රටේ ක්‍රීඩා අමාත්‍යධූරය ඉතා වැදගත් අමාත්‍යාංශයක් වනවා. එහෙත් එහි වැදගත්කම ජනතාව නිසිලෙස වටහාගෙන නෑ. දේශපාලනයේ ඉදිරි දැක්මක් සහිත චරිත ගොඩ නැංවිය හැකි ප්‍රධාන අමාත්‍යාංශයක් ලෙස ඒ පිලිබද දන්නෝ දන්නා බව හැදින්විය හැකියි. එය ඇතිවීමටත් නැතිවීමටටත් එකසේ යොදාගත හැකි එහෙත් නොවටිනා අමාත්‍යාංශයක් බව පෙන්වීමට පිරිසක් කටයුතු කර ඇත්තේ එහි රස වැටී සිටින පිරිස බව කිව යුතුමයි. 2/3 ක බයක් ඇතිව කළකට පසු බිහිවූ ශක්තිමත්ම ආන්ඩුව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව පිහිටුවා තිබෙනවා. ඒ සුලු ජාතික නියෝජනය නොමැතිව වීම කැපී පෙනෙනවා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ වටිනාකමද ඉහළ ගොස් තිබෙනවා. මේ ඒ පිලිබද තිරය පිටුපස කතාවයි මේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ වැදගත් අන පනත් රැසක් සම්මත කරමින් හා ගෙන එමින් කැපී පෙනෙන සේවයක් ඉටු කිරීමට ක්‍රීඩා අමාත්‍ය ලෙස මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කළා. තහනම් උත්තේජක නිවාරණ පනත ගෙන එමින් ඊට වෙනම ආයතනයක් පිහිටුවීම ඔහු සිදුකළා. ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත කෙටුම්පත් කිරීමටද පියවර ගත්තේ ඔහුයි. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුට ගෙදර යාමට සිදුවුනේ 2015 ජනවාරි 08 ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්වීමත් සමගයි. මේ අනුව එම පනත වසර 4 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරමින් සැගවීමට යහපාලන රජය කටයුතු කළා. එහෙත් එය යහපාලන අවසන් පාර්ලිමේන්තු සැසියේදී සම්මත කර මෙරට නීතියක් කිරීමට එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කළා.
වසර 4 1/2 ක් පෙට්ටගමේ තිබූ පනතක් පාර්ලිමේන්තුවට
එම පනත ගෙනවිත් නීතියක් බවට පත්ව ඇති කාලයකදීයි දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවසුවේ. මේ වන විට එය අසත්‍ය ප්‍රකාශයක් බවත් එහි පරීක්ෂණ වාර්තා ඇතුලත් ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුව යට ගසා තිබෙනවා. එම ප්‍රකාශය සිදුකළ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගත්තා. එවන් ඉතිහාසයක් ඇති ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ යලිත් එම අමාත්‍යාංශයම රජයෙන් ඉල්ලුම් කර තිබෙනවා. එය යලි හිමිවුවහොත් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට සිදුකළ ප්‍රකාශය ඇත්තක් කිරීමට ඔහු දැඩි පරිශ්‍රමයක් දරණු ඇති. වත්මන් රජයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලුම් කර ඇති ප්‍රධානම අයෙක් ලෙස මහින්දානන්ද අලුත්ගමගේ හැදින්විය හැකියි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමෙන් පසු ගැටළු රැසකට මුහුණදීමට සිදුවූ තවත් එක් අමාත්‍යවරයෙක් ලෙසත් ඔහුට ආන්ඩුවේ විශේෂ තැනක් හිමිව තිබෙනවා.
පාවාදීම් බොරුව කී මහින්දානන්දගේ වාර්තාව නීතිපති හමස් පෙට්ටියට දමා වසයි - Exclusive Exposed
මහින්දානන්ද අලුත්ගමගේට තරගයක් ලබා දෙමින් ඊට ඉල්ලුම් කර ඇති තවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන්නේ දයාසිරි ජයසේකරයි. දයාසිරි ජයසේකර පාලනයේ හොදකම නිසාම ක්‍රිකට් ආයතනය ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස නම් කිරීම සිදුවුණා. කෙසේ වෙතත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැඩිම පදක්කම් සමගින් සෙසු ක්‍රීඩාවල පිබිදීමක් ඇතිවූ කාලයක් ලෙස ඔහුගේ පාලනය හැදින්විය හැකියි. වත්මන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද් එවක දයාසිරි ජයසේකර යටතේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. එහෙත් රුවන්චන්ද්‍ර සිදුකළ දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් ඉන් ඉවත්ව යෑමටයි ඔහුට සිදුවුණේ. එලෙස විසිවූ රුවන්චන්ද්‍ර මෙවර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පැමිණ ඔහුගේ දූෂණ, වංචා හෙලිදරව් කළ නිලධාරීන් පන්නා ඒ පිලිබද පරීක්ෂණ සිදුකළ අමාත්‍යාංශයේ නිලධාරීන්වත් දොට්ට දැමීම සිදුකළා. එවන් දූෂිත ලේකම්වරයෙක් කටයුතු කිරීම නවතා යලිත් ක්‍රීඩාව භාර ගැනීම දයාසිරි ජයසේකරගේ බලාපොරොත්තුව වී ඇතැයි සදහන්. මහ මැතිවරණයේදී පොහොට්ටුවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් ලෙස දයාසිරිට වැඩි බරක් ලැබී තිබෙනවා.
