මෙවර මහ මැතිවරණයේ අති බහුතර පිරිස පෙනී සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙනුයි. ඒ 69 ලක්ෂයක මනාපය සමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග රැල්ල ඇත්තේ පොහොට්ටුව වෙත වීමයි. මේ අනුව බහුතරය පහසුවෙන් ලබා ගනිමින් නව රජය බිහි කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකරන බවට සැකයක් නැහැ. මෙලෙස රැල්ල ගසන පැත්තට යන ක්‍රිකට් ක්‍රීඩකයන් හා පරිපාලකයන් සිය කූට අරමුණු නව රජය තුලින් ඉටු කර ගැනීමට පිඹුරුපත් සකසා අවසන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ චෝදනා එල්ල වූ පිරිස පළමුව එම රැල්ලේ පැමිණියා. අජන්ත මෙන්ඩිස් හා සනත් බණ්ඩාර ජයසුන්දර පොහොට්ටුවේ අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත පසුපස සිටියා. යුද හමුදාවේ කපිතාන්වරයෙක් වන අජන්ත මෙන්ඩිස් මෙලෙස මැතිවරණයට දේශපාලන පක්ෂ සදහා සහය ලබාදීම නීති විරෝධී වනවා. එහෙත් මේ වන විට නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වී අවසන්. ඉතින් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව. අජන්තට අවැසි යලි ක්‍රිකට් කණ්ඩායමට රාජ්‍ය බලය ඔස්සේ පත්වීම බව ක්‍රිකට් පිටියේ ප්‍රසිද්ධ රහසක්. හිටපු ක්‍රිකට් තරග පරිඝණක දත්ත විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට මුදල් ලබාදී ක්‍රීඩකයන් ඇතුලත් කිරීමට ගොස් වැඩ තහනමට ලක්වූවෙක් වනවා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන සාක්ෂි ඇති බව ප්‍රසිද්ධියේ කියා පසුව එය මතක නැති බව කියන්නේද ඔහුයි. මේ සියල්ලෙන් ඔහුට අවශ්‍ය යලි ක්‍රිකට් ආයතනයට රිංගා ගැනීමයි. ඉදිපස දොරින් පැමිණීමට නොහැකි නිසා ඔහුත් ඊට පස්සා දොර භාවිතා කරනවා.
පොහොට්ටුවේ අපේක්ෂක උදිත් ලොකුබණ්ඩාර දිනවීමට චාමර කපුගෙදර හා මුදලට තරග පාවාදීම් ගැන සැක කරන ක්‍රීඩක කළමනාකරු ඈෂ් අසංගත් එක්ව සිටිනවා. කාසියේ වාසිය පාවාදී ක්‍රිකට් පිටියෙන් කැපී ගිය චාමර ක්‍රිකට් ආයතන තනතුරකට හෝ පුහුණුකරුවෙක් ලෙස යලිත් ගමන ආරම්භ කිරීම සැගවුණ බලාපොරොත්තු බව ප්‍රචාරය වනවා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන වැදගත් තොරතුරු රැසක් උදිත් ලොකුබණ්ඩාර දන්නා බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.
මේ අතර පොහොට්ටුවේ නුවර එලියේ අපේක්ෂක මුත්තයියා ප්‍රභාකරන් යනු මුත්තයියා මුරලිදරන්ගේ සොයුරායි. මේ හැදුනුම්කමට මුරලි සමග සනත් ජයසූරිය පසුගියදා නුවර එලියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට එක්වුණා. එහිදී එම පක්ෂයේම ජීවන් තොන්ඩමන්ගේ ආධාරකරුවන් පිරිසකගේ බලපෑමකටද ලක්වුණා. නුවර එලියේ මුත්තයියා ප්‍රභාකරන් යනු එතනෝල් ව්‍යාපාරය ජයටම සිදුකරන්නෙක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධයි. ඔහුගේ බෝපත් ඇල්ලේ පැවති ප්‍රචාරක රැස්වීමට එක්වීමට ගිය සනත්, මුරලි හා දිරිගන්වන්නකු ලෙස ක්‍රිකට් පිටියේ නිතර දක්නට ලැබෙන ගයාන් මෙලෙස ජීවන් තොන්ඩමන්ගේ ආධාරකරුවන් ඉදිරියේ පච වීමට ලක්වුණා.
