Saturday, August 1, 2020

රුපියල් ලක්ෂ 130 ක් දිරන්න ගොඩ ගහලා - ලක්ෂ 260 ක උපකරණත් අතුරුදන් - Exclusive Exposed

ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙන්ම ජරාජීර්ණ වී ඇති ආකාරය අපගේ පසුගිය ලිපිවලින් ඔබට මනාව පැහැදිලි වී ඇති. රජයේ ගණන් දෙන වගකීම් රැසක් සහිත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තනතුර ලැබී ඇත්තේ හොරු රැලක හොදම හොරාව ගෙනත් නායකයා ලෙස බදවා ගත් ආකාරයට බව අප පැහැදිලි කළා ඔබට මතක ඇති. මෙලෙස දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර සිදුකළ දූෂණ අක්‍රමිකතා අප අනාවරණය කිරීම කඩි ගුලට ගල් ගැසීමක් වී තිබෙනවා. පස්ස කැඩුනු කඩියන් ලෙස ඔවුන් මේ වන විටත් අප මාධ්‍ය කණ්ඩායම හදුනා ගැනීමට උත්සාහයන් රැසක් ගන්නවා. ඒ අපව මිලදී ගැනීමට බව අමුතුවෙන් කිව යුතු නෑ. ඔවුන්ව මහන්සි නොකර මම ලිපිය සමගින් ඊට පිලිතුරු දීමට අප තීරණය කළා.


ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රුවන්චන්ද්‍ර නව රජය පැමිණීමට පෙර යහපාලන රජයේ ආරම්භක යුගයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. ඒ එවක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යටතේයි. ඔහුගේ දූෂණ අක්‍රමිකතා දරා ගත නොහැකි තරම් උඩු දිවීමත් සමග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පාලන සමයේදීම තනතුරට ආයුබෝවන් කීමට රුවන්චන්ද්‍රට සිදුවුණා. එලෙස ඉවත්ව යාමට පෙර සිදුකළ තවත් දූෂණයක් අප අනාවරණය කරන්නේ ඊට දඩුවම් වෙනුවට වත්මන් රජය සිදුකර ඇත්තේ උසස්වීමක් ද ලබාදී යලි හොරකම් කිරීමට දොරටු විවර කිරීමක් බව පෙන්වීමටයි. එමෙන්ම දිගින් දිගටම මෙලෙස ලේකම් රුවන්චන්ද්‍ර ඉලක්ක කර අප අනාවරණයන් සිදුකිරීම මේ වන විට දැඩි කතා බහට ලක්ව තිබෙනවා. ඒ නියපොත්තෙන් කඩන්න තිබියදී පොරොවෙන් කපන්න ඉඩ හැරීම අප න්‍යාය නොවීම හේතුවෙන් බව කිව යුතුමයි.



2016 වසරේ පිලිගත් රජයේ සියලු ක්‍රමෝපායන් උල්ලංඝණය කරමින් එවක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස රුවන්චන්ද්‍ර කිසිදු ප්‍රයෝජනයට නැති බර ඉසිලීමේ විනිශ්චය පුවරු දෙකක් මිලදී ගැනීමට උපදෙස් දෙනවා. මේ අනුව මිලදී ගැනීමට තාක්ෂණ කමිටුවක් පත් කිරීම සිදුවනවා. එහි බර ඉසිලීමේ ක්‍රීඩාව දන්නා එකම පුද්ගලයා වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරී ජාතික බර ඉසිලීමේ පුහුණුකරු ආර්. බී වික්‍රමසිංහයි. අනෙක් සාමාජිකයා නාලක හේවා මද්දුමයි. රාජ්‍ය නිලධාරියෙක් නොවන ඔහුව රජයේ මිලදී ගැනීමක් වෙනුවෙන් තාක්ෂණ කමිටුවට පත්කිරීමත් ගැටළු සහගත වනවා. මේ අනුව මෙම මිලදී ගැනීම එම කමිටු සභාපති රුවන්චන්ද්‍රට අවශ්‍යලෙස සිදු කිරීමට සියල්ල සිදුකර ඇති බව පැහැදිලි වනවා.


