නාමල් ක්‍රීඩා ඇමතිවෙද්දී රාජ්‍ය ඇමති අතුරුදන්..! Exclusive Exposed
නව රජය අමාත්‍යාංශ ගැසට් කරමින් වැඩ කටයුතු ආරම්භ කිරීමේදීම ක්‍රීඩා අමාත්‍යාංශය පඹ ගාලක පටලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු මාධ්‍ය වෙමින් එහි පළමු ගැටය ලිහා ගැනීමට පාර පෙන්වූයේ Lankasportsnews අප බව ඔබට මතක ඇති. එතනින් නොනැවතී ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට අච්චාරුවක් වී ඇත්තේ කිසිදු අවබෝධයක් නැතුව සිදුකර ඇති විශය පථයන් බෙදීම හේතුවෙනුයි. අද අප අනාවරණය කරන්නේ ක්‍රීඩා රාජ්‍ය ඇමති අතුරුදන් වීමේ කතා පුවතයි. එමෙන්ම වත්මන් තත්වය මත ක්‍රීඩා අමාත්‍යවරයා කිසිදු බලයක් නැති රූකඩයක් බවත් කරුණු සහිතව සනාථ කිරීම මෙතැන සිට පහළට හොදින් කියවා තේරුම් ගන්න.
රජය නිකුත්කළ පළමු ගැසට් නිවේදනයේ දැක්වුනේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි. එමගින් ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් සිදුවන බව හා දේශපාලනයට යටත් බව තහවුරු වනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නීති පද්ධතියට පටහැනිවයි. මේ නිසා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනමකට ලක්වනු ඇති බව Lankasportsnews අප හෙලිකළා. ඒ ලංකාවේ එකම මාධ්‍ය වෙමින්. එම අනාවරණය සමගින් ක්ෂණිකව ක්‍රියාත්මක වූ රජය ක්‍රීඩා අමාත්‍යාංශයේ විශය පථය වෙනස් කරමින් නව ගැසට් පත්‍රයක් වහාම නිකුත් කළේ මතුවූ තත්වයේ බැරෑරුම් කම නිසි ලෙස අවබෝධ කර ගනිමිනුයි.
මාධ්‍ය ඇන්දූ LPL ප්‍රෝඩාව ගැන අපේ හෙලිදරව්ව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි
ක්‍රීඩා විශය අයත්වන ඇමතිවරයා නාමල් රාජපක්ෂ බව හෙලිදරව් කළ පළමු හා එකම මාධ්‍ය වූයේද Lankasportsnews අප පමණයි. එහිදී අප ක්‍රීඩා හා තරුණ කටයුතු යන විශය දෙකම නාමල් රාජපක්ෂට හිමිවන බව සදහන් කළා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය සදහා පොරයක් නිර්මාණය වී තිබූ පසුබිමකයි.
ක්‍රීඩා අමාත්‍යධූරයට පොරයක් - මෙන්න සෙට් එක - Exclusive Exposed
අමාත්‍ය පොරයෙන් පහසුවෙන් ජය ගනිමින් ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ලෙස නාමල් රාජපක්ෂ දිවුරුම් දුන්නා. අනතුරුව ඔහු කියා සිටියේ නැගූ පැනයකට පිලිතුරු දෙමින් තමන් ක්‍රිකට් ඇමති නොවන බවයි. එහෙත් ක්‍රිකට් සම්පූර්ණ වෙනසකට ලක්කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය ගැසට් කිරීමේදීම ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත්කර තිබූ බව අමතක කරමින්. මෙම පිලිතුරු සමගින් හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම සිහිපත් වනවා. ක්‍රිකට් ආයතනයට කෙළ හලන්නේ නැත්නම් රජයට අමාත්‍යාංශ ගැසට් කිරීමේදීම ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත්කිරීමට අවශ්‍ය නෑ. නාමල්ට ඇති විශය පථය මෙසේයි.
මේ අතර තේනුක විදානගමගේ - ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ලෙස පත්කර තිබෙනවා. අමාත්‍යාංශයේ නම කෙසේ වෙතත් ඔහුට ඇති විශය පථයන් මෙලෙස ගැසට් පත්‍රයේ සදහන් වනවා.
මේ අනුව රජය ක්‍රීඩා අමාත්‍යාංශය අච්චාරුවක් කර ඇත්තේ නොදැනුවත්ව විශය පථයන් බෙදීම නිසයි. මෙම විශය බෙදීමට අනුව ක්‍රීඩා ඇමතිවරයා පඹයෙක් බවට පත්කර ඇති ආකාරය මෙම උදාහරණ මගින් ඔබට පැහැදිලි වේවි. සියලු කණ්ඩායම් විදෙස් හෝ දේශීය තරග සදහා රට නියෝජනය කර එක්විය යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතියට යටත්වයි. එහිදී එම කණ්ඩායම තහනම් උත්තේජක නිවාරණ ආයතනයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමද සිදුකළ යුතුයි. එහෙත් ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා සතුව තහනම් උත්තේජක නිවාරණ ආයතනය නැහැ. මේ අනුව සෑම විටම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ලග දණ ගැසීමට කැබිනට් ඇමතිට සිදුවනවා. මෙවන් ගැගැටළුකාරී තත්වයන් තුලදී ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම හා ක්‍රීඩා සංගම් ක්‍රියාකාරීත්වය පිලිබද තොරතුරු සැපයීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාව අතීතයේ පිහිටවනු ලැබුවා. එහෙත් ජාතික ක්‍රීඩා සභාව රාජ්‍ය ඇමතිවරයා යටතට පත්කර තිබෙනවා. මේ අනුව කැබිනට් ඇමති නාමල් රාජපක්ෂට සෑම විටම පරිපාලනය සිදුකිරීමට හා මතුවන ගැටළු විසදීමට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාගේ පිහිට පැතීමට සිදුවනවා. මේ අනුව සිදුව ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයාගේ කොන්ද කඩා ඔහුව නිකමෙක් කිරීමක් බව ඔබට පැහැදිලි ඇති.