සියල්ලන් එසේ පිල් බෙදී පොහොට්ටුවේ ඉනිමග දිගේ ක්‍රිකට් පිටියට රිංගා ගැනීමට උත්සාහ කරන විට අනාගත ක්‍රීඩා අමාත්‍ය ලෙස ලකුණු පහලකර ඇති නාමල් රාජපක්ෂ වන්දනාවේ යන පිරිසක්ද වනවා. ඔවුන් හම්බන්තොට නවාතැන ගනිමින් ප්‍රචාරක කටයුතු සදහා එක්වී ඇත්තේ ලොකුම කුට්ටිය කඩා ගැනීම සදහායි. ඒ අතරට ජීවන් මෙන්ඩිස් ක්‍රිකට් පිටියට පැමිණීමේ වැඩිම බලාපොරොත්තු සහිතව සිටින්නායි. ඔහු මිතුරන්ට පවසා ඇත්තේ තමන් මීලග ක්‍රිකට් ලෝක කුසලානයට ද ක්‍රීඩා කරන බවයි. නාමල් රාජපක්ෂගේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පන්ති සගයෙක් වන ඔහු මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක්වූ අරුම පුදුම තේරීම වූ ක්‍රීඩකයායි. ඒ ජීවන් දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා නැතුව පැමිණීම හේතුවෙන්. එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සහයෙන් හා නාමල් රාජපක්ෂගේ බලපෑම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ට එල්ලවීම බව ක්‍රිකට් පිටියේ ප්‍රසිද්ධ රහසක්. හරීන්ට කොකා පෙන්වා නාමල් සරණ ගොස් සිටින ජීවන් මෙන්ඩිස් මීලග ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කරන බව දැන්ම පාරම් බෑමේ පුදුමයක් නෑ.
දම්මික ප්‍රසාද්ද හම්බන්තොට දී දක්නට ලැබුණා. ඔහුත් දීර්ඝ කලක සිට ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණීමට නොහැකිව තටමන තවත් ක්‍රීඩකයෙක් වනවා. බින්දු තිරිමාන්න ලෙස ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධ ලහිරු තිරිමාන්න හම්බන්තොට ගොස් ඇත්තේ අංශ තුනේම ජාතික ක්‍රිකට් කණ්ඩායම තුල සිය නම තහවුරු කර ගන්නා බලාපොරොත්තුවෙන්. ඔහුගේ මොරටුව ගෙදර ඉදිරිපිට පොහොට්ටුවේ විශාල කටවුට් එකක් ප්‍රදර්ශනය කර ඇති බවත් සදහන් කළ යුතුයි. එම නඩයට අප කලින්ද කතා කළ කාසියේ වාසිය පාවාදීම ගැන ප්‍රසිද්ධ චාමර කපුගෙදර ද ඇතුලත්ව සිටිනවා. මේ අතර ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව ඇත්තේ අනාගත ක්‍රිකට් නායකත්වය තහවුරු කර ගැනීම සදහායි. ඒ දසුන් ශානක හා තිසර පෙරේරායි. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම තුල සිය නායකත්වය ඔවුන් දෙදෙනාගේම බලාපොරොත්තුව බව ක්‍රිකට් පිටියේ කතා බහට ලක්වනවා. මේ අතර කලක් තිසර පෙරේරා ශාන්ත ජෝසප් ලේබලය යටතේ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති සමයේ ඔහුටත් කඩේ ගියේ නායකත්වය සදහායි. ඒ වන විට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංගගේ බිරිද හා තිසරගේ බිරිද අතර ඇතිවූ කෙහෙවලු පටලවා ගැනීම අමාත්‍ය හරීන් මැදිහත්වීමෙන් අවසන් වුණා ඔබට මතක ඇති. එවර වැරදුනු නායකත්ව කුරුමානම මෙවර ඔහු වෙනත් වටයකින් අල්ලමින් සිටිනවා. තිසරත් යුද හමුවේ ලුතිනන් වරයෙක් වනවා. මේ අනුව නීතිය අනුව ඔහුට මෙලෙස ප්‍රචාරක කටයුතු සදහා එක්වීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ වන විට නීතිය සැමට එක බව පමණක් ලියා තබනවා. හම්බන්තොටදී සොෆ්ට්බෝල් ක්‍රිකට් ක්‍රීඩා කර එම තරුණයන්ට එම උපකරණ ලබාදීම මෙහිදී සිදුවුණා.
මෙලෙස ක්‍රීඩකයන් පොහොට්ටුවේ අපේක්ෂකයින් වන්දනාවේ යද්දී දෙලොවක් අතරට මැදිවූ ක්‍රීඩකයෙක්ද සිටිනවා. ඒ රමිත් රඹුක්වැල්ලයි. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුතා වන ඔහු පියා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සදහා එක්ව සිටිනවා. පියාට ඉදිරියේදී හිමිවන අමාත්‍යධූරය සමගින් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට පැමිණීම වඩා පහසු වනවා. එහෙත් රමිත් රඹුක්වැල්ලගේ බිරිද ඇමරිකා පුරවැසිභාවය ඇත්තියක්. මේ අනුව ක්‍රිකට් හෝ ඇමරිකාව තෝරා ගැනීමට ඔහුට සිදුව ඇත්තේ ගිරේට අහුවූ පුවක් ගෙඩියක් ලෙසයි. ඉන් ඔහු කුමක් තෝරා ගනු ඇත්දැයි කීමට දන්නේ උඩ සිටිනා දෙවියන් පමණයි.
