විරෝධතා යට ගැසූ දැල්පන්දු නිලවරණය කොලේ වසා 31 පැවැත්වීමට යයි - Exclusive Exposed
සල්ලි දෙයියන්නේ මල්ලි බව ඔබ අසා ඇති. එහෙත් ඊට උදාහරණ දැක නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ කූඩැල්ලන් ලෙස එල්ලී සිටින පිරිස පෙන්විය හැකියි. ඔවුන් නිල බලය ලොවට හොරා භාවිතා කරමින් ක්‍රීඩාවේ නිලධාරීවාදය ගොඩ නංවා තිබෙනවා. එය ක්‍රීඩා දේශපාලනය ලෙසත් හදුන්වනවා. මෙම දේශපාලනයේ වෙනස වී ඇත්තේ ආන්ඩු මාරුවන සෑම විට උසස්වීම් ලබා ගැනීමට මෙම නිලධාරීන් සමත්වීමයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙම මාෆියාවට වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හසුවේදැයි බලා සිටීමට අපට සිදුව තිබෙනවා. නිලධාරීවාදය නිසාවෙන් සංගම් ව්‍යවස්තාව හා ක්‍රීඩා නීතිය හමස් පෙට්ටියට දමා අර්බුද රැසක් නිර්මාණය කර ජාතික දැල්පන්දු සංගමයේ නිලවරණය පැවැත්වීමට සූදානම් වීම පිලිබද මෙලෙස අප අනාවරණය කරනවා.
ලබන 31 වැනිදා ජාතික දැල්පන්දු නිලවරණය පැවැත්වීමට නියමිත බව අප වාර්තා කළා ඔබට මතක ඇති. එහිදී අප පෙන්වා දුන්නේ වත්මන් සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා පාර්ශ්‍රවය පමණක් නිලවරණයට ඉදිරිපත් වී ඇති බවයි. හිටපු සභාපතිනී ට්‍රික්සි නානායක්කාර පාර්ශ්වය ඊට ඉදිරිපත් වී නැත්තේ පවතින දූෂිත නිලවරණ ක්‍රියාවලියට විරෝධය පළකරමින් බවත් එහි සදහන්. එම ලිපිය බලන්න.
දැල්පන්දු නිලවරණයේ නිරුවත ඇමති නාමල් දකීද - Exclusive Exposed
මෙම කරුණු දක්වමින් රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෙත දැල්පන්දු සංගමයේ නිලවරණයට සිය ලිඛිත විරෝධය පලකළා. මේ අනුව පැමිණිල්ල විභාග කිරීම පැවරුනේ කුප්‍රකට දූෂිත නිලධාරියා වන ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්.බී වික්‍රමසිංහටයි. එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වුණා. ඒ විරෝධතාව කිසිදු සොයා බැලීමක් නැතුව කුණු කූඩයට දමමින්. මේ අනුව දැල්පන්දු සංගමයේ නිලවරණ කමිටුව පක්ෂග්‍රාහී බව දක්වමින් රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය යලිත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. දැල්පන්දු සංගම් නිලවරණ කමිටුව දූෂිත බව දැක්වීමට රාජ්‍ය සේවා දැල්පන්දු සංගම් එම විරෝධතාවයේ කරුණු රැසක් සදහන්. එම කරුණු කිහිපයක් මෙලෙස දැක්විය හැකියි.