රකින්නේ නෑ. - දයාසිරි
මේ අතර මහ මැතිවරණයට පෙර පැවති භාරකාර රජයේ ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලප්පෙරුමට මෙවරත් එයම ලබාදිය යුතු බවටත් මතයක් පවතිනවා. ඒ කොරෝනා සමයේ පවා හොදින් අමාත්‍යාංශ මෙහෙයවමින් කැපී පෙනෙන සේවයක් ඉටුකර තිබීම හේතුවෙන්. දකුණු ආසියා ක්‍රීඩා උළෙල සමාලෝචන කිරීම හා 2011 ක්‍රිකට් ලෝක කුසලාන පාවාදීම් ප්‍රකාශය ගැන කටයුතු කළ ආකාරය මෙලෙස ප්‍රසංසනීය වී තිබෙනවා. රජයට එහිදී දැඩි අපවාදයක් එල්ල වීම වලක්වා ගැනීම මෙලෙස ඩලස් අලප්පෙරුම අමාත්‍යවරයා ඉදිරියේ ඇති සාධනීය කරුණු ලෙස වැඩිදුරටත් දැක්විය හැකියි. ඔහු පළමුව පැමිණෙන විට හොරකම් කළ බවට අභ්‍යන්තර පරීක්ෂණ පැවති රුවන්චන්ද්‍ර සිය ලේකම් ගෙන ආවා. එහෙත් මේ වන විට ඩලස් අලප්පෙරුම සියල්ලන් ගැන හොදින් දැනුවත්ව ඇති බවත් හොරු පන්නා ක්‍රීඩාව පිරිසිදු කිරීම සිදුකරනු ඇති බවත් සියල්ලන්ගේ බලාපොරොත්තුව වී තිබෙනවා. ඉතින් මෙවරත් ක්‍රීඩා හා අධ්‍යාපන යන අමාත්‍යාංශ දෙකම ඩලස් නමින් වෙන්වනු ඇති බවට බොහෝ දෙනෙකුගේ දැඩි විශ්වාසය වනවා.
රුපියල් ලක්ෂ 130 ක් දිරන්න ගොඩ ගහලා - ලක්ෂ 260 ක උපකරණත් අතුරුදන් - Exclusive Exposed
මේ අතර නවක නමක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය හිමිවනු ඇතැයි පැවසෙන මන්ත්‍රීවරයෙක් වන්නේ දිලුම් අමුණුගමයි. ඔහුට ඇති දේශපාලන සබදතා හේතුවෙන් මෙන්ම අලුත්ම කෙනෙක්ට ලබාදිය යුතු බවට වන මතය සමගයි එය දිලුම්ට හිමිවනු ඇතැයි පැවසෙන්නේ.
මේ සියල්ලන් අතර ප්‍රතාක යෝධයෙක් ලෙස නැගී සිටින්නේ නාමල් රාජපක්ෂයි. 2025 වන විට රටේ ප්‍රභල දේශපාලන චරිතයක් වීමට නම් මෙවර ඔහුට ඇමතිකමක් ලබාදිය යුතුම වනවා. මීට පෙර අමාත්‍යධූර දරා නැති නිසා එකවර පිලිගැනීමක් ඇති ප්‍රධාන අමාත්‍යාංශයක් ලබාදීම විපක්ෂයට මෙන්ම ආන්ඩුවේ අමාත්‍යධූර හිමි නොවූ පිරිසටද මාතෘකාවක් බවට එය පත්වෙන්නේ තලු මරමින් රහ බැලිය හැකි ලෙසයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය කැපී පෙනෙන ප්‍රධාන අමාත්‍යාංශයක් ලෙස සැලකෙන්නේ නෑ. එමෙන්ම තාරුණ්‍යට හෙටක් සංවිධාන නිසාම ක්‍රීඩා හා තරුණ කටයුතු නාමල් රාජපක්ෂට ලබාදිය හැකිවන්නේ ක්‍රීඩකයෙක් ලෙසද ලබා ඇති අත්දැකීම් නියාවෙන්මයි. මේ අනුව අවම විරෝධයක් හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශය නාමල්ට ලබාදීමේ හැකියාව පවතිනවා. එහෙත් CSN නාලිකාව යලි ආරම්භ කිරීමට පිඹුරුපත් සකසා තිබීම ඊට ඇති ප්‍රධාන බාධකය වනවා.
