හරීන් නවත්තපු තැනින් පටන් ගන්නැයි ICC ය නාමල්ට කියයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ලොව දූෂිතම ක්‍රිකට් රට ශ්‍රී ලංකාව බව මේ වන විට පවසා අවසන්. ඊට හේතුවූයේ මුදලට තරග පාවාදීම් පිලිබද වැඩිම පරීක්ෂණ හා දඩුවම් නියමවූ පිරිසක් කෙටි කළක් තුල ශ්‍රී ලංකාවෙන් මතුවීමයි. ඊට වැඩිම දායකත්වය ලබාදුන්නේ බුකී ව්‍යාපාර හේතුවෙන් ක්‍රිකට් තහනමට ලක්වූ හිටපු ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාලයි. ඔහුට කල් යත්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම් සදහා එක්වීමට අවස්තාව හිමිවූයේ නෑ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගේ බුකී සබැඳියාව දැන සිටීමයි. මේ අනුවයි 2019 වසර මුලදීම ඩුබායි හිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල හමුවට එවක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සමගින් ගොස් ලොබියට වී සිට පැමිණීමට හිටපු සභාපති තිලංග සුමතිපාලට සිදුවුණා. එහෙත් විදෙස් සංචාර හා බෝතලයට යටවූ ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන් කිසිදු සොයා බැලීමක් නැතුව තිලංග සුමතිපාල එම හමුවට එක්වූ ලෙස වාර්තා කළා. මේ රැස්වීම නිමවා එලියට පැමිණෙන පිරිස සමග තිලංග සුමතිපාල එලෙස ලබාගත් ජායාරූපයයි.
ශ්‍රී ලංකාවේදී දේශපාලන බලය භාවිතා කරමින් නීතියට වෙට්ටු දමා තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති පුටුව හිමිකර ගත්තා. එහෙත් බොරුවට ආයුෂ අඩු බව සනාථ කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නීති ගෙන එමින් තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයට යලි කිසිදා පැමිණීමට නොහැකි ලෙස වැට බැන්දා. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයට තිලංග සුමතිපාල එක්වූයේ වත්මන් රජය යටතේයි. ඒ ක්‍රිකට් පුරවරය ලෙස හදුන්වන මොරටුව නියෝජනය කරමින්. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ විනාශය හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට මනාප ලබා නොදීම ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරන බව පෙන්නුම් කරනවා. ජීවත් වීමට ඔක්සිජන් මොකටදැයි ඇසූවන් පවා දිනවූ එම පාක්ෂිකයන් තිලංග සුමතිපාල ප්‍රතික්ෂේප කිරීමට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ හානිය පමණක් හේතු වුණා. එවන් පරිසරයකයි තිලංග සුමතිපාල යලි ක්‍රිකට් සභාපති පුටුවට ඇස කවමින් සිටින්නේ.
ශ්‍රී ලංකාව පිලිබද පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරි ස්ටීව් රිචඩ්සන් පසුගියදා නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට සුභ පැතුවා. එහිදී ඔහු කියා සිටියේ දූෂණයෙන් තොර ක්‍රීඩාවක් වෙනුවෙන් නාමල් රාජපක්ෂ කටයුතු කරනු ඇති බවයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නතර කළ තැනින් පටන් ගන්නා ලෙසත් එහි සදහන් කර තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යලි තිලංග සුමතිපාලට රිංගා ගැනීමට ඉඩ නොදෙන ලෙසයි දැනුම් දී ඇත්තේ. එමෙන්ම මෙමගින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ශ්‍රී ලංකාව පිලිබද කෙතරම් සංවේදීද යන්නයි.
කෙසේ වෙතත් තිලංග සුමතිපාල පමණක් දොට්ට දමා ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවිය නොහැකි බව සියල්ලන් සිහි තබාගත යුතුයි. ඒ දේශීය ක්‍රිකට් තරග භාරදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න යනු දේශීය ක්‍රිකට් තරග පාවාදීම් වැරදිකරුවූ ක්‍රීඩා අමාත්‍යාංශයේ පරීක්ෂණ වාර්තාවකම සදහන් පුද්ගලයාවීම හේතුවෙනුයි. කලුතර හා පානදුර තරගය පාවාදීම ගැන මෙලෙස කරුණු අනාවරණය වුණා. යට ගසා ඇති එම පරීක්ෂණ වාර්තාව යලි එලියට ගෙන ක්‍රිකට් පිටියට හොද අනාගතයක් බිහිකරන තුරු ලොවම බලා සිටින බව සිහිපත් කළ යුතුමයි.
ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed
දකුණු ආසියා මට්ටමින් ඉහළට යාම මේ වන විට සිහිනයක් වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ක්‍රිකට් පිටියේ රජකළ තරග පාවාදීම් ඉන් ඔබ්බටත් පැමිණ තිබීමයි. ඒ පිලිබද වාර්තාවක්ද මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය සතු වනවා. මේ පිලිබද කටයුතුද කඩිනමින් සිදු කරනතුරු ක්‍රීඩාවට ලැදි සියල්ලන් බලා සිටින බව සටහන් කළ යුතුමයි.
