Friday, August 14, 2020

Lankasportsnews හෙලිදරව්වෙන් ක්‍රීඩා ලේකම් රුවන්චන්ද්‍ර ඉවතට

වරප්‍රසාද වලට යටවී ක්‍රීඩාවේ දූෂණ, අක්‍රමිකතා හෙලිදරව් කිරීමට මාධ්‍ය පැකිලෙන සමයක Lankasportsnews අප අනාවරණයන්  රැසක් පහුගිය කාලය පුරා සිදුකරනු ලැබුවා. අදුරට දොස් කියමින් නොසිට එක පහනක් හෝ දැල්වීමේ වටිනාකම මේ වන විට පැහැදිලි වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ක්‍රිකට් ආයතනය පවරා ගැනීමෙන් මතුවිය හැකි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනම අප වාර්තා කළේ ලංකාවේ පළමු හා එකම මාධ්‍ය බවට පත්වෙමින්. හැරෙන තැපෑලෙන් ඊට රජය පිලිතුරු දුන්නේ ගැසට් නිවේදනය වැරදීමකින් පළවූවක් බව කියා නිවැරදි කරමිනුයි. එලෙසම ක්‍රීඩා අමාත්‍යධූරය නාමල් රාජපක්ෂට හිමිවනු ඇති බවටත් ක්‍රීඩා හා තරුණ කටයුතු එක්ව එම අමාත්‍යාංශය නිර්මාණය වනු ඇති බවත් අප වාර්තා කළා. ඒවා එලෙසම සිදුවුනේ සියල්ලන් මවිත කරමින්. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර සිදුකර ඇති දූෂණ අක්‍රමිකතා රැසක් අප අනාවරණය කළ. ඊට පිලිතුරු දෙමින් රජය ලේකම්වරු පත් කිරීමේදී රුවන්චන්ද්‍ර දොට්ට දමා තිබෙනවා. මේ ඒ පිලිබද තිරය පිටුපස කතාවයි.


2016 වසරේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර අක්‍රමිකතා රැසක් සිදුකරනු ලැබුවා. ඒ එවක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට කොලේ වසමිනුයි. මෙම වංචා පිලිබද දැනගැනීමත් සමග දයාසිරි ජයසේකර වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රුවන්චන්ද්‍ර දොට්ට දැමීමට පියවර ගත්තා. 


රුපියල් ලක්ෂ 130 ක් දිරන්න ගොඩ ගහලා - ලක්ෂ 260 ක උපකරණත් අතුරුදන් - Exclusive Exposed


රුවන්චන්ද්‍ර සිදුකළ දූෂණ, අක්‍රමිකතා සොයාබැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය පසුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපදෙස් මතයි. එහෙත් එය ආරම්භ වූ කාලයේදීම ආන්ඩු මාරුව සිදුවුණා. අනතුරුව ක්‍රීඩා අමාත්‍ය වූ ඩලස් අලප්පෙරුමට කොකා පෙන්නා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස රුවන්චන්ද්‍ර පැමිණියේ සියල්ලන් මවිත කරමින්. මේ අනුව ඔහුගේ හොරකම් ගැන සෙවූ අමාත්‍යාංශයේ නිලධාරීන්ව වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම ලේකම් වූ රුවන්චන්ද්‍ර පියවර ගත්තා. මේ අනුව යන්තම් හොරකම් අභ්‍යන්තර පරීක්ෂණයෙන් කරුණු සාක්ෂි සහිතව අනාවරණය වීම වලක්වා ගැනීමට ඔහු සමත්වුණා. ඒ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් කියා ගන්නා බොහෝ පිරිසක් ද මුදල් හා අනාගත විදෙස් සංචාර ලබාදීමේ එකගතාවයට සාක්කුවට දමාගනිමිනුයි. මෙලෙස පෑන නිහඩ කර බලය රැකගනිමින් දිගින් දිගටම දූෂණ, අක්‍රමිකතා සිදුකිරීමේ ඔහුගේ උත්සාහයට කණකොකා හැඩලීම ආරම්භ වූයේ Lankasportsnews අප සාක්ෂි මතුකරමින් දිගින් දිගටම සිදුකළ වාර්තා කිරීම සමගයි.


ඇමති ඩලස් සමගින් හොරකමේ ගිය ලේකම් ගැන පැමිණිලි ? Exclusive Exposed


දේශපාලන වන්දනාවේ යමින් ඕනෑම දෙයක් තම තනතුර රැක ගැනීම වෙනුවෙන් සිදුකිරීමට රුවන්චන්ද්‍ර ඉදිරිපත් වුණා. තමන් කැපවීමෙන් සේවය කරන බව කියා පෑමට ඔහු අදත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයට වාර්තා කළා. එහෙත් මේ වන විට නම්කර ඇති නව කැබිනට් අමාත්‍යාංශ 26 ක් සදහා වූ ලේකම්වරු අතරට පැමිණීමට හෝ රුවන්චන්ද්‍රට හැකිව නැහැ. මේ අනුව නව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුරාධ විජේකෝන් නම්කර තිබෙනවා. මේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම ලිපියයි.