මෙම තාක්ෂණ කමිටුව මෙම විනිශ්චය පුවරු දෙක සදහා මිල ගණන් කැදවා තිබෙනවා. එහිදී රුවන්චන්ද්‍ර මිලදී ගැනීමට සූදානම් වන ආයතනයට එකග විය නොහැකි බව පවසා තාක්ෂණ කමිටු මෙම සාමාජිකයින් දෙදෙනා අත්සන් කර නැහැ. ඒ ආර්. බී. වික්‍රමසිංහ අත යට කොමිස් හිමිවන සැපයුම්කරුගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. මේ අනුව එවක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රුවන්චන්ද්‍රගේ තනි කැමැත්ත මම මෙම පුවරු දෙක ඔහුගේ ආයතනයෙන් මිලදී ගන්නවා. ඒ රුපියල් ලක්ෂ 130 ක මුදලකටයි. හදිසි අවශ්‍යතාවක් ලෙස මිලදී ගත් එම උපකරණ තොගය පහත දැක්වෙනවා.


• කලනකවෝ වර්ගකේ ලැපකටාප 05
• ඒ සදහා  අවශ්‍ය විශේෂිත මවුස් සහිත ස්විච 05
• ඩේට කේබල්
• නෙට්වර්ක් කේබල්

 
මේවා ELYKO වෙළඳ නාමය යටතේ සපයන බව  අලෙවිකරු දැන්වූ ලැප්ටොප් පරිඝණක වල ඉහළ කෙළවරේ අලවා ඇත්තේ මෙම වෙළඳ නාමය සදහන් ස්ටිකර් පමණි. මෙම පරිඝණක තුල ඇති මෘදුකාංග සදහා මෙතරම් ඉහළ මිලක් ගෙවා ඇතැයි මිලදී ගැනීම් විස්තරයේ දැක්වෙනවා. එහෙත් සත්‍ය ලෙසම එහි ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගත හැකි ඕපන් සෝස් Open Souse මෘදුකාංගයක් පමණයි. මෙලෙස රුපියල් ලක්ෂ 130 ක් වැය කර මිලදී ගත් බර ඉසිලීමේ විනිශ්චය පුවරු දෙක වසරකට භාවිත වන්නේ වරක් දෙවරක් පමණි. ඒ බර ඉසිලීමේ ජාතික සංගමයේ තරගාවලියට හා ජාතික මහා ක්‍රීඩා උළෙල සදහායි. මෙම එක් පුවරුවක් පොලොන්නරුවේ බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ ඇති අතර අනෙක ක්‍රීඩා අමාත්‍යාංශයේ ආර්. බී. වික්‍රමසිංහ යටතේ දිරන්න ඉඩදී තිබෙනවා. එලෙස රුපියල් ලක්ෂ 130 ක් හිතුවක්කාරි ලෙස විනාස කරද්දී ඊට අදාල තවත් රුපියල් ලක්ෂ 260 ක් අතුරුදන් වී ඇති බවත් සිහිපත් කළ යුතුයි.


මෙම උපකරණ සමග ඊට අදාල භාණ්ඩ මිලදී ගැනීමට බව පවසා එම සැපයුම්කරුටම තවත් රුපියල් ලක්ෂ 260 ක් ගෙවා තිබෙනවා. එම උපකරණ අදටත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නැහැ. මේ අනුව තරගාවලි පැවැත්වෙන විට මෙම පොලොන්නරුවේ බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ ඇති විනිශ්චය පුවරුව  වෙනුවෙන් එම අදාල භාණ්ඩ මිලදී ගැනීම කුලී පදනම මත සිදුවනවා. කොළඹ ඇති වික්‍රමසිංහ භාරයේ වන විනිශ්චය පුවරුව ප්‍රයොජනයට නොගෙන දිරන්න ඉඩ හැර තිබෙනවා. මෙලෙස සිදුව ඇති මහා මූල්‍ය වංචාව පිලිබද පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කළා. එම පරීක්ෂණය ආරම්භ වී කෙටි කලකින් සිදුවූ ආන්ඩු පෙරලිය සමග මහ දවල් සිදුකළ හොරකමට චෝදනා එල්ල වූ රුවන්චන්ද්‍ර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පැමිණියා.