එලෙසම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාට ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන
පවරා තිබෙනවා. එහෙත් ඊට අදාල කිසිවක් වගකීම් ලෙස ඔහුට පවරා නෑ. පාසල් ක්‍රීඩා කරන සිසුන් අයත් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි. මෙම ගැසට් පත්‍රයට අනුව ග්‍රාමීය හා පාසලේ ක්‍රීඩකයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය පමණක් පවරා තිබෙනවා. මේ අනුව ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සදහා පහසුකම් සැපයීම ඔහුට අයත් වන්නේ නෑ. මෙමගින්පෙන්නුම් කරන්නේ ක්‍රීඩා රාජ්‍ය ඇමති ලෙස සිදුකර ඇත්තේ තේනුකව ඇන්දීමක් බවයි. ඔහුට පවරා ඇත්තේ ජාතික ක්‍රීඩකයන් නියාමනය හා සංවර්ධන ආයතනයි. මෙය කැරට් අලයක් දී සැනසීමක් මිස ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ දෙයක් නොවන බව ඔබට පැහැදිලි වනු ඇති. ක්‍රීඩකයා අධ්‍යාපන අමාත්‍යාංශයේයි. එම කීඩකයාට මේ වන විට පහසුකම් ලබාදෙන ක්‍රීඩා පිටි හා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේයි. තේනුක ඒවා සංවර්ධනය කිරීමට නම් පාසලට රිංගිය යුතුයි. අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් ඉදිරියේ නිවට නියාලු වීමට තේනුකට සිදු නොවුනහොත් එය පුදුමයකි.
රජය සිය නොහැකියාව හා බොරුවෙන් දවටා ගත් සලුව පොරවා සිටින බව ක්‍රීඩා අමාත්‍යාංශය දෙස බැලීමෙන්ම ඔබට පැහැදිලි වනු ඇති. Lankasportsnews අප සිදුකරන මෙම අනාවරණයන් සමගින් රජයේ සලුව උනා දැමීමට කටයුතු කරන බව ඔබට සිතෙනු ඇති. එහෙත් අප සියල්ලන්ටම අවශ්‍ය ශ්‍රී ලංකාවේ දියුණුවයි. ඒ වෙනුවෙනුයි වන්දිබට්ටයන් පිරුණු ක්‍රීඩා මාධ්‍ය තුල තමාට පෙර රට යන සංකල්පයට අනුව අප මෙසේ තොරතුරු අනාවරණය කරන්නේ. ක්‍රීඩකයන් මේ වන විට පෝෂණ දීමනා කප්පාදුව හේතුවෙන් අන්ත අසරණ වී සිටින බව සිහිපත් කරමිනුයි. වසර පුරාම විදෙස් සංචාර නැතුව මන්මත්වී සිටින අති බහුතර ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් ඔවුන්ට පිලිසරණක් වීමට පෑන මෙහෙයවීම බලාපොරොත්තු විය නොහැකියි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වාගේ සිදුවීමක් බවට එය පත්ව ඇත්තේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා වත්මන් සංගමයේ නිලධාරීන් දේශපාලන පක්ෂ පසුපස බඩගාන හිරිකිත දසුන නිසයි. ඉතින් තවත් ලිපිය දිග් ගස්සන් නැතුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ ගැටේද ලිහන ලෙසයි.
ඇමති ඩලස් සමගින් හොරකමේ ගිය ලේකම් ගැන පැමිණිලි ? Exclusive Exposed
පුහුල් හොරා කරෙන් දැනේ නියමන යලි යලිත් සිහිවන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය නිසාවෙන්මයි. ක්‍රීඩා ඇමති පත්ව ඇත්තේ ක්‍රිකට් ආයතනය දෙස බලාගෙන වීම හේතුවෙන් මෙලෙස අර්බුද නිර්මාණය වී ඇති බව සිතිය හැකියි. එහෙත් පිටියේ ක්‍රීඩා කර අත්දැකීම් ඇති නාමල් රාජපක්ෂ ක්‍රීඩාව නව මානයකට ගෙන යනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. එහෙත් ඊට ක්‍රීඩා අමාත්‍යාංශයට අරක් ගත් බහිරවයන් වන් ක්‍රීඩාවේ සාරය උරාබොන නිලධාරීන්ගෙන් පරිස්සම් විය යුතුයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර පන්නා ආරම්භ කළ යුතු සුද්දය අයි.පී. විජේරත්න, ආර්.බී වික්‍රමසිංහ, සජිත් ජයලාල් වැන්නවුන් ද දොට්ට දැමීමකින් තොරව අලුත් කිසිවක් බලාපොරොත්තු විය නොහැකියි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට පාර පෙන්වීමට Lankasportsnews අප සූදානම්. හද පෙන්නූ විට ඇගිල්ල දෙස නොබලන ලෙස පමණක් අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා.
No comments