ලංකාව පැසිපන්දු, පාපැදි හා වොලිබෝල් ජාත්‍යන්තර තරගත් පාවාදී මාට්ට - Exclusive Exposed
හිටපු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර හොරු රැලට නායකත්වය දුන් නායක හොරා මෙන් බව අප කරුණු සාක්ෂි සහිතව අනාවරණය කළා. ඔහුගේ දූෂණ, අක්‍රමිකතා සියල්ල මාධ්‍ය වසන් කරන මොහොතක ඒවා සාක්ෂි සහිතව අනාවරණය කිරීමට Lankasportsnews අප කටයුතු කිරීම හේතුවෙන් මෙවර ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තනතුර අහිමිවීමට බලපෑ ප්‍රධාන සාධකය වූ බව ඔබට මතක ඇති. ඔහු පිලිබද සිදුකර අතරමග අතහැර දැමුණු ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණය යලි ආරම්භ කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයාට අප සිහිපත් කරනවා.
Lankasportsnews හෙලිදරව්වෙන් ක්‍රීඩා ලේකම් රුවන්චන්ද්‍ර ඉවතට
කිසිවෙක් කතා නොකරන ලංකාවේ දූෂිතම ක්‍රීඩා සංගමයක් බවට මේ වන විට පාපන්දු සංගමය පත්ව තිබෙනවා. බැද්දගාන පාපන්දු ක්‍රීඩා පිටිය හා පාපන්දු නිවහන කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ජාතික පාපන්දු සංගමය ගොඩ නැංවූවා. එහෙත් පසුගිය වසර ගණනාවෙම එවන් කිසිදු වැඩසටහනක් සිදු නොකර ජාත්‍යන්තර පාපන්දු සංගමයේ මුදල් පොදියම සාක්කුවට දා ගැනීමට වත්මන් නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු සංගමයේ 210 ක් වූ පාපන්දු ක්‍රීඩා කරන රටවල් අතර අවසානයේ සිට හතරවන තැන දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ එහි 206 වන තැනට පත්වෙමින්. ඒ ඉතිහාසයේ ශ්‍රී ලංකා පාපන්දුව ලැබූ පහළම ශ්‍රේණිගත කිරීමයි. ක්‍රීඩාවට සෞභාග්‍යය උදාකරලීමට නම් වහාම පාපන්දු සංගමය පිලිබද විදිමත් විගණනයක් සමගින් පරීක්ෂණයක් සිදුකළ යුතුයි.
ජාතික ඔලිම්පික් කමිටුවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මුවාවී සල්ලි ගරන තැනක් බව අමුතුවෙන් කිව යුතු නෑ. ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීම සදහාත් වහාම මැදිහත් විය යුතුයි. ඒ ක්‍රීඩාවේ මුවාවෙන් ඔවුන් සිදුකරන වංචා තවදුරටත් සිදු නොවීම සදහාම පමණක් නොව ක්‍රීඩාවේ සෞභාග්‍යය උදාකරලීමට එය සිදු විය යුතුම නිසයි. ජාතික වූෂු සංගමයේ සිදුවන දූෂණ රැසකම තොරතුරු අප සතුයි. ඒවා ඉදිරියේදී ඔබට ගෙන ඒමට අප සූදානම්.
මෙම ලිපිය කියවන විට ඔබට සිතෙනු ඇති ක්‍රීඩා ඇමතිවරයෙක් නොව ක්‍රීඩා අමාත්‍යාංශයට අවශ්‍ය පොලිස් ප්‍රධානියෙක් බවයි. ඒ හොර ගුල සුද්ද කිරීමට එසේ නොමැතිව හැකියාවක් නැති තත්වයක් පෙන්නුම් කිරීම නිසයි. එනම් වැඩ භාරගත් දින සිට හොරු ඇල්ලීමට නාමල් රාජපක්ෂට සිදුවීම හේතුවෙන්. ඉන්න හොරු හුරතල් කරන ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් නොවන්නට මෙතරම් දූෂිත ක්‍රීඩාවක් ගොඩ නැගෙන්නේ නෑ. ඉතින් පළමුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිදුකළ යුත්තේ අමාත්‍යාංශයේ සිටින කුරුවල් වූ නිලධාරීන්ට වහාම ස්ථාන මාරු සිදුකිරීමයි. එසේ නොමැතිව කෝච්චිය අලුත් වූවාට යාමට සිදුවන්නේ පරණ පීල්ලේම බව සටහන් කළ යුතුමයි. ඒ ඊට උඩ ගෙඩි දෙන වරදාන වරප්‍රසාද වෙනුවෙන් පෑන හසුරවන වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසෙන්ද බේරී බවත් මතක් කරනු කැමතියි. එසේ නොවුනහොත් නාමල් රාජපක්ෂ බැද්දට පෑයූ හදක් මෙන් කිසිවෙකුට ප්‍රයෝජනවත් නොවන්නේ හොරු යලිත් රජවෙමින් බව අවසන් වශයෙන් ලියා තබනවා.
No comments