ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා නිලධාරීන් පිරිසක් අනුන්ගේ පානෙන් එලිය බැලීමට ගොස් පහන නිවාගත් කතාව මේ වන රට පුරා අසන්න ලැබෙනවා. ඒ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව 2/3 ක බලයක් සමගින් ආන්ඩු බලය හිමිකර ගැනීමත් සමගයි. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ කරමතින් පැමිණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉදගත්තා. අනතුරුව මහින්ද සුලග සමගින් රැල්ල ගෝඨාභය බවට පත්වීමට වැඩි දිනක් ගත්වූයේ නෑ. ඔව්. මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කර මතින් පැමිණ අති බහුතර පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂට හැකිව තිබෙනවා. එහෙත් මහින්ද සුලගේ සිටි අපේක්ෂකයින් රැසක් ගෝඨාභය රැල්ලට ගසාගෙන ගොස් අවසන්. ඒ ගසාගෙන ගිය පිරිස අතර ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරමින් වාසි ගැනීමට සහය වූ පිරිසක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩ ගිය පිරිසක්ද සමගයි. මේ එම රැල්ලය ගිය පිරිස පිලිබද සටහනක්.
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන දන්නා පුද්ගලයා ලෙස හිටපු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර හැදින්වූවා. ඒ හිටපු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසායි. එහිදී ඔහු කියා සිටියේ එම තරග පාවාදීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවූ බවයි. එසේ කියූ අප්පච්චි මලා ලෙස ප්‍රසිද්ධ විජයමුණි සොයිසා මෙවර මාත් මලා කියමින් ඇත්තේ ලැබූ මැතිවරණ පරාජයත් සමගයි. මෙහි කතානායක උදිත් ලොකුබණ්ඩාර දිනවීමට ක්‍රිකට් කාසියේ වාසිය පාවාදීම් ගැන නම්දැරූ චාමර කපුගෙදර හා පාවාදීම් ගැන සැක කරන ඒජන්තවරයෙක් වන ක්‍රිකට් ක්‍රීඩක කළමණාකරු ඈෂ් අසංගත් එක්ව සිටියා. ඒ උදිත්ගේ ජයග්‍රහණයට පසු යලිත් ක්‍රිකට් පිටියට රිංගා ගැනීම සදහායි. එහෙත් එය දවල් දුටු හීනයක් වී ඇත්තේ උදිත් ලොකුබණ්ඩාර පරාජය වීම හේතුවෙන්.
2011 ක්‍රිකට් පාවාදීම ගැන කියන සාක්ෂිකරු මෙන්න - Video - Exclusive
ලෝකයම ක්‍රිකට් පිටියේ දණගැසූ මුත්තයියා මුරලිදරන්ගේ, සොයුරා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියා. උඩරට එතනෝල් ව්‍යාපාර සමග මුත්තයියා ප්‍රභාකරන් මැතිවරණයට එන්නේ පාර්ලිමේන්තු අසුනක් පහසුවෙන් වෙන් කර ගැනීම සදහායි. ඒ වෙනුවෙන් මුරලි හා සනත් ජයසූරිය සමගින් ප්‍රේක්ෂක දිරිගන්වන්නකු වන ගයාන් ද ගෙන් ගෙට යමින් ඡන්ද එකතු කිරීමට එක්ව සිටියා. එහෙත් ජීවත් තොන්ඩමන්ගේ ආධාරකරුවන් පිරිසකගේ හූ හඩ මැද නුවර එලියෙන් ආවාසේ මැතිවරණය පරාජයට පත්ව ඇත්තේ සියලු බලාපොරොත්තු අලුයම ලූ කෙල පිඩක් බවට පත් කරමිනුයි.