මැතිවරණයට මැදිවූ ක්‍රිකට් ක්‍රීඩකයෝ නන්නත්තාරයි - මෙන්න සෙට් එක - Exclusive Exposed
ක්‍රීඩා අමාත්‍යාංශයේ යනු ඉතා වැදගත් මහා ලොකු අමාත්‍යාංශයක් ලෙස අප ප්‍රකාශ කර ඇතත් එහි එතරම් වටිනාකමක් ඔබට නොපෙනනවා ඇති. අප ක්‍රීඩා පුවත් වාර්තා කිරීමේ නිරතවීම එලෙස කීමට හේතුව බව ඔබට සිතීම නිවැරදි කිරීම අප යුතුකමක් වනවා. සියලු මාධ්‍යතුල ක්‍රීඩා වෙනුවෙන් වෙනම ඉඩක් වෙන්වනවා. පත්තරයක් නම් දෙපැත්ත හැරවූ විට පේන ප්‍රධානම එහෙත් අවසන් පිටුව වෙන් වන්නේ ක්‍රීඩා සදහායි. රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රවෘත්ති අවම වශයෙන් අවසන් පුවත ක්‍රීඩායි. මේ අනුව මාධ්‍ය ලෝකයේ නිෂ්චිතව ඉඩක් වෙන්වන එකම ප්‍රධාන විශය වන්නේ ක්‍රීඩා බව ඔබ දන්නවාද ? එමෙන්ම රටේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 60 කට වඩා ඇතත් ක්‍රියාශීලි ඔලිම්පික් පවා නියෝජනය කරන ක්‍රීඩාත් 20 කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ක්‍රිකට්, පාපන්දු මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව යනු මුදල් යහමින් ගැවසෙන සංගම් වනවා. ඉතින් පත්වන ක්‍රීඩා අමාත්‍යවරයාට මේ සංගම් සමගින් ජනතාව අතරට පහසුවෙන් යාමට හැකිවන්නේ සංවර්ධන ව්‍යාපෘති හරහායි. මේ සියල්ලට අමතරව කොමිස් කුට්ටි හා රට සවාරි හිමිවන්නේද අසාමාන්‍ය ලෙසයි. මේ අනුව අතේ ගා ගන්නේ නැතුව සාක්කු පිරෙන අමාත්‍යාංශය ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශය සැලකෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය යනු අනාගත දේශපාලනය ගොඩ නැංවීමට ඉල්ලමක් ලෙස හැදින්විය හැකියි. ඒ ඉල්ලම ගොඩ දැමීමට අමාත්‍යවරුන්ට නොහැකිව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයට අරක්ගත් බහිරවයන් පිරිස නිසාවෙනුයි. කුමන අමාත්‍යවරයා කුමන රජයක් පැමිණියත් කූඩැල්ලන් ලෙස එල්ලී සිටින මේ පිරිසට ක්‍රීඩාවේ දියුණුවක් හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනැංවීමක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩකයන් හා ක්‍රීඩාවේ මුවාවෙන් රට සවාරි ගොස් සාක්කු පුරවා ගැනීමයි. මේ පිරිස පන්නා ක්‍රීඩාව ගොඩ නැංවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආන්ඩුව සතු ප්‍රධාන අභියෝගයක් වනවා. ඒ රටේ කැඩපතක් ලෙස ක්‍රීඩාව ජාත්‍යන්තරයේ පිලිගැනීමට ලක්ව තිබීම නිසාවෙනුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට නිවැරදි මාවතට ගෙනවිත් පෙරලියක් සිදු කිරීමේ දැක්ම ඇති බව පසුගිය කාලයේ දක්නට ලැබුණා. එහෙත් එය පරණ හොරු සමගින් සිදුකළ නොහැකි බව පමණක් අවසන් ලෙස ලියා තබනවා. මේ අනුව රජය හා ඔවුන්ට ලැබුණු බලය සේම අලුත්විය යුතු තැනක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය හැදින්වීමේ වරදක් නෑ. එහෙත් එය සිදුවනු ඇත්දැයි කීමට දන්නේ උඩ සිටිනා දෙවියන් පමණයි.
No comments:
Post a Comment