කෙසේ වෙතත් රුවන්චන්ද්‍ර අමාත්‍යාංශ ලේකම්වරයෙක් බවට පත්වීමේ සිහිනය අතහැර නැහැ. ඔහු මේ වන විටත් දේශපාලන වන්දනාවේ යමින් සිටින්නේ සියලුම තුරුම්පු අදිමින්. ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාගේ හෝ ලේකම් වී පැමිණ සිය දූෂණ, අක්‍රමිකතා තවදුරටත් වසන් කිරීමයි ඔහුගේ සැලසුම වී ඇත්තේ. එය ඉටු නොවනු ඇතැයි හෝ ඉටුකර ගත හැකිවනු ඇතැයි කීමට දැන්ම කල් වැඩිය. ඒ දේශපාලන වන්දනාවේ රුවන්චන්ද්‍ර නිරතව සිටින්නේ සල්ලි හා උපයාගත් හිතවත්කම් ඇපයට තබමින් වීම නිසාවෙනුයි.

අනාගතය උගසට තබා ලේකම් සූදු කෙලී - Exclusive Exposed - Video


18 වන ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂට සිය තනතුරේ වැඩ භාර ගැනීමට සුභ නැකත හිමිවී ඇත්තේද 18 වැනිදා වීම දෛවෝපගතයි. ඊට එතෙක් මෙතෙක් ක්‍රීඩාවේ ජය කෙහෙලි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද රැසක් ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතයි. අනාරාධිතවද තවත් පිරිසක් ඊට එක්වීමට දැන්ම සැලසුම් කර ඇත්තේ ජාතික කණ්ඩායමේ දොර විවර කර ගැනීම, නායකත්වය ලබා ගැනීම හා විදෙස් තරගාවලි නියෝජනයට පූර්ණ සහය ලබාගැනීමේ යටි අරමුණ සහිතවයි. මෙලෙස ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් මැතිවරණයට පෙර සිටම නාමල් වන්දනාවේ ගිය බව අප වාර්තා කළා ඔබට මතක ඇති. ඉතින් නිවැරදි නායකත්වක් ලබාදීමට නම් නාමල් රාජපක්ෂ මේ පිරිස හදුනා ගත යුතුම වනවා. 


ක්‍රිකට් නඩයක් පොහොට්ටු වන්දනාවේ යද්දී අපේක්ෂක ඩිල්ෂාන් කට්ටි පනී - Exclusive Exposed


දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතර මග. මේ අපේ කට වහරේ ඇති පිරුලක්. එය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඉතාම සමීප වනවා. ක්‍රීඩාවේ සාරය උරා බොන කූඩැල්ලන් පිරසක් කලක සිට නිලධාරීන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට අරක්ගෙන ඇත්තේ බහිරවයන් ලෙසයි. ක්‍රීඩාව නිවැරදි මාවතේ මෙහෙයවීමට නම් මේ පිරිස ඉවත් කළ යුතුමයි. නැත්නම් කෝච්චිය අලුත් උනත් යන්න වෙන්නේ පරණ පීල්ලෙමයි. දැන්ම එය තේරුම් නොගතහොත්  මේ පිරිස නාමල තලා රොන් ගන්නා බව වටහා ගන්නා විට බොහෝ ප්‍රමාද විය හැකියි. මෙතෙක් දිනක් කටයුතු කළ පරිදිම බෝතලයට හා විදෙස් සංචාරයන්ට යට නොවී තව දුරටත් මාවත පෙන්වීමට Lankasportsnews අප සූදානම්. දූෂණ, අක්‍රමිකතා ද කොන්දේසි විරහිතව පෙන්වන බවත් මේ සමගම සිහිපත් කළ යුතුයි. ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයෙක් ඇමති පුටුවේ සිටින විට ක්‍රීඩකයන්ට වඩා යහපත් හෙටක් නිර්මාණය වෙනුවෙන් එන්න අප අත්වැල බැද ගනිමු. එහෙත් ක්‍රීඩාවේ දූෂණ, අක්‍රමිකතා 18 වැනිදා සිට නැති ඉතාම සුන්දර තැනක් වනු ඇතැයි හෝ නැතැයි කීමට Lankasportsnews අප ඉක්මන් වන්නේ නෑ. එය කීමට දන්නේ උඩ සිටිනා දෙවියන් පමණයි.


නාමල් ක්‍රීඩා ඇමතිවෙද්දී රාජ්‍ය ඇමති අතුරුදන්..! Exclusive Exposed






No comments:

Post a Comment