ක්‍රිකට් නඩයක් පොහොට්ටු වන්දනාවේ යද්දී අපේක්ෂක ඩිල්ෂාන් කට්ටි පනී - Exclusive Exposed
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල මෙවර මහ මැතිවරණයේදී අන්ත පරාජයකට ලක්වූයේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක ලෙසයි. දේශපාලන පිටියේ ඉත්තන් මාරු කිරීමේ සෙල්ලමේ මුදල් විසිකරන ප්‍රධාන ගැනුම්කරුවෙක් වන ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වුනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්. ඒ කොළඹ දිස්ත්‍රික් හා මොරටුව ආසන සංවිධායක ලෙසයි. ඔහුගේ මැතිවරණ වේදිකාවට මහින්ද රාජපක්ෂ අවස්තා රැසක එක්වුණා. එහෙත් ඔහු පරාජයට පත්වුනේ එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ද සිල්වාටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්. 2015 මහ මැතිවරණයේදීද එම පක්ෂ බොරැල්ල ආසන සංවිධානයක ලෙසද ඉදිරිපත්ව මෙලෙසම පරාජයට පත්වුණා. එහෙත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ඔහු පාර්ලිමේන්තුවට ගියේ නියෝජ්‍ය කතානායක පුටුවද හිමිකරගනිමින්. එවන් තිලංග සුමතිපාල මෙවරත් අන්ත පරාජයකට ලක්වීමට හේතුවූයේ ක්‍රිකට් ලොව දූෂිතම රට බවට ලංකාව පත්කිරීම හේතුවෙන්. ක්‍රිකට් ආයතනය තුල සිදුකළ දූෂණ අක්‍රමිකතා රැසක් පසුගිය කෝප් කමිටුවෙන් එලියට ආවේ ඒ සියල්ලේම වරදකරු තිලංග සුමතිපාල බවට පත් කරමින්. මේ අනුව දූෂිතයින් පාර්ලිමේන්තු නොයවමු කියමින් නැගුනු හඩට තිලංග හසුවී දියවී ගියා. මේ නිසාවෙන්ම වියරු වැටී, ඔහුගේ දූෂණ අක්‍රමිකතා පෙන්වාදුන් සියල්ලන් ඉදිරියේදී එහි ප්‍රතිවිපාක විදීමට සූදානම් වන ලෙස ගර්ජනා කරමින් ඇතැයිද ප්‍රචාරය වෙමින් තිබෙනවා.
2011 ක්‍රිකට් පාවාදීමේ තොප්පිය තිලංගට වැටේ ? ICC විමර්ශන ඇරඹේ - Exclusive
මේ සියල්ලම මහින්ද සුලගට හසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව නියෝජනය කර පාර්ලිමේන්තු අසුන අහිමිකරගත්තවුන් ලෙස නම්කළ හැකියි.
පාවාදී හසුවී මාවන් අතපත්තුව බේරුවා - තිලංග කියයි - Video - Exclusive
96 ක්‍රිකට් ලෝක කුසලානය තමන් තනියෙන් ක්‍රීඩාකර ජය ගත්තා සේ මෙතෙක් දිනක් රට වටේ ගිය හිටපු නායක අර්ජුන රණතුංග තවත් මෙවර අන්ත පරාජයකට ලක්වූවෙක්. ඡන්දය ලබාගන්නා මැතිවරණ බලප්‍රදේශයට කිසිවක් නොකරන ඔහු හැමදාම ක්‍රිකට් නිලවරණයටද ඉදිරිපත්ව අන්ත පරාජයකට ලක්වනවා. අනතුරුව ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් හඩ නැගීමෙන් තොරව තිලංග සුමතිපාල පමණක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර වීරයෙක් වීමට උත්සාහ කරන බව ජනතාව පවසනවා. දැන් ඔහුට වසර පහක් ජනතාව ලබාදී ඇත්තේ මීලග මැතිවරණයට එන විට හඩ සමගි වැඩක්ද කිරීමටයි. 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ නායක කියන පට්ටම දැන් දියවී ගොස් ඇති බව ජනතාව මෙවර ඔහුට කියා දුන් පාඩම බව බොහෝ දෙනෙක් පවසනවා. එක්සත් ජාතික පක්ෂය හෙලවීමට බැරි පක්ෂයක් ලෙස දශක 4 ක් පැවතුනත් මෙවර දියවී ගියේ එහි නායක වැඩිම වරක් අග්‍රාමාත්‍ය පුටුවේ සිටි රනිල් වික්‍රමසිංහට පවා පාර්ලිමේන්තු අසුන අහිමි කරමින්. එම පිලේ සිටි ප්‍රභලයෙක් ලෙස අර්ජුන රණතුංග හැදින්වීමේ කිසිදු වරදක් නෑ. මේ අනුව පුද්ගලයෙක් ලෙස ඔහුට ඇති බලය මනාව පැහැදිලි වනවා. එය සිහිපත් කරන්නේ තෙල් රෙද්ද බල්ලෝ කෑවා වගේ යන කියමනයි. තෙල් රෙද්ද බල්ලෝ කෑ විට ඉතිරි වන්නේ හිල් ගොඩක් පමණි. අර්ජුන රණතුංගගේද ඉතිරිව ඇත්තේ හිල් ගොඩක් පමණක් බවයි මහජන මතය.
එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී දුරකථනය හෙවත් සමගි ජන බලවේගය නිර්මාණය කළ සජිත් ප්‍රේමදාසගේන් මහනුවර නියෝජනය කළ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් පරාජයට පත්වූ තවත් පාර්ලිමේන්තු අපේක්ෂකයෙක්. මහනුවර ධර්මරාජ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාකර නමක් දිනූවෙක් ලෙස ඔහුව හැදින්විය හැකියි.
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන සාක්ෂි ඇතැයි කියා පසුව එය මතක නෑ කියූ සනත් බණ්ඩාර ජයසුන්දර හා අජන්ත මෙන්ඩිස් සහය දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත යන්තම් පාර්ලිමේන්තු අසුන රැකගෙන තිබෙනවා. කෙසේ වෙතත් 2011 පාවාදීම් ගැන කී බොරුවට සහය දුන් හා පාවාදීම් නිසා ක්‍රිකට් වැනසූවන් ලෙස ජනතාව හදුනාගත් පිරිස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයන්ට හා පසුබෑමට ලක්වූ බව කිව යුතුමයි. එලෙස සනත් බණ්ඩාර ජයසුන්දරව ලංකර ගැනීමෙන් එක් මනාපයක් හෝ අඩුවූවෙක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත හැදින්විය හැකියි. එහෙත් දේශපාලන අවශ්‍යතාව මත පාවාදීම් බොරුව කී මහින්දානන්ද අලුත්ගමගේ සුපුරුදු ලෙස සිය තැන රැකගෙන ඇත්තේ නටන්න සබයට එන විට සියලු කස්තිරම් දැන පැමිණියොත් පොළව ඇදයි කීමට හෝ හූ හඩ මැද්දේ යාමට සිදු නොවන බව සනාථ කරමිනුයි .
ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකගේ පිහිටෙන් ආසනයේ ඉහළින්ම පැමිණි එකම පුද්ගලයා වන්නේ නාමල් රාජපක්ෂයි. අවසන් සතියේ ඔහු වෙනුවෙන් සැහැල්ලු පන්දු ක්‍රීඩා කරමින් එම භාණ්ඩ බෙදා දෙමින් සංචාරය කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි. ජීවන් මෙන්ඩිස්, දම්මික ප්‍රසාද්, ලහිරු තිරිමාන්න, දසුන් ශානක, චාමර කපුගෙදර හා තිසර පෙරේරා මෙලෙස නාමල් වෙනුවෙන් සැහැල්ලු පන්දු ක්‍රීඩාකළ පිරිසයි. එම තරග නිමාවන විට පන්දු තුනක් යුත් පාර්සලයක් හමගින් සැහැල්ලු පන්දු පිති බෙදාදීමට ඔවුන් පියවර ගත්තා. මේ පිලිබද අදහස් දැක්වූ ප්‍රදේශයේ තරුණයෙක් අප සමග අපූරු කතාවක් කියා සිටියා. අපි හිතුවේ එයාල අපේ ක්‍රිකට් සමාජ වලට නැතත් ලෙදර් බෝල පිති වගේ උපකරණ තොගයක් දිස්ත්‍රික් ක්‍රිකට් එකට හරි දීල යයි කියල. ඒත් එයාල කළේ නංගි පෙන්නලා අක්කා දුන්න වගෙත් නෙමෙයි නංගි පෙන්නලා ආච්චි දුන්න වගේ වැඩක්. මෙම තරුණයා එය කියා සිටියේ මෙයාල නාවනං නාමල් පරාදයි කියා කොක් හඩලා සිනාසෙමින්.
මෙලෙස ජනතාව සිය මනාපය තෝරන විට ජාතික ලැයිස්තුව අහිමි වූ ක්‍රීඩකයෙක්ද සිටිනවා. ඒ තිලකරත්න ඩිල්ෂාන්. ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැදී සිටින්නේ එම රටේ පින් පඩියට හිමිකම් කියන්නෙක් ලෙසයි. ඕස්ට්‍රේලියාවේ රැකියාවක් නොකරන පවුල් සදහා මාසිකව ලබාදෙන ඩොලර් 6000 ක දීමනාවට මේ වන විට ඩිල්ෂාන් හිමිකම් කියනවා. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවට එක්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වූයේ කළුතර දිස්ත්‍රිකය සදහායි. එහෙත් එම ප්‍රදේශයේ ප්‍රභලයන් ඊට විරෝධය එල්ලකිරීම හමුවේ ඔහු ගාල්ල දක්වා පසු බැස්සා. එහෙත් ගාල්ලේ ප්‍රතිචාරයද එයම වුණා. මේ අනුවයි ඩිල්ෂාන් ජාතික ලැයිස්තුවට විසිවුනේ. එහෙත් මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 10/12 ලැබෙනු ඇතැයි ගණන් බලා තිබුණා. මේ අනුව ඩිල්ෂාන්ට එහිද පාර්ලිමේන්තු නියෝජනය අහිමි වන බවට ඔහු තක්සේරු කරනු ලැබුවා.
