි සාධක සහිතව නුදුරේදීම පවසන බව පමණක් දැනට ලියා තැබිය හැකියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති කේ. මතිවානන්ට නිල කාමරයක් ලබා නොදුන් බව අප අනාවරණය කළා. එහෙත් අද වැඩ බාර ගැනීමට නියමිත නව උප සභාපති ජයන්ත ධර්මදාසට මේ වන විටත් ඔහු පෙර ක්‍රිකට් ආයතනයේ සිටි සමයේ භාවිතා කළ නිල කාමරය ලබා දී අවසන්. එය හිටපු ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයින්ද වන ප්‍රියන්ත අල්ගම හා ශිබ්ලි දෙදෙනා පැමිණ අවශ්‍ය ලෙස සකස් කළ බව එම ආයතන සේවකයෙක් Lankasportsnews වෙත කියා සිටියා. මෙලෙස ලබාදුන් කාමරය මීට පෙර භාවිතා කළේ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සුවච කීකරු හිතවතෙක් වන සුජීව ගොඩලියැද්දයි. තිලංගගේ සමීපතමයන් එලියට ඇද දැමීමේ ශම්මිගේ න්‍යාය පෙන්නුම් කරන්නක් ලෙසත් මෙය හැදින්විය හැකියි.



නව උප සභාපති ජයන්ත ධර්මදාසට ඉහළම පිලි ගැනීමක් මේ වන විට හිමිව අවසන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ද නවලෝක රෝහලට ගොස් ඔහුට සුභ පැතුම් එක්කර තිබෙනවා. නවලෝක රෝහලේ ප්‍රධානියා වන ජයන්ත ධර්මදාසට මෙම තනතුර භාර ගන්නා ලෙස පවසා ඇත්තේ ද රටේ මේ වන විට ආන්ඩු බලය හිමි පක්ෂ, ප්‍රභලයෙක්. හිටපු සභාපති තිලංග සුමතිපාල පවා මෙම ප්‍රභලයාගේ දේශපාලන බලයට යට බව සටහන් කළ හැකියි. අප නම නොකියන දේශපාලන ප්‍රභලයාගේ අවශ්‍යතාව මත මෙම සියලු පුටු මාරු සිදුවූ බවත් සදහන් කළ යුතුයි. මේ අතර ජයන්ත ධර්මදාසට ජාත්‍යන්තර ක්‍රිකට් භාර දීමටත් අද පත්වීම සමග කටයුතු කරනු ඇති. එවිට දේශීය ක්‍රිකට් තරග පාවාදීම් පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවකින් සනාථ කර ඇති අනෙක් උප සභාපති රවීන් වික්‍රමරත්න තව දුරටත් පහසුවෙන් දේශීය ක්‍රිකට් තරග පාවාදීම් සිදුකරමින් යෙහෙන් වැජබෙනු ඇති. ඒ සුරතලියන්ද පිරිවරා ගනිමින්.  





ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්තාවේ දැක්වෙන්නේ ආසන්නම හිටපු සභාපති විධායක කමිටුව නියෝජනය කළ යුතු බවයි. ශම්මි යටතේ මේ අනුව එම පුටුව තිලංග සුමතිපාලට හිමිවිය යුතුයි. එහෙත් පාර්ලිමේන්තු සම්මත තහනමට අනුව තිලංගට ක්‍රිකට් ආයතනයට යලි පැමිණීමට නොහැකි ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නීති ගෙන ආවා. ඒ තිලංග සූදු ව්‍යාපාර සමග සම්බන්ධ බව සනාථ කරමින්. මේ අනුව ආසන්නම හිටපු සභාපති වන්නේ ජයන්ත ධර්මදාසයි. ඒ තිලංග සුමතිපාලට පෙර සිටි සභාපති ඔහු වීම හේතුවෙන්. එහෙත් පසුගිය මාස 17 දීම ක්‍රිකට් විධායක කමිටුව එලෙස ජයන්ත ධර්මදාස පැමිණීම වාරණය කළා. ඒ ඔවුන්ට අවශ්‍ය ලෙස නීතිය අර්ථ දක්වමින්. එහෙත් මෙම දේශපාලන ප්‍රභලයාගේ අවශ්‍යතාව සැනෙකින් ඉටු වුණා. ඒ පාවඩ එලා උඩුවියන්ද බදිමින්.