මෙලෙස ක්‍රීඩකයන් අනාගත ක්‍රිකට් පිම්මක් සදහා දර දිය අදින විට පොහොට්ටුවේ අපේක්ෂක තිලකරත්න ඩිල්ෂාන් කැලේ පැන ඇත්තේ කට්ටි පැනීමෙන් මුදල් ඉතිරිවීම හේතුවෙනුයි. මැතිවරණයේදී පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ සුවෙන් සැපෙන් සිටිනවා. ඒ බිරිදට සහය වෙමින්. පොහොට්ටුවේ සාමාජිකත්වය බිරිද පුරවා දුන් පෝරමයෙන් තහවුරු කරගත් ඔහු ලංකාවට පැමිණීමෙන් මුදල් වැයකර ප්‍රචාරක කටයුතු සදහා දායක වීමට සිදුවීම වලක්වා ගැනීම මෙලෙස රට පැන සිටීමට හේතුව බව සදහන්. මැතිවරණයට කලුතරින් ඉදිරිපත් වීමට සූදානම් වූවත් එල්ල වූ විරෝධය හමුවේ එය ගාල්ල දක්වා පසු බැස්සා. එහෙත් ගාල්ලෙන්ද එල්ල වූ විරෝධය හමුවේ ජතික ලැයිස්තුව ඩිල්ෂාන්ට උරුම වුණා. මේ අනුව පාර්ලිමේන්තු අසුනක් හිමි නොවන බව තහවුරු වීමෙන් පසු වියදම් නොකර කට්ටි පැමීම තෝරාගත් ඔහු ඕස්ට්‍රේලියාවට රිංගා ගත්තා. මැතිවරණයට එන බව ඔහු කියා සිටි මොහොතේ තම මුදලින් නිවාස 6000 ක් බෙන්තොට ඉදිකර ඇති බව ඩිල්ෂාන් කියා සිටියා. මේ පිලිබද සැලකිලිමත් වූ Lankasportsnews අප බෙන්තොට ඉදිකර ඇති නිවාස පිලිබද සොයා බැලීමට එහි ගියා. බෙන්තොට ත්‍රීරෝද රථයකට ගොඩ වෙමින් මේ පිලිබද විමසූ විට එම රියදුරා ඩිල්ෂාන්ගේ බොරුව ගැන අපට කරුණු රැසක් ලබා දුන්නා. ඩිල්ෂාන්ගේ මාමාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මෙම නිවාස 60 ක් ඉදිකර තිබෙනවා. ඊට වටිනාකමක් නැතැයි කියන බින්දු දෙකක් ඩිල්ෂාන් එක්කර ඇති බවයි එහිදී කියවුනේ. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම හේතුවෙන් ඒවා විවෘත කිරීම ඩිල්ෂාන් සිදුකළ බවයි එම රියදුරු වැඩිදුරටත් කියා සිටියේ. ලෝභ කුනෙක් සේ ප්‍රසිද්ධ ඩිල්ෂාන් රුපියලක් වියදම් කරන්නේ රුපියල් දහයක් ලැබේ නම් පමණක් බව ක්‍රිකට් පිටියේ ඕනෑම කෙනෙක් දන්නා කතාවක්. ඩිල්ෂාන් රුපියලක් වැය වූ විට හැසිරෙන්නේ ඇගෙන් ඇටයක් ගිය ලෙස බව ඔහුගේ මසුරුකම කීමට බොහෝ දෙනෙක් භාවිතා කරන පොදු උදාහරණයක්. ඔහුගේ නිවාස කතාව ගල් පැලෙන බොරුවක් බව අපගේ සංචාරයේදී තහවුරු වුණා.
මෙලෙස නඩ පිටින් දේශපාලන වන්දනාවේ යද්දී ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍ය ලෙස නාමල් රාජපක්ෂ පත්වූ විට ඔවුන් සියල්ල ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිපිට පෝලිමේ සිටිනු ඇති. එවිට ක්‍රිකට් තේරීම් කමිටුවට විශාල කාර්යයක් නැතිව අනුමැතිය ලබාදීමේ අත්සන යෙදීමට පමණක් සිදුවනු ඇති. ඒ ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායමක් පොහොට්ටුවේ මැතිවරණයට මෙලෙස දර දිය ඇද තිබීම හේතුවෙන්. ඌරන් කැකුන තලන විට හබන් කුකුලන්ට රජ මගුල් යැයි කියයි. මේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඌරන්ද කුකුලන්දැයි අපි කියන්නේ නැත. නමුත් මේ සිදුවන්නේ නංගී පෙන්නා අක්කා දීඝ දීම බව පමණක් අවසන් වශයෙන් ලියා තබනවා.
No comments:
Post a Comment