පොහොට්ටුවේ අපේක්ෂක ඩිල්ෂාන් ලෝක කුසලානය පාවාදීලා ? Exclusive Exposed Video
මේ අනුව තිලකරත්න ඩිල්ෂාන්ගේ පාර්ලිමේන්තු සිහිනය බොදව යන බව පැහැදිලි වුණා. මේ අනුවයි ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ. ඒ ලංකාවේ සිටීමෙන් පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අතේ ඇති මුදල වැයනොකර ඉතිරි කර ගැනීමේ ඒකායන අරමුණ ඇතිවයි. සල්ලි ඉදිරියේ කුණු ලෝභයෙක් ලෙස ප්‍රචලිත ඔහු මෙලෙස මැතිවරණය මග අරිමින් පිටව යාම මේ වන විට ලෝබයාගේ දේ කූබියා කෑවා වාගේ යන පිරුල සිහියට නංවන්නක් වී තිබෙනවා. ඒ බලාපොරොත්තු නොවූ ලෙස පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව 17 ක් දක්වා උහළ ගියේ 25 ක් වූ මුළු පිරිස අතරින්. මේ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ මැණික් ගලේ පය වැදුනට එය අහුලා නොගත් කණා ඩිල්ෂාන් බවයි. දේශපාලන යනු සූදු පිටියක් බව බොහෝ දෙනෙක් පවසනවා. සල්ලි වීසිකල තරමට ජයග්‍රහණය විශාල බව ඉන් කියවෙනවා. මසුරුකමට කළ හැකි දෙයක් දේශපාලන පිටියේ නැති බව මෙවර මහ මැතිවරණයට වැයකළ මුදල් කන්දරාවෙන් පෙන්නුම් කරනවා. මේ අනුව දේශපාලනය ඩිල්ෂාන් වැනි මසුරු සිටානන්ලාට අකැප බව සිහි කැදවිය යුතුමයි. ලැජ්ජාවෙන් බේරීමට ඩිල්ෂාන් මේ වන කියමින් ඇත්තේ තමන් කලින්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව පක්ෂයට දැනුම් දී තිබූ බවයි. එය නටන්න බැරි මිනිහා පොළව ඇදයි කීමට සමාන වනවා.
පොහොට්ටුවේ අපේක්ෂක ඩිල්ෂාන් දැරියක් දූෂණය කරලා ? Exclusive
වක්කඩේ හකුරු හැංගූ පිරිසක් බවට දේශපාලනය පසුපස ගිය ක්‍රිකට් තරු මේ වන විට පත්ව තිබෙනවා. ඒ ඔවුන්ට දවල් තරුද පෙන්වමින්. එහෙත් තවමත් ඔවුන් පරාජය පිලිගැනීමට සූදානම් නෑ. ක්‍රිකට් පිටියේ ඉදිරියේදී සිදුවීමට නියමිත කරනම් රැසක තොරතුරු අප සතුයි. ඒ කරනම් වැරදුනු කුරුමානම් බවට පත් නොවීමට ඔවුන් ගත හැකි සියලු පියවර ගනිමින් සිටිනවා. ඒ සියල්ල ඔබට හෙලි කිරීමට අප බැදී සිටින්නේ තිරය පිටුපස ජවනිකා ඔබට ගෙනෙමිනුයි. ආරාධනය රැදෙන්න අප සමග. සෞභාග්‍යය උදාකරලීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් 2/3 ක බලයක් ඉල්ලා සිටියා. දැන එය ලැබී තිබෙනවා. රටට කෙසේ වෙතත් අඩුම ක්‍රීඩාවට හෝ යහපත් හෙටක් උදාවනතුරු සැවොම සිටින්නේ නොඉවසිල්ලෙන්. ඉතින් ලැබුණු බලය සමගින් එය ඉටුවේද නැද්ද කීමට දන්නේ උඩ සිටිනා දෙවියන් පමණයි. ඉතින් එය සැබෑවක් කිරීමට රජයට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
egollo D v chanaka Saha namalge campaign ekatath gihin neh, paradune udith witaraneh 🤔
ReplyDelete