ක්‍රිකට් ලේකම්වරියක් හොරු සමග හෙලුවෙන් - Exclusive Leak Video
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිංගික අල්ලස් මත තීන්දු තීරණ ගන්නා තැනක් බවට යලිත් තහවුරු වී තිබෙනවා. ඒ ක්‍රිකට් ආයතන වෙළඳ අංශයේ සුප්‍රසිද්ධ නිලධාරිනී මෙලනි හරහා මෙවර වෙළඳ අංශයේ කළමනාකරු උපුල් බණ්ඩාර ක්‍රිකට් සන්නාමය අපහරණය කිරීමත් සමගයි. ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මෙහිදී මෙලනිගේ පදයට නටන වියපත් බඹරෙක් වීම ඔවුන් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. ක්‍රිකට් ආයතනය මත්ද්‍රව්‍ය වෙළඳාමට හා මුදල් විශුද්ධි කරණයට සම්බන්ධ වී සිටින බව අප මීට පෙර සාක්ෂි සහිතව අනාවරණය කළා. එහෙත් ඒ පිලිබද මෙතෙක් වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය පෙබරවාරි 26 වැනිදා දෙවන එක්දින ක්‍රිකට් තරගය සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් එක්වුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගයට කණ්ඩායම දෙකම එම ක්‍රීඩා පිටියට ගියේ ගොඩබිමින්. එහෙත් ඈෂ්ලී ද සිල්වා සිය බලය භාවිතා කර වෙළඳ අංශයේ මෙලනිගේ Back එකට පිස්සු වැටී තවත් ක්‍රිකට් ලේකම්වරියන් පිරිසක් සමග ගුවනින් එහි ගියා. ඒ පිලිබද අප යාමට පෙර හා ගිය මොහොතේ වීඩියෝ සමග ඔබට තොරතුරු වාර්තා කළා.
මෙවර ඇගේ මැදිහත්වීමෙන් මෙම වසරේදීම නරක්වූ කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරන බව අධිකරණයේදී පිලිගත් මයිකෝලා සිසිල් බීම සමාගම සමග ගිවිසුම් ගතවී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල සිසිල් බීම සහකරු ලෙසයි. මයිකෝලා ආයතනයට ගබඩා දෙකක් තිබෙනවා. 555/5 D, ගෝනාහේන, කඩවත ඇති මෙම ගබඩා පාරිභෝගික සේවා අධිකාරිය පරීක්ෂාවට ලක්කර 2020/02/17 වැනිදා මුද්‍රා තැබුවා. ඒ කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම හේතුවෙන්.
ලංකාවේ පාරිභෝගිකයන් වෙනුවෙන් පවතින ලිහිල් නීති හේතුවෙන් බොහෝ සමාගම් කූට ජාවාරම් සිදුකරන්නේ නරක් වූ අමුද්‍රව්‍ය භාවිත කර භාණ්ඩ නිපදවා ජනතාව දීර්ඝ කාලීන ලෙඩුන් කරමින්. නරක් වූ අමුද්‍රව්‍ය භාවිත කිරීම අධිකරණයේදී පිලිගත් මයිකෝලා වෙත රුපියල් 20,000 ක දඩයක් පනවනු ලැබුවා. එහිදී නරක් වූ අමුද්‍රව්‍ය හා හොද නිෂ්පාදන ලෙස ගබඩා දෙකක් පවත්වාගෙන යන බව ඔවුන් පිලිගත්තා. එමෙන්ම කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය විනාශ කිරීමටත් අධිකරණයේදී එකගවීමෙන් එම ආයතනය යලිත් නිදහස් කරනු ලැබුවා.
My Cola was imposed a fine
මෙලෙස ජනතාවට නරක් වූ බීම සැපයීමට ලග තබාගත් වරද පිලිගත් මයිකෝලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිල සිසිල් බීම සහකරු ලෙස අද ගිවිසුම් ගතවුණා. මෙම මාධ්‍ය දැනුවත් කිරීමට කිසිදු මාධ්‍යවේදියෙක් ගොස් සිටියේ නෑ. ඒ වෙනුවට මාධ්‍ය මුදලාලිලා පිරිසක් ගොස් සිටියා. එම නාමික මාධ්‍ය හමුවේදී පැමිණ සිටි පිරිස මීටරයේ දුර ගැන ජනතාවට බොරු පුරාජේරු ගසමින් එක ගොඩේ පොර කෑවේ ලබාදුන් මයිකෝලා ත්‍යාගය ලබාගැනීම සදහායි. වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස නමට එකක් තිබුනත් එය විදෙස් සංචාර සදහා සංගම්වලින් මුදල් ගැරීමට අටවාගත්තක් පමණක් බව අප මීට පෙරත් කරුණු සහිතව අනාවරණය කළා. මෙම මාධ්‍ය හමුවේ වැදගත්ම කරුණ වන්නේ යලි නරක්වූ බීම විකිණීමට ලග තබාගත් ආයතනයක් ලෙස දෙවතාවක් දඩුවම් ලැබූ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල සිසිල් බීම සහකරු ලෙස තෝරා ගත්තේ ඇයිද යන්නයි. එහෙත් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අසන ලෙස පැවසූ විට කිසිවෙක් ප්‍රශ්න ඇසීමට ඉදිරිපත් වූයේ නෑ. ඒ මේ වන විට ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන් නැතුව කඩේ යන සුවච කීකරු කුක්කන් බිහිවීම යලි සනාථ කරමින්. එම වීඩියෝව බලන්න.
මෙලෙස ඕනෑම කුණු ගොඩක් කරගහගන්නා අම්බලමක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව අවසන්. මයිකෝලා සිසිල් බීම සහකරු ලෙස තෝරාගෙන ඇත්තේ මේ වන විට සියලුම අනුග්‍රහයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැර ගිය පසුබිමකයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන අනුග්‍රහක වූ ඩයලොග් ආයතනය ඉවත්වීම සමග මේ වන විට නිල ඇදුම හිස් වී තිබෙනවා. අනුග්‍රහයන් නැතත් මසකට රුපියල් ලක්ෂ 3 කට වඩා වැටුප් ලබන සේවිකාවන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නඩත්තු කරනවා. මේ නිසා ඉඩෝරයට වට පිනි වැස්සක් බවට මයිකෝලා සිසිල් බීම සහකරු ලෙස පැමිණීම හැදින්විය හැකියි. ක්‍රිකට් දේශපාලන උවමනාවන් වෙනුවෙන් පමණක් භාවිතා කරන රජයක් සිටීම හේතුවෙන් ක්‍රිකට් ආයතනය නාඩගම් මඩුවක් වී අවසන්. මේවා ප්‍රශ්න කරන්නට ක්‍රීඩා මාධ්‍යවේදීන් නොවීම නිසා මේ සියලු කටයුතු පහසු වී තිබෙනවා.
සබැඳි පෙර ලිපි
No comments