• Breaking News

    නාමල් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ යෝධයින් ලිලිපුට්ටන් වෙයිද ? Exclusive Video

    කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන කියමන සිංහල ජන වහරේ තිබෙනවා. එය යලි මතක් වුවත් ගමන ආරම්භ කළා පමණක් වීම නිසා එය මෙතනට ඈදා ගැනීමට ඉක්මන් විය යුතු නෑ. කෙසේ වෙතත් මල් බයිසිකල් හා ගිණිබෝලකරුවන් නම් අනර්ඝ බව සටහන් කළ යුතුයි. එහෙත් තවම පෙරහැර ආවේ නැති නිසා අපිට ඉදිරිය පිලිබද තවම කීමට හැකියාවක් නෑ. ඉතින් පෙරහැර කදිමයි කීමට Lankasportsnews අපට තවම බෑ. කොරහේ කිඹුල්ලු දකින් නැතුව මේ සූදානම ජාතික ක්‍රීඩා සභාව පිලිබද සටහනක් තැබීමටයි.


    ජාතික ක්‍රීඩා සභාවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කළ පිරිස පළමුව විමසා බැලිය යුතුයි.

    1.සභාපති - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු හමුදාපති දයා රත්නායක

    2.ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ නියෝජිතයෙක් - සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා

    3.ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල (නිල බලයෙන්)

    4.ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නියෝජිතයෙක් - අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ

    5.ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ නියෝජිතයෙක් - අධ්‍යක්ෂ සජිත් ජයලාල්

    6.අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ (ක්‍රීඩා) කර්නල් මංජුල කාරියවසම්

    7.පැරා ඔලිම්පික් සංගමයේ නියෝජිතයෙක් ලුතිනන් කර්නල් ඩී.ටී.එල්.එස්. කරවිටගේ

    8.ශ්‍රී ලංකා පොලිස් සේවයේ සක්‍රීය හෝ විශ්‍රාමික නියෝජිතයෙක් ජාතිකරහස්ඔත්තුසේවාවේහිටපුඅධ්‍යක්ෂ මොහොමඩ් හෆීස්මාර්සෝ

    9.හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි

    10.හිටපු ශ්‍රී ලංකා රගර් සභාපති අසංග සෙනෙවිරත්න

    11. නීති අංශයේ නියෝජිතයෙක් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද

    12.ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන මාධ්‍ය වේදියෙක් අශෝක ගුණතිලක

    13.ප්‍රවීණ ක්‍රීඩක ප්‍රියන්ත ඒකනායක

    14. ප්‍රවීණ ක්‍රීඩිකා හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ශ්‍රියානි කුලවංශ

    15.ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් ශාලිකා කාරියවසම්

    මෙම පිරිස ක්‍රීඩා සභාවේ සිටියාද කියා ඔබ දැන් සිතනවා ඇති. ඔව්. මෙතරම් ප්‍රසිද්ධියක් වෙනුවෙන් අඩබෙර ගැසීමක් සිදු නොවුනත් ඔවුන් එහි කටයුතු කළා. ඔවුන්ට පැවරුනේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට උපදෙස් ලබාදීමයි. ඇත්තෙන්ම එයද සිදුවූවාද නැද්ද කියා පවා කිසිවෙක් නොදැන සිටීම ඉතාම සාධාරණයි. ඒ පත්වූ දා සිට ඔවුන්ගේ හාවක් හූවක් නොවීම නිසාවෙනුයි. ජාතික ක්‍රීඩා පනතට අනුව ඔවුන්ට එලෙස හඩක් නැගීමට හෝ යමක් කිරීමට බලයක් ද ඇත්තේ නෑ.


    එවන් ඉතිහාසයක් තුල නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස  ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස  මහේල ජයවර්ධන පත්කළේ ක්‍රීඩාවේ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ නමගිය කමිටු සාමාරිකයින් 14 ක් සමගයි.

    02.  කුමාර් සංගක්කාර

    03.  ශවේන්ද්‍ර සිල්වා

    04.  රොවේනා සමරසිංහ මිය

    05.  සංජීව වික්‍රමනායක

    06.  ජූලියන් බෝලිං

    07.  යශ්වන්ත් මුත්තෙට්ටුවගම

    08.  සුපුන් වීරසිංහ

    09.  කස්තුරි විල්සන් මිය

    10.  රුවන් කෑරගල

    11.  රාජිත අම්පෙමොහොට්ටි

    12.  රොහාන් ප්‍රනාන්දු

    13.  ඩිලන්ත මාලගමුව

    14.  අමල් එදිරිසූරිය


    ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම මෙලෙස පත්වූ ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරය වනවා. පත්වීම් ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ  නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී ගරු අමාත්‍යතුමා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වන බවයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍යතුමා පෙන්වා දුන් බවයි. ජාතික ක්‍රීඩා සභාව මෙලෙස නව මුහුණුවරකින් යුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් හා නමගිය ජාත්‍යන්තරය දිනූ ක්‍රීඩකයින්ගෙන් යුක්ත එකක් වනු ඇති බව ඔබට පළමුව කිව්වේ Lankasportsnews අප පමණක් බව ඔබට මතක ඇති.

     

    ලකුණු දාගන්නන් පොරකද්දී නාමල් වැඩ අරඹයි - ක්‍රීඩාව කණපිට පෙරලෙන ලකුණු - Exclusive Exposed


    ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් බලතල ලැබුනේ කුමන පනතකින් කුමන ආකාරයට දැයි ඔබට ගැටළුවක් ඇති. එපමනක් නොව මෙම පත්කිරීමේ ගැටළු රැසක් තිබෙනවා.


    නාමල් ක්‍රීඩා ඇමතිවෙද්දී රාජ්‍ය ඇමති අතුරුදන්..! Exclusive Exposed


    ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සභාවට බලය ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීමට පමණයි. මේ අනුව මෙම කමිටුවට වැඩ කිරීම සදහා බලය හා ශක්තිය ලබාදිය යුතුයි. එසේ නොවන තාක් මෙම පත්වීම් ලබාදෙමින් කියූදේ හා නිවේදනය කළ සියල්ල තවත් වචන වලට පමණක් සීමා වූ කටින් බතල සිටුවීමක් වනු ඇති.  මෙහි ඇති නීත්‍යානුකූල නොවන පත්කිරීම් පිලිබද Lankasportsnews අප සතුව කරුණු රැසක් තිබෙනවා. මෙම තත්වය නිවැරදි නොවන්නේ නම් ඒ සියල්ල ඔබ හමුවේ තැබීමට අප සූදානම්. ඉතින් අප මේ පෙරහැර පැමිණෙන තුරු බලා සිටින බව පමණක් අවසන් වශයෙන් සටහන් කිරීමට කැමතියි.



















     

    No comments