තමන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිදුකළ හොරකම් සොයමින් සිටි සියළුම නිලධාරීන් වහාම ස්තාන මාරුවීම් ලබා දී ඉවත් කිරීම මේ අනුව ඔහුගේ පළමු රාජකාරිය වුණා. ඒ හොරෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වූ බව සනාථ වීමට ඉතා ආසන්න මොහොතක වීම සදහන් කළ යුතුමයි. මෙම පරීක්ෂණ භාරව කටයුතු කළ අතිරේක ලේකම් සිරිබද්ධනට ලබාදුන් ස්තාන මාරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ දැඩි දෝශ දර්ශනයටද ලක්වුණා. ඒ ලේකම් ලෙස රුවන්චන්ද්‍ර සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් මෙම මාරුවීම් සිදුකර ඇති බව පවසමින්. එලෙස සිදුකරනු ලැබුවේ තම හොරකම් අනාවරණය වීම වැලැක්වීමේ අරමුණ ඇතිව බවත් ලෝකයාගෙන් ඒවා වසන් කිරීමට ඔහු සමත් වූ බව පසුගියදා අප අනාවරණයකටම දොස් කියමින් ඔහු පාරම් බා තිබුණා. ඔහු එලෙස දිය යටට එබු රබර් බෝලයක් වතුර යලි උඩ මතු කරන්නාක් සේ Lankasportsnews අප අනාවරණය කරන්නේ අනාගතයේ සිදුවිය හැකි තවත් මහා මූල්‍ය වංචාවක් වැලැක්වීමේ අරමුණ ඇතිවයි.



මහ මැතිවරණයට පෙර මෙවන් දූෂිතයන් පැන්නීමට තවමත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට අවස්තාව තිබෙනවා. ඇත්තටම තමන් හොරකමට විරුද්ධ මේ කිසිවක් නොදැන සිදුකළ පත්වීමක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර එක්කර ගැනීම සනාථ කිරීමට ඔහුට තවම අවස්තාව ඇති  බව සිහිපත් කළ යුතුයි. එය සිදු නොවන්නේ නම් හොරෙක්ට පත්වීම් දී ඇත්තේ තමාටත් හොරකම් සිදුකිරීමට පහසු වීමට බව මිනිස්සුන්ට සිතෙනු ඇති. මාතරට ක්‍රීඩාවට කියා ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් වෙන් කර මැතිවරණය වෙනුවෙන් කටයුතු කරමින් තමන් ඇමති ඩලස්ව අල්ලේ නටවන බවට රුවන්චන්ද්‍ර පාරම් බා ඇති සියල්ලත් මේ සමග සත්‍ය ලෙස සමාජ ගතවීම නොවැලැක්විය හැකියි.



අප යලිත් කියන්නේ හොදම හොරා තෝරා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් නොකර සැබෑ දක්ෂයින් මතුකර යලිත් ලෝකය දිනන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සැමගේ වගකීම බවයි. එවිට හොරු හොරුන්ට දඩුවම් ලබා නොදෙන බව සිහිපත් වන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා පලක් නැති බව සිහිපත් කරමිනුයි. එමෙන්ම Lankasportsnews අප මාධ්‍ය කණ්ඩායමේ කිසිවෙක් ලේකම් රුවන්චන්ද්‍ර සිතන ලෙස විදෙස් සංචාර හෝ බෝතලයට පමණක් නොව මුදලට මිලදී ගත නොහැකි බවත් අවධාරණය කරනු කැමතියි. තමාට පෙර රට යන තේමාවට අනුව යමින් අප මේ සිදුකරන්නේ උඩුගම් බලා පීනීමක් ලෙස බොහෝ දෙනා අප සමගින්ද පවසා තිබෙනවා. වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් යැයි කියා ගනිමින් සංගම් ඔස්සේ දේශපාලනය කරන පිරිසට අමතකව ඇත්තේ ඔවුන් බත් කටක් කන්නේද ක්‍රීඩාවේ පිහිටෙන් බවයි. ඉතින් හැකි උපරිමයෙන් ක්‍රීඩාව දූෂණයෙන් මුදවා ගැනීම අප බලාපොරොත්තුව බවත් අවසන් වශයෙන් ලියා තබන්නේ දිය බිද බිද එක් නොවී මහා ජලාශයක් නිර්මාණය නොවන බව සැමට සිහිපත් කරමිනුයි.







No comments:

Post a Comment