1) පසුගිය වසරවල ක්‍රියාකාරී නැති අනුබද්ධ සංගම් සදහා ඡන්ද අයිතිය ලබාදීම. ( දේශීය දැල්පන්දු තරගාවලි නොපැවැත්වීම හා දේශීය තරගාවලි සදහා ක්‍රීඩිකාවන් ඉදිරිපත් නොකිරීම ජාතික දැල්පන්දු ව්‍යවස්තාවේ ක්‍රියාකාරී නැති සංගම් ලෙස දක්වා තිබෙනවා. එවන් අනුබද්ධ සංගම් රැසකට මෙවර ඡන්ද අයිතිය හිමියි. )
2) දැල්පන්දු තරගාවලි විනිසුරුවරියන් නිලවරණයට ඉදිරිපත් වී සිටිනවා. ( ජාතික දැල්පන්දු ව්‍යවස්තාවට අනුව විනිසුරුවරියන්ට නිලවරණයට ඉදිරිපත් විය නොහැකි අතර නිලධාරිනියන්ට විනිසුරුවරියන් වීමටද හැකියාවක් නැහැ. එහෙත් මෙවර නිලවරණයට එවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කළ නාමයෝජනා පිලිගෙන තිබෙනවා. )
මෙලෙස කරුණු දක්වමින් ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික දැල්පන්දු සංගමයේ මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කර යලි නාමයෝජනා කැදවන ලෙසයි. එමෙන්ම ඒ සදහා නව නාමයෝජනා කමිටුවක් පත්කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. මෙමගින් ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ දූෂණයෙන් තොර නිලවරණයක් පැවැත්වීමයි. එහෙත් ඊට ඇති ප්‍රධාන බාධාව වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංගම් භාර නිලධාරියා වන ආර්.බී වික්‍රමසිංහයි. මෙම ගැටළුව පහසුවෙන් විසදිය හැකි වනවා. ඒ ජාතික දැල්පන්දු සංගමයේ නිලවරණය කල් දමා යලි නාමයෝජනා කැදවීමයි. එසේ නොවීම නිලවරණයට එරහිව අධිකරණ ක්‍රියාවලියක ආරම්භය වනවා. සංගමයේ වත්මන් නිලධාරිනියන්ට හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරී ආර්.බී වික්‍රමසිංහට අවශ්‍ය වී ඇත්තේ මෙම නිලවරණය අවුල් කර එහි අපකීර්තිය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පිට පැටවීමයි. ඒ ක්‍රීඩාවේ ප්‍රශ්න විසදීමට අමාත්‍යවරයා අසමත්වීම හේතුවෙන් මෙවන් තත්වයක් ඇතිවූ බව රටට කීමට විය හැකියි.
ක්‍රීඩා අමාත්‍යවරු හැමදාම ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අල්ලේ නැටවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්. බී වික්‍රමසිංහ වැන්නවුන් සැමදා තනතුර උසස් කරමින් ඉදිරියට ආවේ සිය ආධිපත්‍යය පතුරමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් පවා නොතකා ක්‍රියා කිරීමට ආර්. බී වික්‍රමසිංහ කටයුතු කළා. මේ නිසාවෙන් එවරත් අපකීර්තියට පත්වුණේ ක්‍රීඩා ඇමතිවරයායි. මෙවර යලිත් එයම සිදු කිරීමට ඔහු කටයුතු කරමින් ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඉතින් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පෙර සිදුවූ පරිදිම ආර්.බී වික්‍රමසිංහ හෙවත් විකීගේ පදේට නැටවෙයිද ? ක්‍රීඩාව පිලිබද හොද අවබෝධයක් ඇති අමාත්‍ය නාමල් රාජපක්ෂ නිලධාරීවාදය පිටුදැක මෙම මාෆියාවට එරහිව ක්‍රියාත්මක වෙයිදැයි රටම සමගින් Lankasportsnews අප බලා සිටිනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩාවේ සුබසිද්ධිය සදහා කටයුතු කිරීමට අමාත්‍ය නාමල්ට ශක්තිය තිබේදැයි තවම කීමට හැකියාවක් නැත. එහෙත් නිලවරණය අවුල්කර ඇමති නාමල්ගේ මූණේ දැලි ගෑමට ඔවුන් සූදානම් වන බව පමණක් අපට නිශ්චිතවම කිව හැකියි. ඉන් බේරීමට තරුණ ජවය ඇති ක්‍රීඩාවේ සීමා මායිම් දන්නා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමත් වේදැයි කීමට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. අපට අවසන් වශයෙන් කීමට ඇත්තේ සීමාව තුල සිට නොව සීමාවට ඔබ්බෙන් සිට ක්‍රීඩාව බලන ලෙස පමණයි.
No comments