හිටපු සභාපති තිලංග සුමතිපාල මෙම කේ. මතිවානන් ඉල්ලා අස්වීම සමග කියා සිටියේ මහ මැතිවරණය අවසන් වන තුරු මෙම පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකරන ලෙසයි. උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත එම තනතුරට තමට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් ඉල්ලා අස්වී පැය තුනක් යාමටත් පෙර පැවති ක්‍රිකට් හදිසි විධායක කමිටු රැස්වීමේදී ඒක මතිකව ජයන්ත ධර්මදාසගේ නම සම්මත වුණා. මෙය පසුගිය සති කිහිපය පුරාම සිදුවූ රහසිගත කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස බව සටහන් කළ හැකියි. තනතුර ලබාදුන් සැනින් එය භාර ගැනීමට ඉක්මන් වීම පසුපසද ඇත්තේ මේ ක්‍රීඩාවමයි.


කෙසේ වෙතත් මේ සියල්ල පසුපස ඇත්තේ සභාපති ශම්මි සිල්වා සිය බලය රැක ගැනීමට දරණ අසාර්ථක උත්සාහයයි. එහෙත් ඔහු මේ වන විට තිලංගගේ බල කදවුර සැලකිය යුතු ලෙස අල්ලා අවසන්. ඔහුට අවශ්‍යව ඇත්තේ ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී තනිව තරගකර තිලංග පාර්ශ්‍රවය පරාජය කිරීමයි. ඊට ඔහු ජයන්තගේ මෙම එක්වීමත් භාවිත කිරීමට සිතා සිටිනවා විය යුතුයි. එමෙන්ම ආන්ඩුවේ රැකවණය අනෙක් සාධකය වනවා. ඒ ජයන්ත ධර්මදාස වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙක් වීම හේතුවෙන්.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල මේ වන විට දේශපාලන ක්‍රීඩාව ආරම්භ වී තිබෙනවා. ඒ ක්‍රිකට් වෙනුවෙන් නොවෙයි. ලෝකයේ දූෂිතම ක්‍රිකට් රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා අවසන්. ඉන් මුදවා ගැනීමට මෙම කිසිදු පුටු පෙරලියක් සිදු නොවීම කණගාටුවට කරුණක්. ක්‍රිකට් හරහා අති විශාල මුදලක් සාක්කුවට දා ගැනීම වෙනුවෙන් සිදුවන්නක් ලෙස මෙය හැදින්වීමේ වරදක් නෑ. එය සෘජුව රටේ ඉදිරියේදී සිදුවන වෙනස්කම් හා බැදී තිබෙනවා. ක්‍රිකට් යනු තවදුරටත් තවත් එක් ක්‍රීඩාවක් නොවේ. එය බලය හා ධනය වෙනුවෙන් භාවිත කරන්නක් වී අවසන්. මේ සියල්ලේ අවශ්‍යතාව මේ වන විටත් ඔබ අත් විදිමින් සිටින බව පමණක් ලියා තැබිය හැකියි. ජයන්ත මෙම දේශපාලන ක්‍රීඩාවේ ඉත්තෙක් වූවා පමණයි. මෙය ජයන්ත ධර්මදාස සියතින් සිය ගෙල වැලලා ගැනීමක් ලෙසත් සටහන් කළ හැකියි. ජයන්ත ධර්මදාස මහ මැතිවරණය අවසන් වන තුරු මෙම තනතුරේ වැඩ භාර ගැනීම ප්‍රමාද කලහොත් ඔහු දිනන බව සහතික කළ හැකියි. එය මෙම දේශපාලන ක්‍රීඩාව සම්පූර්ණ උඩු යටිකුරු කරන්නක් බවට එවිට පත්වීම නිසාවෙන් ජය ජයන්ත ධර්මදාස සතුවීම එවිට වැලැක්වීමට සමත් ජගතෙක් නොවන බවත් ලියා තැබිය හැකියි. මෙය කූඹියෝ නාට්‍ය සිහිපත් කරවන්නක් බවට පත්ව අවසන්. මෙම තනතුර භාර ගැනීම මහ මැතිවරණය අවසන් වන තුරු පමා කිරීම ජයන්ත ධර්මදාසට මීට වඩා ඉහළ තනතුරක් හිමිවීමට හේතුවනු ඇති බවත් අපට සහතික කළ හැකියි. මේ සියල්ල මේ වන විට සිදුවන කුමන්ත්‍රණ හා දේශපාලන ක්‍රීඩාවෙන් අප ලබාගත් සාක්ෂි සමග පවසන්නක් බවත් අවසන් ලෙස ලියා තැබිය හැකියි.



No comments:

Post a Comment